සහශ්රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC) හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය සඳහා පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීම ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (17) පස්වරුවේ සිදුකෙරිණි.
කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි 2019 දෙසැම්බර් මස 18 වැනිදා මෙම සිව් පුද්ගල විද්වත් කමිටුව පත් කෙරිණි.
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ඩී.එස්. ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර යන මහත්වරු එහි සෙසු සාමාජිකයෝ වෙති.
එම කමිටුව විසින් මෙම ගිවිසුම සම්බන්ධයෙන් ස්වාධීන වෘත්තීමය විශ්ලේෂණයක් සිදුකෙරෙන අතර ඔවුහු විවිධ පැතිකඩ ඔස්සේ මෙම විශ්ලේෂණය සිදු කරමින් පවතින බව ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ලිපිලේඛන විමර්ෂණය, විවිධ පාර්ශ්ව, කණ්ඩායම් සහ පුද්ගලයන් සමග සාකච්ඡා සහ සම්මන්ත්රණවල යෙදෙමින් මෙම ගිවිසුම පිළිබඳ තොරතුරු රැස් කිරීමට කමිටුව ක්‍රියා කරන අතර සහශ්රක අභියෝගතා සමායතනය පිළිබඳ පූර්ණ වාර්තාවක් ඔවුන් විසින් මාස 04ක් ඇතුළත භාරදීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නැති වැල් බයිලා කියවලා හොරෙන් ම අත්සන් කරයි ...
ගෝඨාභය මහත්තයා ජනාධිපති වුනාම එම්.සී.සී ඉරලා දානවා කිව්ව දේශප්‍රේමියෝ දැන් මොකද කියන්නේ?
දැන් කවුද දිනුම් ?
ලිපිලේඛන විමර්ෂණය, විවිධ පාර්ශ්ව, කණ්ඩායම් සහ පුද්ගලයන් සමග සාකච්ඡා සහ සම්මන්ත්රණවල යෙදෙමින් මෙම ගිවිසුම පිළිබඳ තොරතුරු රැස් කිරීමට කමිටුව ක්‍රියා කරන අතර ජනතාවගේ දැනගැනීම පිණිස පසුගිය මැතිවරණ වේදිකාවල සහ අන්තර්ජාලයේ විශ්ලාෂණ ඉදිරිපත්කළ විමල්, ගමන්පිල, ජ වී පෙ , පළකරන්නේ නම් හොදයි