(නිමන්ති රණසිංහ)
තොටළඟ ‘අරුණ’ එල්ලේ ක්‍රීඩා කණ්ඩායමේ නායකයා මරා දැමීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් යුද හමුදා ගැමුණු හේවා බලකායේ මෝදර කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් අනූජ සමන්ත තිලකරත්න හෙට (01) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. ජේ. ප්‍රභාකරන් මහතා නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව ඊයේ (29) කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් විණී.
මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එල්ලේ ක්‍රීඩකයාගේ බිරිඳ වන ග්‍රාමනිලධාරිනිය, යුද හමුදා කෝප්‍රල්වරයා ඇතු`ථ යුද හමුදා සාමාජිකයන් 14 දෙනකු ද අද (30) අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර, ඔවුන් ද හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
මෙම සිද්ධියේ මරණයට පත්ව ඇත්තේ තොටළඟ ‘අරුණ’ එල්ලේ ක්‍රීඩා කණ්ඩායමේ නායකයා වන පිංචාදේවගේ අකිල සම්පත් රත්නසිරි නමැති 37 හැවිරිදි තිදරු පියෙකි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.