(අජන්ත කුමාර අගලකඩ)
තවත් ෆයිසර් එන්නත් මාත්‍රා එක්කෝටි හතළිස් ලක්ෂයක් සහ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ අනුවක් කඩිනමින් ආනයනය කිරිමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත .
අවුරුදු 18ට වැඩි සියලු දෙනාට ලබන මස තිස් වැනිදාට පෙර එන්නත් ලබා දී අවසන් කිරීමට රජය සැලසුම් කර ඇති අතර ,එම අවශ්‍යතාව සපුරාලීම සඳහා මෙම එන්නත් තොගය ආනයනය කෙරේ .
දැනට 1,12, 61,065 දෙනෙකුට කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති අතර, එන්නත් දෙකම ලබා දී ඇති පිරිස 32,49,670කි.
මෙරටට විවිධ මාර්ගවලින් දැනට ලැබී ඇති එන්නත් ප්‍රමාණය 1,94,90,630ක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුත්තලම පැත්තේ ප්‍රසිද්ධ සමහර ඇමතිවරු ගස් කපන්නයි, පස් කපන්නයි වඳවෙන තරම් තරමින් ජනතාවට සෑහෙන සේ එන්නත් ලබා දෙන්න වඳවෙන්නේ නැතිලු. මේ දිස්ත්‍රික්කයේ රෝහල්වලත් කොරෝනා නිසා ඉඩ මදිවෙලා. කරුණාකර අතරින් පතර එන්නත් වෙනුවට විධිමත් එන්නත් කරණ ක්‍රමවේදයක් මේ දිස්ත්‍රික්කයටත් ලබාදෙන්න...
දෙවෙනි මාත්‍රව අඩු වේගයකින් යන්නේ ඇයි?
මගේ මතකය නිවැරදිනම් දැන් වැක්සින් කෝටි කීයක්නම් ගෙනාවාද .ලංකාවේ මුළු ජන ගහණය 2 කෝටියයි .මොකටද ඔය තරම් වැක්සින් ?කන්නද ?දේශීය දේශීය කියාගෙන බලයට එන්නේ. තවම බැරි වුනා සුද්දාගේ කාලේ තහනම් කරපුවා නිදහස් කර ගන්න ,හැබැයි පෙබරවාරි 2 මහා ලොකුවට නිදහස සමරනවා ,ස්තුතියි