(නිමල කොඩිතුවක්කු)
රටට හානිකරයි, රට දෙකඩ වෙනවා, රට ඇමරිකාවේ කොලනියනක් වන බව පැවසූ එම්. සී සී ගිවිසුම එක්වරම රටට හිතකර වුයේ කෙසේදැයි විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පිරිස රටට හෙළි කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා මෙසේද කීය.
‘‘එම්. සී සී ගිවිසුම රටට හානිකරයි, රට දෙකඩ වෙනවා, රට ඇමරිකාවේ කොලනියනක් වෙනවා කියලා ශ්‍රී ලංකා පොදුජන විපක්ෂය බෙරිහන් දුන්නා. ඔවුන් පුන පුනා කිව්වේ ඔවුන් රටට එරෙහි කිසිදු ගිවිසුමක් අත්සන් කරන්නේ නැහැ. එවැනි ගිවිසුම් තියෙනවා නම් ඒවත් අහෝසි කරනවා කිව්වා.
නමුත් හාස්‍යයට කරුණ තමයි එම්. සී සී ගිවිසුම කියන්නේ යක්ෂයෙක් කොටියෙක් නෙමෙයි මේකෙන් රටට වෙන හානියක් නැහැ කියලා ඒ දේශපාලඥයන්ම මේ වනවිට නැවත වතාවක් මේ රටේ ජනතාවට කියනවා.
අපි විමල් වීරවංශලාට, ගම්මන්පිලලාට කියනවා එක පාරටම එම්. සී සී ගිවිසුම හොඳ වුණේ ඇයි කියලා රටට පැහැදිලි කරන්න කියලා. ලංකාව සිතියමක ඇදලා රට බෙදනවා, වැටවල් ගහනවා, වීසා ගන්න ඕන කියලා කියපු අය දැන් මේ ගිවිසුම හොඳයි කියන්නේ කියලා දැන් රටට මේ අය පැහැදිලි කළ යුතුයි’’ යැයිද ඔහු එහිදී පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තත්වය මතක් කරන්නැතුම ඉන්නවද ?
ඡන්දෙ කාලේ කියන දේවල් කවුද ගණන් ගන්නේ. අලි දෙන්නන් කොටි දෙන්නන් කියල දෙගොල්ලොම කිව්වනේ ඉතින්. අර වෛද්‍ය සංගමයේ අයයි උපකාර පන්ති කට්ටියයි ස්වාමින් වහන්සේලායි කියපු දේවල් දැන් වමාරයිද කියලයි මම මේ බලාගෙන ඉන්නේ.
රටේ ජනතාවට නම් ඔය ගැන කරුණු කියන්න කවුරුත් වුවමනා වෙන්නේ නැහැ. කිව්වාට තේරුම් යන්නේ නැහැ. අවුරුදු 71ම තණකොළනේ කෑවේ...
දේශපාලකයන් මොනවා කිව්වත් පාදෙනිය මහත්තයා ප්රමුඛ GMOA එක ඕක කරන්න දෙන්නේ නෑ.
ඔය කියන විමල් උන්නැහේ.., ගම්මන්පිළ උන්නැහේ හැමදාම කඩේ ගියේ කාගෙහරි කීමටනේ... උන්නැහේලා දන්නවද දන්නේ නැහැ මොනවද මේ ගිවිසුම් කියලා...හොඳම දේ තමයි හැම ගිවිසුමක්ම පාර්ලිමේන්තුවේ 225ටම මනාව අවබෝධ කරලා දීලා පටන් ගන්න එක. එතකොට කාටවත් අඩුපාඩු කියන්න බැහැනේ...
හීනෙන් බයවෙලාද? කව්ද කිව්වේ එ්ක හොඳයි කියලා...
කන්න ඕනේ කොට කබරයත් තලගොයා වෙනවනේ...
අනාගතය කරා මෙරට ගෙනියන්න අවශ්‍ය වන්නේ දේශපාලුවන් නොව හොඳ දේශපාලකයින් බව මතක තියාගෙන කවුරු කවුරුත් වැඩ කළොත් තමයි හොඳ. කොහොමත් ජනතාව ගොනාට අන්දවන්න බැරි බව ජනතාව විසින්ම සාමකාමීව තේරුම්කරදී හමාරයි. ඉදිරියේදී මීට වඩා දරුණු විදියට හා බොහොම සාමකාමී ලෙස ජනතාව විසින් තීන්දු තීරණ ගන්නා බව පමණක් කිව හැකිය. අවශ්‍ය නම් පමණක් වික්ටර් රත්නායක මහතාගේ ගීතයක් වන "රත්තරන් කෙන්ඩියෙ සිංහ තෙල් වගේ මිනිස්ගුණේ සැමදා පවතී... //." කියන ගීය දවසට දෙතුන්පාරක්වත් ඇහැව්වොත් දේශපාලුවන්ට නම් යහපත් වේ.
මේ මහත්තයා ගිවිසුම අත්සන් කරලා නෑ. අත්සන් කරනවා කියලා කවුරුත් කියලා නෑ. හැබැයි ඔයාලගේ ලොක්කන් ඕක දැනට මාසෙකට කලින් අත්සන් කරන්න දිනේ දාලා තිබුණා. ඒ වෙලාවේ ඔයා ඕක ඉතා හොඳයි කියලා කිව්වා. හැබැයි ජනතාව ඒක පිළිගත්තේ නෑ. දැනුත් ජනතාව ඉන්නේ ඒ මතයේමයි...
මේ කට්ටිය ඒ කාලේ පෝට් සිටි ව්‍යාපෘතිය ගැන කිව්වෙත් ඔය විදියටම නේද?
MCC ගිවිසුම තුළ ව්‍යාපෘති දෙකක් තියෙනවා. ප්‍රවාහන ව්‍යාපෘතිය සහ ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය. වැඩි මුදලක් වෙන් වන්නේ ප්‍රවාහන ව්‍යාපෘතියට. එනම් 70%ක මුදලක් වෙන් වන්නේ ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහායි. 30% අඩු මුදලක් තමයි ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා වෙන්වන්නේ... ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහා අපේ කිසිඳු විරෝධතාවක් නැහැ. ඇමරිකාවෙන් එන හැමදෙයටම විරුද්ධවන කුහකකමක් හෝ මෝඩකමක් නැහැ. රටට හානියක් වන දේට විතරයි අප විරුද්ධ වෙන්නේ. ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. එදා විපක්ෂයේ සිටි ස්ථාවරයේමයි අප අදත් සිටින්නේ. අපි ඉල්ලුවා ප්‍රවාහන ව්‍යාපෘතිය විතරක් කරමු කියලා. නමුත් ඇමරිකාව කියනවා කරනවා නම් දෙකම කරමු එකක් විතරක් කරන්න අපට බැහැ කියලා. ඒකෙන්ම පේනවා ඇමරිකාව ප්‍රවාහන ව්‍යාපෘතියටත් සල්ලි දෙන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය කර ගැනීමේ යටි අරමුණින් කියන එක. ඇමෙරිකාව යෝජනා කරන ආකාරයේ සමස්තය කරන්න අප සූදානම් නැහැ. නමුත් ප්‍රවාහන ව්‍යාපෘතිය පමණක් කරන්න අපේ කිසිම විරෝධයකුත් නැහැ. ඒ අය දෙකම ඕනේ කියනවා නම් අප කියන්නේ මොකුත් එපා කියලයි. එය තමයි අපේ ස්ථාවරය. ඔහොමයි කිව්වේ...
ඔය මොනවා කිව්වත්, කියන දේ මොනවද කියලා ඒ කියන අය දන්නෙත් නෑ. අහන අය දන්නෙත් නෑ. තමන්ගේ කට්ටිය විපක්ෂයි කියලා යමක් කිව්වහම හුරේ දාන වහල්ලු කණ්ඩායමම අපි දැන් ඒකට පක්ෂයි කිව්වහම ඒකටත් හුරේදානවා. මොකකට හුරේ දැම්මද කියන්න කවුරුවත් දන්නෙත් නෑ. හුරේ දැමිල්ලට භංග වේවා කිව්වත්, ජයවේවා කිව්වත් වෙනසක් නෑ.. වැදගත් වන්නේ හුරේ දැමීම මිසක් කාරණය නොවේ. ඒක අපේ දේශපාලන සංස්කෘතියේ කොටසක්...
අපේ රටේ දේශපාලකයන් ගැන කතාකරලා වැඩක් නැහැ. මේ අයගෙන් පැවතෙන අයගෙන් රටට මොනවා වෙයිද කියලා.., හැම එකම කරන්නේ දුප්පත් මෝඩ මිනිස්සු රවට්ටලා රජවෙලා නොමිනිසුන්ට හිනාවෙන එක...