IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


එන්නත් කරණය හමුදාවට දුන්නාට පොලොන්නරුව සෞඛ්‍යයේ පිරිසක් කිපෙති

(ක.ග.කරුණාරත්න)

කොරෝනා මර්දන එන්නත මහජනතාවට ලබාදීමේ වැඩපිළිවෙල ත‍්‍රිවිධ හමුදාවට බාරදී ඇති හෙයින් තමන් එම එන්නත්කරණ වැඩපිළිවෙලින් අද (05) සිට ඉවත්වූ බව අනුරාධපර සහ පොලොන්නරුව දිස්ත‍්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහු සහ වසංගත රෝග විද්‍යා ඒකකවල වෙද්‍යවරු පවසති.

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 22ක් සහ අනුරාධපුර මහ නගර සභාවේ එක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක්ද වන අතර වසංගත රෝග විද්‍ය ඒකකයේ සේවය කරන වෛද්‍යවරුන් දෙදෙනාද ඇතුලූව එම දිස්ත‍්‍රික්කයේ වෛද්‍යවරු 25 දෙනකු එන්නත්කරණ වැඩ පිලිවෙළින් ඉවත්ව ඇති බව කියති.

පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ගණන 08කි.ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ එක් වෛද්‍යවරයකු සිටින අතර ඒනුව එම දිස්ත‍්‍රික්කයේ වෛද්‍යවරුන් 09 දෙනකු අද සිට එන්නත්කරන වැඩපිළිවෙලින් ඉවත්වී ඇත.

පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ කොරෝනා මර්දන එන්නත දෙවන මාත‍්‍රාව මේ මස 05 වෙනි දින සිට 11වෙනි දින දක්වා මහජනතාවට ලබාදීමට නියමිතව තිබෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

 



අදහස් (1)

එන්නත් කරණය හමුදාවට දුන්නාට පොලොන්නරුව සෞඛ්‍යයේ පිරිසක් කිපෙති

කිරි පුතා Tuesday, 06 July 2021 10:46 AM

මේ මිනිසුන්ට අවශ්‍ය මේ වැඩ සටහන අවුල් කරන්න. තමන්ගේ අතේ සියල්ල තියාගෙන රජයෙන් ඉල්ලීම් ඉල්ල ඉල්ලා මහ ජනතාව අපහසුතාවට පත් කරන්න. මෙහෙමත් මනුස්ස කොට්ඨාසයක් ඉන්නේ අපේ රටේම වෙන්න ඇති..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 18 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 701 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site