
(අංජුල මහික වීරරත්න)
එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ඇති විය හැකි ජල, විදුලි සහ ආහාර අර්බුද කළමනාකරණය කිරීම පිණිස කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ වාර්ෂික සැලසුම සකස් කිරීම, සියලුම රාජ්‍ය ආයතන අතර ඒකාබද්ධ මෙහෙයුම් සහතික කිරීම සහ මහජනතාව දැනුම්වත් කරමින් ආපදා අවදානම අවම කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා අමාත්‍යවරුන්ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. *(වෛද්‍ය) දම්මික පටබැඳි මැතිතුමා, පරිසර අමාත්‍ය - (සභාපති). කේ.ඩී. ලාල් කාන්ත- කෘෂිකර්ම, පශු -සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය. සමන්ත විද්‍යාරත්න මැතිතුමා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය. *අනුර කරුණාතිලක -වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය; සහ බලශක්ති අමාත්‍ය. * වසන්ත සමරසිංහ *වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිත්තා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය. * (වෛද්‍ය) සුසිල් රණසිංහ මැතිතුමා, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය එම කමිටු සාමාජිකයෝ වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd