(නිමන්ති රණසිංහ)
මෝදර කාක දූපත ට ගොඩගැසූ පිරිමි මළසිරුරක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව යුද හමුදා බුද්ධි අංශ කෝප්‍රල්වරයකු සහ මට්ටක්කුලිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනියක කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මෙසේ සොයාගත් මළසිරුර සිද්ධියට අදාළ සැකකාර ග්‍රාම නිලධාරිනියගේ ස්වාමි පුරුෂයාගේ බවත්, ඔහු හතළිස් හැවිරිදි එල්ලේ ක්‍රීඩකයකු වෙන බවත් මේ වන විට පොලිසිය කරුණු අනාවරණය කරගෙන තිබේ.
මෙම සිද්ධියට අදාළව යුද හමුදා පොලිස් හේවා බළකාය මගින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකාර කෝප්‍රල්වරයා ඇතුළු වූ යුද හමුදා බුද්ධි සාමාජිකයන් හය දෙනකු පොලිසියට දී ඇති අතර යුදහමුදා සාමාජිකයින් පස් දෙනෙකුගෙන් මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බව පොලීසිය පවසයි.
මෙම සිද්ධියට අදාළ සැකකාර ග්‍රාම නිලධාරිනිය සහ යුධ හමුදා කෝප්‍රල්වරයා ඊයේ (13) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින හතක් රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා පොලීසියට අවසර ලබාගෙන ඇත.
වයස අවුරුදු හතළිහක පමණ පිරිමි පුද්ගලයෙකු ගේ මළ සිරුරක් මෝදර කාක දූපත ට ගොඩ ගසා තිබුණේ ඉකුත් අගෝස්තු මස 20 වැනිදාය. එම මළ සිරුර සම්බන්ධයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අදාල ස්ථානීය පරීක්ෂණය සිදු කිරීම සඳහා එම ස්ථානයට ගොස් තිබුණාය.
කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නලින් ශ්‍රියන්ත මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් පරීක්ෂණ මෙහෙයවති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් එක් අනියම් පෙමක් එසේ නිමාවට පත්විය. කරන කලට පව් මිහිරිය මී සේ..... විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ....
පුදුම ඛේදවාචක තමයි අසන්න ලැබෙන්නේ.
මේ වගේ දේවල් ඉස්සරත් වුනා. නමුත් දැන් වගේ මාධ්‍ය තිබුනේ නැති නිසා ලෝකේ දැනගත්තේ නැහැ
හමුදා බුද්ධි අංශ වැඩ කරන්නේ බැඳපු ගෑනු එක්ක ඉඳගෙන, ඒ ගෑනු කසාද බැඳපු පිරිමි මරලා, ගඟේ මුහුදේ දාන්නද? හමුදා පාලනයක් ආවොත් හොඳට හිටී...
සමහර ගැහැනුන්ට අවුරුදු ගානක් කන්න බොන්න දීපු සැමියා අමතක වෙනවා කොහේ හරි යන කෙනෙක්ගේ ඇසුරක් ලැබුනම.