(ජේ.ඒ.එල්.ජයසිංහ)

වේදනා නාශකයක් ලෙස  ලබාදෙන අධි මාත්‍රාවෙන් යුතු ඖෂධයක් එන්නත් මගින් මත් ලෝලීන්ට ලබා දුන් බව කියන ජංගම මත් ජාවාරම්කරුවකු මහනුවර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය කියයි.

මහනුවර ප්‍රදේශය අවට පවතින උග්‍ර මත්කුඩු හිඟය නිසා කුඩු සොයා යන මතට ඇබ්බැහු වූවන්ට   මෙම එන්නත ලබා දි ඇතැයි පොලිසිය කියයි.

මෙම මත් එන්නත ලබා දීම සඳහා සැකකරු එක් අයකුගෙන් රුපියල් 3000ක් පමණ මුදලක් අයකර ඇතැයි ද පොලිසිය පවසයි.