(නිමල කොඩිතුවක්කු)

එල්නිනෝ ඇතුලු ආපදාවලට මුහුණ දෙන්න පූර්ව සූදානම් නව වැඩපිළිවෙළක් රටට අවශ්‍ය යැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එල්නිනෝ තත්ත්වයෙන් මේ වන විට වැව් අමුණු රාශියක් වේලි ගොස් නියගයක අනතුරු ඇගවීම් සිදු කරන නිසා මේ එල්නීනෝ අභියෝගයටරට සූදානම් කල යුතු බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ වීරවිල ශ්‍රී විවේකාරාමයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත මුල් ගල් තැබීමේ අවස්ථාව හා එක්වෙමිනි.

පවතින ආපදා කළමනාකරණ ක්‍රමවේදය අසාර්ථක බව දිට්වා තුළින් පෙන්නුම් කළ බැවින් එල්නීනෝ තත්ත්වය ගැන පරණ ආපදා ක්‍රමවේදයට හා නොහැකි බවද විපක්ෂනායකවරයා පැවසීය.