(යොහාන් භාසුර)
යහපාලන ආණ්ඩුවේ නීතිය හා සාමය ඇමති ධූරයට තමන් පත්කළේ නම් අනිවාර්යෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිරේ දමන බව පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා මහතා පවසයි.
ඒ බව හිටපු ජනාධිපතිවරයා දැනුවත්ව සිටි බව ෆොන්සේකා මහතා පැවසීය.
සරත් ෆොන්සේකට නීතිය හා සාමය ඇමතිකම දෙන්න යැයි අපේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු මෛත්‍රීපාල සිරිසේනට කී අවස්ථාවේදී එයාට දුනොත් එයා මුලින්ම මාව හිරේ දාන බව ඔහු කියා තිබූ බව කී සරත් ෆොන්සේකා මහතා හිටපු ජනාධිපතිවයාට දිවැස් තිබූ අතර එසේ නොකර රට ගොඩනැගිය නොහැකි බව ද සඳහන් කළේය.
යහපාලන ආණ්ඩුව කාලයේත් රුපියල කඩා වැටුණු නිසා රට වර්තමානයේ මුහුණ දී සිටින තත්වයට එම ආණ්ඩුව ද වගකිව යුතු බවත් සමගි ජනබලවේගය එය තේරුම් ගෙන නිවැරදි ගමනක් යෑම සඳහා පමණක් ආණ්ඩු පිහිටුවිය යුතු බවත් ෆොන්සේකා මහතා කීය.
යුද හමුදාපති සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අම්බලන්ගොඩදී පැවැති සමඟ ජනබලවේගය පක්‍ෂයේ ප්‍රවර්ධන රැස්වීමකදී එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩීල් දේශපාලනයේ විපාක තමයි දැන් අපි හොරු එළියේ තියාගෙන විදින්නේ... නියම විරුවා ඔබ.. නමුත් පණ බයේ රටෙනුත් පැන්න කෙනෙක්ව තමයි රට රකින්න සක්වල ගල ප්‍රකම්පිත කරගෙන නයෙකුත් අරන් ආවේ... කෝ.. අර මහ බැංකු හොරාව වත් ඇල්ලුවාද? අපි තවමත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඔබ ආරක්ෂක ඇමතිව හොරු ඔක්කෝම අල්ලලා රටට ගන්න තියෙන මුදලක් ගනියි කියලා. මුලින්ම සජිත්ව එලවලා නායකත්වය ගන්න. ඔහුත් ඩීල් දෙයියෙක්...
ඕක නිසානේ දන්නා කියන කෙනෙක් කවදාවත්ම ආරක්ෂක ඇමති කම දෙන්නේ නැත්තේ.
අනේ සර් සජිත් බලයට ආවත් ඔබ තුමාට හොරු රැල ඇතුලට දාන්න දෙන්නෙ නැ මොකද ඒ අය සජිත්ගෙ හිතවත්තු නිසා. මෛත්‍රිටත් ඔබ තුමාට අත තියන්න දෙන්නෙ නෑ මොකද අති ජාත මිත්‍රය නිසා , ඔබ තුමාටත් චම්පිකටත් සුදුසුම තැන ජාතික ජනබල වේගයයි.
කරුණාකරලා සජබේ කට්ටිය එකතුවෙලා ෆොන්සේකා මහත්තයව නායකත්වයට පත් කරන්න.
වෛරී අදහස් ඔබතුල "තිබුනානම්" යුද්ධයේදී....... ප්‍රථිපල "අති බයන්කාරය" අදදින වනවිටදී........ පට්ටියේ ලැග්ගේ වෛරී අදහසින් බව "ස්ථිරය"...... මුහුණෙත් වචනයෙත් ඒබව "හොදටම" පැහැදිලිය...... .
අර තනතුර මේ තනතුර තිබුනානම් මාහට..... පෙන්වමි යහමින් කොහොමද පළිගන්නේ...... ඉස්සා හිතන්නේ මම හරි පිරිසිදු කියලා...... පතනවා ඔබට ඉස්සා නොවෙන්නට කියලා......
අභීත සෙන්පතියකුවූ ඔබ පිලිබදව...... අප තුල ඇත්තේ ගෞරවයකි සැමදාම..... පට්ටියේ ලැග්ග පොන්සේකා පිලිබදව...... ඇත්තේ වචනය කීමට බැහැ මෙතන.....
රවීන්ද්‍ර, ඔබ වැනි බොහෝ අය දේශපාලක හොරුන්ට පුදුම භක්තියක්නේ තියෙන්නේ. හොරාකන තරමට හුරේ දානවා හරියට දකුණු ඉන්දියානු සිනමා ගැලරියක ප්‍රේක්ශකයෙක් වගේ... ඔබත් සාටකයක් පැලදගෙනද ඉන්නේ...?
ඔබ තුමාගේ කට නිසා තමයි ඒ දවස් වල ඇතුලේ හිටියේ සිරිසේන ජනාධිපති සමාව දුන්න හින්දාද එලියට ආවේ .දැන් ආයෙත් අනිත් පැත්තට කරක් ගහන්න යන්නේ ?
සර් ට දිවැස් තිබුනා නම් මොන මගුලකටද පාස්කු ප්‍රහාරය වෙලාවේ කිවුවේ නැත්තේ .ෆොන්සේකාත් ගොන් කතා කියනවා.සර් ට දිවැස් නැහැ ,ඒකා මහා කට්ටයා
ඇමැති කොහොමද එක එක්කෙනා හිරේ දාන්නේ? ඒ කියන්නේ නීතිය ඇමැතිවරයාට ඕනෑ විදියට... එහෙම හිතන කෙනා වත්මන් ඇමැතිට දොස් කියන්නේ කොහොමද?
මෛත්‍රී එලියට ආවම මම හිරේ. හලෝ හමුදාව පාලනය නොවෙයි දේශපාලනය. දෙෂ්පාලනේයේ දී හැම කෙනාම සැලුට් ගහන්න ලැහැස්ති නැහැ.