
(ඩයනා උදයංගනී)
ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් තම වගකීම් පැහැර හැර විදෙස්ගත වූ හිටපු ජනාධිපතිවරයා යළිත් ඡන්දය ඉල්ලන්නේත්, පක්ෂයක නායකත්වය දරන්නේත් රෙදි ඇඳගෙනදැයි තමා ප්‍රශ්න කරන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (4) පවසති.
එදා යුතුකම් අමතක කර ජනතාවගේ මරණවලට ඉඩ තැබූ අය යළිත් වගකීම් ඉල්ලා ඡන්දය ඉල්ලන්නට සැරසීම ලැජ්ජායට කරුණක් බව ද අගරදගුරුතුමෝ සඳහන් කරති.
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් වාර්තාව මගින්ද හිටපු ජනාධිපතිවරයා වරදකරුවෙක් ලෙස නම් කර ඇති නිසා එතුමාට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග ප්‍රමාද කළ යුතු නැතැයි ද කාදිනල්තුමෝ කියති.
එම වාර්තාවේ ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මාස ගණන් වසර ගණන් බලා සිටින්නේ ඇයිදැයි තමන් ප්‍රශ්න කරන බව කී කාදිනල්තුමෝසෙප්පඩවිජ්ජාවන් නොකර කඩිනමින් එම නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි තමන් රජයෙන් ඉල්ලා සිටියහ.
එමෙන්ම එදා සහරාන්ලා සමඟ ගණුදෙනු කළ මැති ඇමතිවරු තවමත් පාර්ලිමේන්තුවේ අසුන්ගෙන සිටීම ලැජ්ජාවට කරුණක් බව ද මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ සඳහන් කළහ.
කාදිනල්තුමෝ මේ බව පැවසුවේ පාස්කු ඉරුදිනය නිමිත්තෙන් දේවස්ථාන කිහිපයක සංචාරයේ යෙදුණු අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාස්කු නිසා ගොඩගිය කට්ටියක් ඉන්නවා. එයාලා ගැනත් නුවණින් සලකා බැලිය යුතුයි.
දූෂිත, බලලෝභී, බඩගෝස්තරවාදි දේශපාලුවන්ට කොහෙද ලැජ්ජාවක් තියෙන්නේ? ඒ අයගේ ලැජ්ජා නහරවල් කපලා...
බූවල්ලද, මඩුවලිගයද? නැතිනම් අර ඉන්දියාවෙන් ගෙන්වපු වදක ලණුවක්ද?
කාදිනල්තුමනි, ඔබ කියන්න තියෙනදේ කෙලින්ම කියන්න බයවෙන්න එපා. කාටවත් කඩේ යන්න එපා. මේ පාස්කු ප්‍රහාරයෙන් වාසිගත්තු පාර්ලිමේන්තුවේ ඉන්න අය ගැනත් කෙලින්ම කියන්න. කතෝලික අයටත් මේ පාර ඒ අයටම ඡන්දෙ දෙන්න කියන්න. අර රතු කට්ටියට ඡන්දෙ දීලා පත්කර ගත්තා නම් ඒ අය මොනවා හරි කරලා දැනටමත්..
ඒ අය ඡන්දය ඉල්ලනවට වඩා ප්‍රශ්නේ මේ මෝඩ මිනිස්සු ඒ අයටම ඡන්දය දෙන එකයි.
කාදිනල් හිමිපාණන්ගේ අදහස හරි. ඔය මනුෂ්‍යයාට ලැජ්ජාවක් කියන දේ ඇඟේ ගෑවිලාවත් නැහැ. ඒ වගේම පොළොන්නරු පැත්තේ ඉන්න සමහර මිනිසුන්ගේ හැටිත් එහෙමයි. ලජ්ජාව නැති මිනිසුන්ව ඡන්දෙ දීලා දිනවනවා.
අපරාධකාරයින්ව ලංකරගෙන ආණ්ඩු හැදුවේ රෙදි ඇඳගෙනද අහන්න...?
ආරක්ෂාවට වග කියනවා,පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට දඬුවම් දෙනවා, යුක්තිය ඉෂ්ට කරනවා, ඔය වගේ දහසකුත් පොරොන්දු දීලා බලයට ආවේ. අන්තිමට ජනතාව රැවටුණු එකයි සිද්ධ වුණේ.
ඡන්දෙ කාලේ ළංවෙනකොට තමයි පාස්කු ප්‍රහාරය මතක් වෙන්නේ... හිටපු ජනාධිපති දැන් ආණ්ඩු පක්ෂයේ සම සභාපති. ඒකත් කාදිනල්තුමාට මතක නම් හරි..