
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන මුදල් සහ මුදල් එවන ක්‍රමවේද වැඩි කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලිකත්වයෙන් නව ජංගම දුරකතන මෘදුකාංගයක් (මොබයිල් ඇප්ලිකේෂන්) හඳුන්වා දී ඇත.
විදේශ ප්‍රේෂණ ප්‍රවාහ වැඩි කිරීම සඳහා සහ අවිධිමත් ක්‍රමවේද අධෛර්යමත් කිරීමේ අවශ්‍යතාව හඳුනාගනිමින් නව ප්‍රේෂණ ක්‍රමවේද සහ අඩු පිරිවැයක් සහිතව විදේශ ප්‍රේෂණ එවීමේ ක්‍රමවේද පිළිබඳ නිර්දේශ සහ යෝජනා ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කමිටුව පත් කළේ ය.
ලංකා බැංකුව, මහජන බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, හොංකොං සහ ෂැංහයි (එච්.එස්.බී.සී. ) බැංකුව, කාගිල්ස් බැංකුව, ඩයලොග් ආසියාට, මොබිටෙල් (පෞද්ගලික) සමාගම යන බැංකු සහ සමාගම්වල නියෝජිතයන්ගෙන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ වෘත්තිකයන්ගෙන් අදාළ කමිටුව සමන්විත විය.
අදාළ කමිටුවේ යෝජනාව පරිදි “එස්.එල්.-රෙමිට්” (SL-Remit) යනුවෙන් මෙම නව ජංගම දුරකතන යෙදුම (මෘදුකාංගය-මොබයිල් ඇප්ලිකේෂන්) හඳුන්වා දී තිබේ.
ස්වයං පරිශීලක ලියාපදිංචිය (භාවිත කරන්නන්ටම යෙදුම තුළ ලියාපදිංචි වීමේ හැකියාව), ගෝලීය මුදල් හුවමාරු ක්‍රියාකරුවන්ට හා ගෝලීය මූල්‍ය තාක්ෂණ සේවා සැපයුම්කරුවන්ට සම්බන්ධ වී ඕනෑම රටක සිට මුදල් එවීමට පහසුකම් සැලසීම, ශ්‍රී ලංකාව තුළ ඕනෑම බැංකු ගිණුමකට/ජංගම පසුම්බියකට ක්ෂණිකව අරමුදල් මාරු කිරීම වැනි විශේෂාංග ඇතුළු පහසුකම් මෙම යෙදුම භාවිත කරන්නන්ට සපයා ඇත.
විදේශ විනිමය අනුපාත, අඩු ගනුදෙනු ගාස්තු, ඍජු බිල්පත් ගෙවීම් ආදී වටිනාකම් එකතු කළ (එකතු කළ අගය) සේවා රැසක් ද මෙම යෙදුමට ඇතුළත් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ලංකා ක්ලියර් (පෞද්ගලික) සමාගම යනාදී පාර්ශවකරුවන්ගේ සහාය ඇති ව මෙම මෘදුකාංගය ක්‍රියාත්මක වන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් සඳහන් කරයි.
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇප් හදන්න ඉස්සරවෙලා ඩොලර් හම්බ කරන අයට දෙන ඩියුටි ෆ්‍රී දීමනාව වැඩිකරන්න. වාහනයක් ගේන්න බදු සහන දෙන්න. දොස්තරලා, ඉන්ජිනේරුවන්, දේශපාලක, පරිපාලන යන නිලධාරින්ට දීලා තියෙන බදුසහනය මෙන් දෙගුණයක සහනයක් ඩොලර් හම්බකරලා රටට එවන මිනිසුන්ට දෙන්න. ඩොලර් ගන්න.... ඇප් හදනවට වඩා ඒක වටිනවා. එතකොට අපිත් ලංකාවට ඩොලර් එවන්නම්. දැන්නම් ඩොලර් සතයක් වත එවන්නේ නැහැ.
රජයේ සේවකයන්ට දෙන අසීමිත වරප්‍රසාද අඩු කරලා ,වාහන පර්මිට් කපා ඩොලර් එවන විදේශ ශ්‍රමිකයින්ට විශේෂ බදු සහනයක් යටතේ බද්ද ඩොලර් වලින් ගෙවන්න දැනට ඉන්න රටේ තමන් පදින වාහනේ ලංකාවට ගේන්න අවස්ථාව දෙන්න .එතකොට සාධාරණ විදියට ඩොලර් ටික එයි
ඩුබායි අපිනම් දැන් මාස 10 ක විතර ඉඳලා ලංකාවට සල්ලි එවන්නේ උන්දියල් ක්‍රමයට.බැංකු වගේ නොවෙයි එක යුරෝ එකකට රුපියල් 270 පමණ ගෙව්වා සති 2 කට ඉහතදී.බැංකුවෙන් ගෙවලා තියෙන්නේ එක යුරෝ එකකට රුපියල් 235 යිලු.යුරෝ 1000 උන්දියල් ක්‍රමයට ලංකාවට එව්වොත් රුපියල් 35000 ක පමණ ශුද්ධ ලාබයක් අපිට තියෙනවා.ඒ නිසා අපිට ඔය ඇප්ස් ඕනෙත් නැහැ බැංකු ඕනෙත් නැහැ.බැංකුවලින් සල්ලි එව්වත් ඒවා දේශපාලකයින් හොරා කනවා.
ගොඩක් ලංකාවේ වාහන සේල් වලින් ගිනි ගණන් දීලා වාහන ගත්තේ විදේශගත ශ්‍රමිකයෝ .දේශපාලකයොයි රජයේ ඉහල ඔවුන් එවන ඩොලර් වලින් සැප විඳින ගමන් බදු සහන වාහන පර්මිට් ගත්ත එක .දැන් ඩොලර් නැතුව ගියහම තමයිතේරෙන්නේ සෙල්ලම ලෙල්ලම උනා කියලා