(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
එයාර් බස් හතරක් මිලට ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ රජය විසින් අත්සන් කර තිබූ ගිවිසුම වත්මන් රජය මගින් අවලංගු කිරීම හේතුවෙන් රුපියල් කෝටි 1706 ක පාඩුවක් සිදුව ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) විසින් පාර්ලිමේන්තුවට අද (21) ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ.
2020/2021 වසරවල ලැබීමට නියමිත තවත් එයාර් බස් හතරක ගිවිසුම් අවලංගු කර ඇති බව හා එයිනුත් මෙවැනිම පාඩුවක් විය හැකි බව එහි දැක්වේ.
මෙම වාර්තාව කෝප් කමිටුවේ සභාපති මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහබැංකුව කඩපු අපේ ආර්ථික ඔස්තාර්ලාට ඕකත් වැඩක්ද? හැබැයි මහත්තයෝ... අහිංසක රටවැසියන්ගේ සල්ලි ඔහොම නාස්ති කරලා ඔබතුමන්ලා අන්තිමට කොහෙන් නතරවෙයිද දන්නේ නැහැ. මම කිව්වේ ඊළඟ ආත්මේ ගැන...
දේශපාලකයින්ට මෙවැනි දේවලින් වෙන පාඩු කියා දෙන්න කෙනෙක් අද නැහැ. රජයේ නිලධාරීන් තමන්ට වාසි නම් ඕනෑම වරදකට ඉඩදීලා ඉන්නවා. මතක නේද හෙජින් ගිවිසුම? අන්තිමට පාඩුව කාටද?
අයියෝ.. එතකොට ඒ ප්ලෑනේ ගෙන්වන්නේ නැතිද? මම මේ බලන් ඉන්නේ අලුත් එකක නැගලා මත්තලටවත් ගිහින් එන්න. ඒකත් ඉවරයි.
මේ ගිවිසුම් අහෝසි නොකළානම් රටට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියා කරුණාකරලා ඔය කෝප් කමිටුවෙන්ම සොයාබලා කියනවද?
අයියෝ ඕක මොකද්ද? මොකද අපි අතේ සතේ නැති හිඟන්නන් රංචුවක් කියලා හිතුවද?
මේ ගිවිසුම අවලංගු කරපු හේතුව දන්නවද? නැහැනේ... ඒකයි ඕගොල්ලෝ මේ වගේ අදහස් දාන්නේ. මේ එයාර් බස් අවලංගු කලේ නැත්නම් අද මේ ගුවන් සේවය වහන්න වෙනවා. මේකට වග කියන්න ඕනේ MR ගේ මස්සිනා වන ගුවන් සේවයේ හිටපු සභාපතියි.
රටට ක්ලීන් මහත්තුරු වගේ හිටියට පෙනේද මහජන මුදල් සමග සෙල්ලම් කරන හැටි...?
ඇයි ඒ ඕඩරේ දෙනකොටම අරගත්තු කොමිස් කුට්ටිය භාණ්ඩාගාරයෙන් ආපසු ගෙවන්න වුණාම වෙන පාඩුව. මොකද කොමිස් ගත්තු එකාලා එව්වා ආපසු දෙන්නේ නැහැනේ...
මේ දෙගොල්ලොම එලවලා දාන්න කාලෙ හරිබව මේකෙන් තේරුම්ගන්න පිංවත්නි..
ඒවා ගත්තා නම් එකක් අ.ඩො.මිලියන 265. මුලු වියදම රු. බිලියන 650 හෝ කෝටි 65,000.00.
කොමිස් එකේ පාඩුවද සහෝදරවරුන්ට නැතිවුනේ?
ඔයිට වැඩිය පාඩු කරලා තිබෙන සාටක පවුලේ අර උදයංග කියන පුද්ගලයා රතු වරෙන්තු පිට විදේශයක සැඟවිලා ඉන්නේ. ඒවා මේ වහලුන්ට අමතකද? යානා නොගෙන සිටීමට වඩා තිබුණු තිබුණු යානාවලින් ගසා කාලා කර තිබෙන පාඩුව දරුණු නැද්ද?
බස් නිසා අපි කම්බස්...
මෙහි අදහස් පළ කොට ඇති බොහෝ දෙනෙක් සිංහයින් ලෙස සිතාගෙන සිටියත් ඔවුන් හිවලුන් බව තමයි මා හට නම් හැඟෙන්නේ.
අනේ ඔය සාටක පව්ලේ සේරම හොරු නැහැ.. අනේ අර බැසිල් මහත්තයා..!!! තමුන්ගේ රට දාලා මෙහෙ ඇවිත් ඔය සාටකේ දාගෙන වැඩ කරන්නේ.. පැරදුණාම ඉතින් ඔය සාටක දාලා හොරෙන්ම පැනලා යන එක ඇත්ත..!!! දුකේ බැහා දකිනකොට ... අපි ඉතින් වහල්ලු නොවැ අායුබෝවන්..!!!
අපරාදෙනේ.. මහින්ද මහත්තයා සංචාරය කරපු උගන්ඩාවේ, ස්වාසිලන්තයේ, ඉතියෝපියාවේ වගේ රටවලින් දහස් ගණන් ඉලඇට පෑදුණු, පිට කොන්දේ ඇලුණු "සංචාරකයන්" ශ්‍රී ලංකාවේ සංචාරක සංවර්ධනය වෙනුවෙන් අද්දවා ගැනීම සඳහා විශේෂයෙන්ම ඇනවුම් කරපු එයාර් බස් 4 එයාර් බස් 4 (ඔක්කොම 8ක්!), 2015 ජනවාරි අටවැනිදා විප්ලවයෙන් බලයට ආපු යහපාලන රජය විසින් අවලංගු කිරීම හරිම අසාධාරණයක් නොවේද? ඒ රටවල ජනතාවට ශ්‍රී ලංකාවේ අසිරිය විඳගන්න බැරි වුණා මෙන්ම, ඔවුන්ගෙන් උපයාගත හැකිව තිබුණු විදේශ විනිමයත් රටට අහිමිවීම ගැන මහින්ද මහත්තය බොහොම කණගාටු වෙනවා!!!
සමහරු අපේ රට විනාශ කර ඇත . සමහරු රටට වැඩ කර තමනුත් හම්බ කරගෙන ඇත. අවලංගු කිරීමෙන් හම්බකරන ක්‍රමය ඔවුන් දැන සිට නැත.