
(සුජිත් හේවාජුලිගේ)
බොරු සාක්ෂි හදලා අපිව හිරේ දාන්න ගියාට සාර්ථක වෙන්නෙ නැතැයි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය .
ඔහු මෙසේ පැවසුවේ පැල්මඩුල්ල බෝපිටිය ප්‍රදේශයේ ජන හමුවකදීය.
නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය
“ජනාධිපතිතුමා ලෝකෙ වටේ සවාරි ගිහිල්ලා ඇවිල්ලා හරියන්නෙ නෑ. රට යන එක හොඳයි, ඒකෙ ප්‍රශ්නයක් නෑ, රාජ්‍ය නායකයා රට නියෝජනය කරමින් ජාත්‍යන්තර සමුළුවලට යන්න ඕනෙ.
අපි ඔවුන් හිටපු මානසිකත්වයේ නෑ. හැබැයි ජාත්‍යන්තර සමුළුවකට යනකොට, ඒ රාජ්‍ය නායකයො මුණගැහෙනකොට ඒවායින් අපිට ලැබෙන ප්‍රතිඵල ගැනත් කියන්න ඕනෙ. හොරාට ගිවිසුම් අත්සන් කරලා කඩේ වහලා ඉන්න එපා.
.දැන් සමහර රටවල් එක්ක ආණ්ඩුව හොර ගිවිසුම් අත්සන් කරලා තියෙනවා කියලා ආණ්ඩුවෙන්ම කියලා තියෙනවා ගිවිසුම දෙන්න බෑ කියලා. දෙන්න බැරිනම් ඒකෙ හංගන්න දෙයක් තියෙනවානෙ ? ඇයි කොලේ වහලා දේශපාලනය කරන්නෙ? දැන් මේ ආණ්ඩුවට වැඩ බැරිවෙනකොට ආණ්ඩුව උත්සාහ කරනවා
අපේ කටවල් වහන්න, හිරගෙවල් පෙන්වන්න, ජීවිතේ නැතිකරන්න. ඒවාට බයේ දේශපාලනය කරන්නෙ නැහැ අපි. බොරු සාක්ෂි හදලා අපිව හිරගෙවල්වල දාන්න උත්සාහ කළත් ඒක සාර්ථක වෙන්නෙ නෑ.
මොකද අපි දන්නවා හෘදසාක්ෂියට එකඟව අපි වැරැද්දක් කරලා නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට අභියෝග කරනවා අපක්ෂපාතීව පරීක්ෂණ කරන්න, අනවශ්‍ය ඇඟිලි ගැසිලි නවත්වන්න, දේශපාලනීකරණය නවත්වන්න. මේ ආයනවල ව්‍යුහගන්ගේ ගෞරවය, නිලධාරීන්ගේ ගෞරවය කෙළසන්න එපා.
මොකද ආණ්ඩුව රෑට නින්දට යනකොට හීනයක් දකිනවා, ඒ හීනෙ දකින කෙනා බලලා පහුවදා නඩුවක් හදනවා. වැඩිපුරම හීනෙන් පේන්නෙ මාවයි තාත්තාවයි. ඒකයි ප්‍රශ්නෙ. අනේ මංදා ඇයි කියලා”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාට හීනෙන් හිර ගෙවල් වල කූරු වගේ දේවල් පේනවද
හිටපු ත්‍රස්තවාදියෝ බයයි ත්‍රස්තවාදීන් විනාශ කරපු නායකයන්ට. මහින්ද ජනාධිපතිතුමා, රනිල් ජනාධිපතිතුමා පස්සෙන් එළවන්නේ එකයි.
උඹලාට තාජුදීන්ලාව, එක්නැලිගොඩලව , ලසන්ත වික්‍රමතුංගලාව වගේ අනිකුත් එකී නොකී මෙකී අයව දැන් දවල්ටත් හීනෙන් දකින්න අරන් බව හැමෝටම පැහැදිලියි.
කොහොමද දන්නේ සාක්ෂි බොරුද කියලා ?
ඔක්කෝම එකට හිටපු කට්ටියනේ, ඒකයි හීනෙන් පේන්නෙ.
හිනෙන් තාජුඩීන්ව පෙනෙනවා නම්, ඒක සොහොන් ලකුණක් !
ඔයාලගේ ආණ්ඩු කාලෙත් එහෙම කලාද ?
රාජපක්ෂලා ට දඩුවම් දෙන්න බැරිනම් මේ ආන්ඩුවත් වැඩක් නෑ..
හීනෙන් පේනවා උඹලා හත්මුතු පවුලම කටු ඉඹුලේ එල්ලිලා වතුර ඉල්ලනවා…..
බලලෝලි බඩගෝස්තරවාදි දූෂිත පවුල් පාලනේ උදවියගේ කෙරුවාවල් ගැන ලෝකෙම දන්නවා. සුදනා වෙන්ඩ හැදුවට වැඩක් නැහැ.
පෝලිමට සමූපකාර ඡන්ද පරාද වෙනකොට ජෙප්පන්ටයි ඩෝබිලාටයි සොහොන් ලකුණු පෙනිලා. ඒකයි මෙච්චර දඟලන්නේ. මෙතන වෛරී කමෙන්ට් දැම්ම කියලා ආණ්ඩුවේ ඉරණම වළක්වන්න බෑ. කියවන අයට ආතල් එකක් ලැබෙනවා. එච්චරයි.
හොර පෙරකදෝරුවා හිතාගෙන ඉන්නේ අපි මැරිලා ඉපදුනා කියලා .සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනිමෝරු කරවපු හැටි ලෝකෙම දන්නවා. රටේ යුක්තිය නීතිය සාධාරණය විනාශ කෙරුවා මදිවට අධිකරණය පවා දේශපාලණීකරණය කෙරුවා. දූෂිතම පවුල් පාලන ආණ්ඩුවක් ගෙනගිය උන් , මහාපරිමාණ හොරකම් වංචා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කරපු හැටි අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ .ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ධ කරපු රීර්‍ර් මාංශ හූරගෙන කාපු තමුන්ලා වගේ අය හිනෙන් තියා හැබැහින් දකින්ඩවත් සුදුසු අය නෙවෙයි..
දේශපාලඥයා කියන හැම එකාම නෙවෙයි බහුතරයක් මේ වගේ මිනිස්සුන්වවප්‍රසිද්ධියේ අන්දන අපරාධ කරන හොරා කන දූෂිතයො සෙට් එකක්. මිනිස්සු ගැන හිතන්නේ නෑ තමන්ගෙ සුබ සිද්ධිය ගැන විතරයි හිතන්නේ. ලංකාවෙ මේක ඉතා ඉහලවැටුප් ලබන්න පුලුවන් ව්‍යාපාරයක්. උන්ම අණපනත් ගෙනල්ල සම්මත කරගෙන උන්ට ඕන විදිහට රට පාලනය කරනවා. රට ගැන හිතන දේශපාලනයක් නැතුව කවදාඅවත් මේ රට හොඳ තැනකට ගන්න වෙන්නෙ නෑ. ලොකු චිත්‍රයක් මවනවා මාධ්‍යය යොදාගෙන. ඒ උනාට මෙතන අත යටින් යන මරිසි වැඩයි රටට කෙලවෙලා තියන කෙලවිල්ලයි හිතා ගන්න බැරිතරම්. නිදානයක් උඩ ඉඳගෙන හිඟා කන ජාතියක් අපි. මිනිස්සු කාලෙන් කාලෙට එන ප්‍රශ්න වලට මූන දීලා හුරු වෙලා තවත් දිගටම.හුරු වෙලා ඉන්නවා. ඉස්සරහට තමන්ගැනම විතරක් හිතන ශ්‍රීලාංකිකයො පිරිසක් බිහිවෙයි. ශ්‍රීලාංකිකයො හැටියට ප්‍රසිද්ධ උන අපේ සිරිත් විරිත් ගුණධර්ම පවා නැති වෙලා විනාශවෙලා යයි. මෙයාලා ගහපු මරිසි මුළු පවුලම එකතුවෙලා මිනිස්සුන්ව අන්දපු තවත් නඩයක් මේ පස්ස කොට්ඨාසය. හොරකමට අපරාධයට වංචාවට ලැජ්ජාවක් නැති එවුන්. එහෙව් උන් මිනිස්සුන්ව පුදුම විදිහකට රවට්ටගෙන කෑදර කමෙන් පාලන බලය අරගෙන විනාශයක් කරා. එහෙව් පුතෙක්ට .
මෙහෙව් රටේ උන් හිතාගෙන ඉන්නෙ මේක උන්ගේ දේපළක් කියල. මුන් හැතිකරේම ලංකාවේ මිනිස්සුන්ගෙන් ප්‍රතික්ශේප වෙලා අවසන්. අර කතාවකින් තියනවනෙ සිංහලයට සතියයි මතක කියල. ඒක නම අමතක වෙච්ච එවුන් පිරිසක් මුන් කරන හානියට උර දීගෙන මුන් පස්සෙ අරක්කු කාලට බත් පැකට් එකට සල්ලි බාගෙට තාම මුන් පස්සෙ වැටිල ඉන්නවා.