IMG-LOGO

2024 මැයි මස 12 වන ඉරිදා


එජාප තනතුරුවල වෙනසක් නෑ: මධ්‍යම කමිටුව තීරණය කරයි

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ කිසිඳු තනතුරක් වෙනස් නොකළ යුතු බවට පක්ෂයේ මධ්‍යම කමිටුව අද (12) තීරණය කළේය.
එක්සත් ජාතික පක්ෂය ටිකෙන් ටික ඉදිරියට ගෙන ඒම සඳහා පක්ෂයේ වත්මන් නායකයින් ඉතා උනන්දුවෙන් දර දිය ඇද කටයුතු කොට ඇති හෙයින් ඉදිරි වැඩ කටයුතු ද එම නායකයන්ට කරගෙන යාමට ශක්තිය ඇති බව මධ්‍යම  කමිටුවට සහභාගී වූ පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ  අදහස වී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන් කොළඹ  ජනාධිපති කාර්යාලයේ දී පක්ෂ  මධ්‍යම කමිටුව අද පස්වරුවේ රැස් විය.
හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට පක්ෂ නියෝජ්‍ය නායක ධුරය හෝ මහ ලේකම් ධුරය ලබා දිය යුතු බවට  ඉදිරිපත් වූ  යෝජනාවක් ද මධ්‍යම කමිටුවේ සාකච්ඡාවට බඳුන් වී ඇති අතර එහිදී පක්ෂ ජ්‍යෙෂ්ඨයන්  සඳහන් කර ඇත්තේ වර්තමානයේ පක්ෂ  තනතුරු වල  කිසිදු වෙනසක් ඇති කිරීමේ අවශ්‍යතාවයක් නැති බවයි.

මෙහිදී අදහස් දක්වමින් පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසා ඇත්තේ සියලු දෙනාම එකමුතු වී එකා මෙන් ඉදිරි ගමන යා යුතුව තිබෙන බවයි.

පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,උපනායක  අකිල විරාජ් කාරියවසම් මහත්වරුන් ද මෙහිදී අදහස් දක්වමින් සඳහන් කර තිබෙන්නේ පක්ෂයේ තනතුරු දරන්නන් රට වටා ඇවිදිමින් පක්ෂයේ බිම් මට්ටමේ ගොඩනැගීමේ කටයුතු නිසියාකාරව සිදු කරමින් සිටින බවයි.

එක්සත් ජාතික පක්ෂයේ නායක,මහලේකම් සහ සභාපති තනතුරු හැර සෙසු සියලු තනතුරු අහෝසි කර නායකත්ව මණ්ඩලයක් ඇති කළ යුතු බවට මීට පෙර යෝජනාවක් පැමිණ තිබූ අතර එම යෝජනාව ක්‍රියාත්මක කිරීම අවශ්‍ය නොවන බවද ඊයේ පැවති මධ්‍යම කමිටුවේ දී තීරණයකට එළැඹ තිබේ.



අදහස් (8)

එජාප තනතුරුවල වෙනසක් නෑ: මධ්‍යම කමිටුව තීරණය කරයි

saman Thursday, 12 October 2023 09:11 PM

එක්සත් ජාතික පක්ෂයේ කිසිඳු තනතුරක් වෙනස් නොකළ යුතු බවට පක්ෂයේ මධ්‍යම කමිටුව අද තීරණය කර ඇත...!

:       0       3

Rata Perata Thursday, 12 October 2023 09:41 PM

රනිල් එක්ක ඔය පක්ෂයත් වලකජ්ජ ගහන කම් කිසිම වෙනසක් වෙන්නේ නැහැ. අනේ අපේ පළවෙනි දේශපාලන පක්ෂයට වුණු වැඩේ...

:       2       4

Nihal Thursday, 12 October 2023 10:02 PM

ඉදිරියේ එන සියලුම මැතිවරණ වලින් ඔයගොල්ලෝ සියලු දෙනාටම ඇපත් නැහැ...

:       2       3

CHANDIMA Thursday, 12 October 2023 11:28 PM

ඉතින් අබේවර්දන මහත්තයෝ දැනටත් එක වගේනේ ඉස්සරහට යන්නේ .එකෙක් ඉස්සරහින් දෝලාවේ තියාගෙන අනික් උන් කොට ඇඳගෙන පස්සෙන් යනවා .එහෙම නේද ?

:       2       3

Nimal Friday, 13 October 2023 08:50 AM

මහ බැංකු හොරෙකුට තනතුරු දුන්නොත්, ලැබෙන්න තිබෙන සියයට 3ත් නැතිවෙයි.

:       1       4

C.K.Lankaputhra Friday, 13 October 2023 12:17 PM

තනතුරු වෙනස් කළත්, නැතත් ඔහෙලාට ජනතාවගේ ඡන්දෙ ගන්නවා බොරු... මොන මොන උප්පරවැට්ටි දැම්මත් වැඩේ නම් හරියන්නේ නෑ ගොයියෝ...!

:       3       3

de silva Friday, 13 October 2023 01:04 PM

ඉස්සර 5/6 බලයක්... එනම් 85%ක බලයක් තිබ්බා... පක්ෂයක් 3% දක්වා ගෙන එන්න කටයුතු කළ මෙම පිරිස පසුපස යන්න රටේ ඡන්ද දායකයෝ කැමැති නෑ...

:       2       4

Shashika519 Friday, 13 October 2023 07:24 PM

වජිර මුළු ගාල්ලේම කියව කියවා ඇවිදිනවා ඊළඟ ආණ්ඩුවේ ජනාධිපති රනිල්, අගමැති එයා කියලා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වැස්සෙන් තැන තැන කඳු කඩා වැටේ
2024 මැයි මස 12 383 0

අද දවසපුර පැවති ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යටවූ අතර කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ බෙරගල අතර උඩ විහාරගල ප්‍රදේශයේදී ගල


අයිතිකරුවකු නැති යතුරු පැදියක් ඉත්තපානෙන් හමුවේ
2024 මැයි මස 12 362 0

ඉත්තපාන මීගම ගඟේ පාලම අසල අයිතිකරුවකු නැති යතුරු පැදියක් දමා ගොස් තිබියදී ඉත්තපාන පොලිසිය සොයාගෙන ඇත.


කැරට් කෑල්ලේන් ආ මරුවා සිඟිත්තා ඩැහැගනී
2024 මැයි මස 12 437 1

කැරට් අල කැබැල්ලක් උගුරේ සිරවීමෙන් මාස 19ක බිළිදකු මියගොස් ඇතැයි අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිදු කළ හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණ වූ බව සාලියවැව පොලීසි


පුරාවස්තු සමග අයෙක් සැකපිට
2024 මැයි මස 12 463 1

කල්පිටිය, ආලන්කුඩා ප්‍රදේශයේ නිවසක නීති විරෝධී ලෙස සන්තකයේ තබාගෙන සිටි රත්‍රං බවට සැකකෙරෙන පුරාවස්තු තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව නාවික හ


රජයේ සම්පත් විකිණීම ගැන මහින්දගෙන් නිවේදනයක්
2024 මැයි මස 12 1253 15

වර්තමාන ආණ්ඩුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලයේ ඉතිරි කොටස තුළ රට පාලනය කිරීම සඳහා පිහිටුවා ගත් අන්තර්කාලීන වැඩපිළිවෙළක් බවත් එවන් අවස


මාළු කඩයක් අරින්න ගිහින් කටුගස්තොට යුද පිටියක් වේ
2024 මැයි මස 12 1686 0

සන්නද්ධ මැරවරයන් පිරිසක් මාළු කපන පිහි රැගෙන කටුගස්තොට නගරයේ විවෘත කිරීමට සූදානම්ව තිබූ මත්ස්‍ය අලෙවි මධ්‍යස්ථානයකට මහදවල් කඩා වැදී එහි දේපළවලට සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 627 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2129 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1853 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site