(සුජිත් හේවාජුලිගේ )
පූර්ණ එන්නත්කරණයට ලක්වී නොමැති පුද්ගලයන්ට පොදු ප්‍රවාහන සේවා ඇතුළු පොදු ස්ථානවලට ඇතුළුවීම අප්‍රේල් 30 සිට වළක්වාලමින් සෞඛ්‍ය අමාත්‍යාවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත
කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගැසට් ගහනවාට වැඩිය රිවස් කරන නිසා අපි ඕක තඹදොයිතුවකට ගණන් ගන්නේ නැහැ.
ඕක රිවර්ස් නොකළොත් තමයි පුදුමේ...!
බලෙන් එන්නත් ගහන්න ජනතාව බල්ලො, හරක් කියලා හිතුවාද දන්නේ නෑ...
ඔය ගැසට් එක රෝල් කරලා ගහගත්තා නම් හරි... දැන් තව බොරුවක් ගහනවා බූස්ටර් නොගහපු අය මැරෙනවා කියලා. එතකොට බූස්ටර් ගහන්න පෙරත් නැතිවුණු ජීවිතවලට වගකියන්නේ කවුද?
මේ රජයට තමයි මුළු ලෝකෙන්ම කොරෝනා වසංගතය වාසනාවක් හා ධන උල්පතක් වුණේ.. දැන් ඕනෑම දෙයක් කොරෝනාව පිට දාලා බේරෙන්න පුළුවන්. ඒ වගේම මිනිස්සුන්ව ඉතාම පහසුවෙන් පාලනය කරන්න, මර්දනය කරන්න, හසුරුවන්න පුළුවන්.. උද්ඝෝෂණ නවත්වන්න පුළුවන්.. හිතේ හැටියට මුදල් හොයන්න පුළුවන්. නිකන් හරි කොරෝනා වසංගතය මේ ලෝකෙට සහ අපේ රටට ආවේ නැතිනම් ආණ්ඩුවට දෙන්න උත්තරයක් නෑ...
ජනාධිපති, අගමැති ඇතුළු සියළුම පාර්ලිමේන්තු මැති ඇමැතිවරු ලබාගත් එන්නත් මාත්‍රා සහ අදාල කාඩ්පත් ප්‍රසිද්ධ මාධ්‍යයකින් ප්‍රසිද්ධ කළයුතුයි. කිසිම හේතුවක් නිසා එන්නතක් බල කිරීමකට ලබාදීමට නොහැකියි්. මෙයට විරුද්ධව සියළුම පුරවැසියන් එකමුතුව නැගී සිටිය යුතුයි...
සැප්තැම්බරයේ ඇමරිකන් අධිකරණය ෆයිසර් රහස් වාර්තාව එළියට දැම්මාම මෙහෙ බලෙන් එන්නත් දෙන්න කඩේ යන ඇමතිටයි, දොස්තරලාටයි නඩු වැටෙන්න ගත්තාම තමයි නියම...!
විදෙස් සංචාරකයින්ටත් මෙම නීතිය බලපානවද? එහෙම නැත්නම් මෙම නීතිය ශ්‍රී ලාංකිකයින්ට පමණක්ද...?
උපරිමාධිකරණයේදි තීන්දුවක් දුන්නා. කිසිම පුද්ගලයෙකුට බලෙන් එන්නත් කරණය කරන්න බෑ කියලා. එතකොට මේක බලහත්කාරයෙන් කරන්න වක්‍රව අනුබල දීමක් නේද?
ගුවන් තොටුපලේ වැඩ කරන අය 500 දෙනෙක් කිසිම එන්නතක් ගහල නෑ කියලා පත්තරේක දැක්කා. ගුවන් තොටුපල පොදු ස්ථානයක් නෙමෙයිද..?
අප්‍රේල් 30 වෙනකොට වෙන්න තිබෙන සියලු දේ වෙලා හමාරයි. මුලින්ම අද සිට එන්නත් 1 ගානේ හොයලා බලන්න... ඉන්පසු පෙබරවාරි 28 වෙනකොට එන්නත් 2 ගැනීම අනිවාර්ය කරන්න. ඉන්පසු පුළුවන් එන්නත් 3 ගැන කතා කරන්න.
ඔය එන්නතට විරුද්ධව කතාකරන අයට යම් විදිහකින් කොරෝනා හැදිලා ඉස්පිරිතාලයකට ගියාම එන්නත් කාඩ් එක පෙන්නලා බලපුවාම, එන්නත් ලබාගෙන නැතිනම් දෙවියන්ගේ පිහිට තමයි. හදිසියේ මැරුණොත් දොස්තරලා කියයි... මෙයා අන්නත අරන් නැහැ.. ඒක නිසා බේරාගන්නට බැරිවුණා කියලා... මොකද නඩු දාන්නද?
ෆයිසර් දෙකම ගත් අයට ෆයිසර් එන්නත බූස්ටර් එන්නත වශයෙන් දිය යුතුයි කියනා මතයක් ගැන ආරංචි පැතිර ගියා. අපේ රටේ ගැහුවේ ප්‍රතිශක්තිය අතින් බාලම එන්නත් වන චීන එන්නත්... ඉස්සර ගණන් උස්සපු ෆයිසර් ගහන්න දැන් තියෙන්නේ පුදුම හදිස්සියක්... එයට හේතුව චීන එන්නත් ප්‍රතිශක්තිය අතින් බාලම ඒවා බව දැන්දැන් දන්නා නිසයි. හපොයි දෙවියනේ... මේ රටේ ජනතාවට සිදුවූ දෙයක්...!!!
මේ කට්ටියට කොරෝනා හැදිලාම යන්න ඕනෑ.
එන්නත් ගත්තු කට්ටිය ඕනේ නම් පොදු ස්ථාන වලට නෑවිත් ඉන්න. මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න බෑ ගැසට් ගහලා. පොදු ස්ථාන මෝඩ ඇමතිගේ අම්මගේ, අප්පගේ දේපළ නෙවෙයි,... ඇමැතිට ඕනේ ඕනේ විදියට තහනම් කරන්න. ගහෙන් ගෙඩි එනවා වගේ එක පාර ඇවිල්ලා... සැරින් සැරේ තහනම් වෙන එන්නත් බලෙන් ගහන්න බෑ. එක එකාට සල්ලි ගරාගන්න කොමිස් කන්න ඕනේකමට අපි එන්නත් ගහගන්නේ නෑ...
ඇමැතිතුමා නාන්න සබන් ඕනෙද?
ලෝකයේ කිසිම රටක කියන තාලෙට එන්නත් ගහලා නෑ. තමන් කැමැති නම් 3 වැනි බැරිනම් 10කින් හරි ගහගන්න. මේ එන්නත්වල පසු බලපෑම්... එන්නත විෂ වීමෙන් මිය ගිය ගණන, සංකූලතා මතුවුණු ගණන... මේ කිසිම දත්තයක් ජනතාවට කියන්නේ නැහැ. සෞඛ්‍ය බලධාරීන් මේ කරන්නේ අනියම් මිනීමැරුමක් නෙමෙයිද? ඔක්කොටම කළින් කියන්න බලන්න මොනවද ඔය පොදු ස්ථාන කියලා... පාර්ලිමේන්තුව, කලම්බු සිටි සෙන්ටර්... ඒවද?
මූලික අයිතිවාසිකම් කඩකිරීම යටතේ දේශීය වෛද්‍යවරු ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරා ඇත. පුළුවන් නම්, බොරු නීතී හදලා දාලා බලන්නකෝ..! ජූලි ෆයිසර් එන්නත් ටික කල් පනිනවා ඒකයි මේ දැඟලිල්ල!. බටහිර මාෆියාවට හසුවී දේශීය ඖෂධ වලට තැනක් නොදෙන්නේ කාගේ බලපෑමකටද? දේශපාලකයින් හා සෞඛ්‍ය සහ රාජ්‍ය නිලධාරීන් කොමිස් කුට්ටි වලට මුවා වී මේ කරන අපරාදේට ශාපවේවා!...