(නිමල කොඩිතුවක්කු)
ශ්‍රීලංකාවේ පවත්නා කොරෝනා අවදානම් තත්ත්වය පිළිබඳව සැලකිල්ලට ගනිමින් මෙරට ජනතාවට අවශ්‍ය එන්නත් ලබා ලබාදීමට සහයෝගය ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විදේශීය තානාපතිවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විදෙස් තානාපතිවරුන් දුරකථනයෙන් අමතා මෙම ඉල්ලීම සිදු කර ඇති බව විපක්ෂනායක කාර්යාලය සඳහන් කරයි.
මෙරට සිදුකරන සිදුකරන පී. සී. ආර් පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීම සඳහා අවශ්‍ය පී. සී. ආර් යන්ත්‍ර ඇතුළු සෞඛ්‍යමය උපකරණ ලබාගැනීමට ජාත්‍යන්තර වශයෙන් සහය ලබා දෙන ලෙසද විපක්ෂ නායකවරයා ඉල්ලීමක් කර ඇත. මෙම ඉල්ලීම් වලට විදේශීය තානාපතිවරුන් ගෙන් වඩාත් සුබදායි ප්‍රතිචාර ලැබී ඇති බවත් විපක්ෂනායක කාර්යාලය සඳහන් කරයි.
මේ ව්‍යසනකාරී අවස්ථාවේ පක්ෂ භේද අමතක කොට එකාවන්ව කටයුතු කර ජන ජීවිත ආරක්ෂා කිරීමට හැකි සෑම පියවරක් ගන්නා බවත් ඒ වෙනුවෙන් ඕනෑම සහයෝගයක් ලබාදෙන බවත් විපක්ෂ නායක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියන් " ස්පුට්නික්" එන්නත ජරාවක් කියල මේ මහත්තුරු විවේචනය කලේ නැත්නම් දැන් ඉන්දියාවට බාරදීල තියෙන එම එන්නත නිෂ්පාදනය කරන වැඩේ ලංකාවට ගන්න ඉඩ තිබුනා. කොහෙද ඉතින් රටට පෙර බඩ නේ.
සජිත් ඉල්ලුවට වැඩක් නැහැ.
සිරි මහතා, කන්න අවශ්‍ය විට කබරගොයත් තලගොයා කරගන්න එපා.
සජිත්, බොරදියේ මාලු කොරහට අල්ලාගෙන ලකුණු දාගන්න නේද මේ තටමන්නේ..? කමක් නැහැ ඕනෑම විෂයක් පිලිබදව හසල දැනුමක් තිබෙන අපේ රටේ එකම හාදයානේ මෙයා ..
මෙයා මොනවා කරනවද මන්දා.?