(අජන්ත කුමාර අගලකඩ)
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව පිළිගන්නා නමුත් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ නැවත ආණ්ඩු කිරීමට තමා සූදානම් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අද (13) රාත්‍රීයේ ප්‍රකාශ කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද රාත්‍රීයේ පැවැති අතර ඊට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සන්ධානයේ මන්ත්‍රීවරුන් සියලු දෙනා සහභාගි වී ඇත.
එහිදී අදහස් දක්වා ඇති ජනාධිපති සිරිසේන මහතා රනිල් වික්‍රමසංහ මහතා සමඟ නැවත ආණ්ඩු කිරීමට කිසිසේත් සූදානමක් නැතැයිද ප්‍රකාශ කර ඇත.
තමා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය කළේ එක්සත් ජාතික පක්ෂය ගෙන ගිය රටට එරෙහි වැඩපිළිවෙළ වැළැක්වීමට බවත් එක්සත් ජාතික පක්ෂය නැවත බලය ලබා ගෙන රටට කිරීමට යන විනාශය වැළැක්වීමට සෑම පියවරක්ම ගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
එජාප විරෝධි කඳවුර ශක්තිමත් කිරීමට තමා කැපවන බව පවසා ඇති ජනාධිපතිවරයා එජාපය සමඟ හවුල් ආණ්ඩුවකට යෝජනා නොකරන්නැයි ශ්‍රීලනිපය මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණයේ හෙට විභාගයට ගැනෙන අභියාචනා පෙත්සම පිළිබඳ තීන්දුවක් ලැබීමෙන් පසු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම හෙට (14) රාත්‍රීයේද රැස්වීමට එහිදී තීරණය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳයි
ජය වේවා අපේ ජනපති
ඒජාප..යත්, පොහොට්ටුවත්, අපේ සිතුම් පැතුම් සපුරා දෙන්නේ නැහැ.. මේ දෙගොල්ලොම හුඟක් චෝදනාවලට උසාවිවල පෙනීසිටින්න සිද්ද වෙලා.. එ්ක නිසා තව චුට්ටක් එහාට කලපනා කෙරුවොත් හොඳයි කියලා හිතුණා ..
සිරිසේන - රාජපක්ෂ, ගෙදර යන්නකෝ හිටන්?
නටපු තොවිලයකුත් නැහැ, ආර්ථිකයේ පළුවකුත් නැහැ. අනේ අපොයි මේ මගේ රට නොවේද?
හනුමා නැවත බිහිවෙලා...
මහින්ද වැරදි විදිහට පත් කළා... පත් කළාට අපි කැමති නෑ වගේම රනිල් පත් කරනවාටත් අපි කැමති නෑ. ඒ වගේම අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්න ඉන්න රටේ ප්‍රධානියා ඒ මූලික නීතිය කඩනවටත් අපි කැමති නෑ.
කිසිම වැදගත් වැඩිහිටියෙක් තියා ළදරුවෙක් වත් හවුලක් ඇති නොකරගන්න තරමට සැමගේම විශ්වාසය පලුදු වුණු බව වැටහිලා නැහැ වගේ...
මෙතුමා වෙනස් කර ගත්තත් අපට නම් මහින්ද රාජපක්ෂ මහතා සමඟ ආණ්ඩු කළත්, රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ආණ්ඩු කළත් එක සමානයි. රනිල් වික්‍රමසිංහ මහතාටත් වඩා බරපතල විවේචනයක් 2015 ජනාධිපතිවරණයේදී රාජපක්ෂ පාලනය වෙනුවෙන් මෙතුමාට තිබුණි. එය අමතක කරන්නේ මෛත්‍රී - මහින්ද විසින් කනත්තට ගෙනගිය ශ්‍රීලංකා නි. පක්ෂයට පණ දෙන්නට ජනපතිවරයා ගන්නා උත්සාහයක් ලෙස අපි දකින්නෙමු.
ඔබව අපි එලවනවා ... ආයෙත් කියන්නේ එලවනවා....
මෝඩ උපදේශකයෝ පත්කරගෙන හත්පොලේම ගාගත්තා සහ තව ගාගන්නවා. ඡන්ද පදනමක් නැති මිනිස්සුත් ළංකර ගත්තා. දක්ෂයෝ වෙනුවට කයිවාරු කාරයෝත් ළංකරගත්තා. අන්තිමට ඔක්කොම එකතුවෙලා ලණු කැරලි පිටින් දීලා...
හරි විදිහට නම් ව්‍යවස්ථාව කඩපු ඔබතුමා ඉවත් විය යුතුයි. එය ව්‍යවස්ථාවේම සඳහන් වෙනවා.
ඉතින් ඉල්ලා අස්වෙලා ගෙදර යන්න.
මෙයා කවුද මෙයාට හැම එකක්ම කියන්න? නියම ශ්‍රීලංකා කාරයෝ මෙයාට එලව එලවා ගහනවා ළඟදීම... මෙයා පක්ෂය විතරක් නෙමෙයි, රටත් කෑවා. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දු වෙලා තියෙන්නේ මෙයා වැරදිකරුවෙක් වෙලා ඉවරයි. එහෙම කෙනෙක් මගේ රටේ ජනාධිපති වෙන්න විදියක් නැහැ. කවදා හෝ අවුරුදු 20ක් හිරේට සහ ප්‍රජාඅයිතිය අහිමිවීමකට යටත් විය යුතුමයි. සත්‍යයි, අත්දුටුයි, ප්‍රත්‍යක්ෂයි.
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවෙක් වූ කෙනෙකු ලඟ නව අගමැති දිවුරුම් දෙන්න සුදුසු නැත. එයට අගවිනිසුරු ඉදිරියේ දිව්රුම් දිය හැක. මහත්මා ගතිය පෙන්වා අස්වී ගෙදර යන්න හිටන්. දිගටම හිටියොත් එලවා දමනවමයි පොළොන්නරුවේ වෙලකට හිටන්... තවමත් ජනාධිපති හැටියට පිළිගන්න රැළකුත් ඉන්නවනේ හිටන්...
අර ඔලුව ටෙස්ට් කරන නඩුව ලඟදීම ඇහෙයි නේද? තමන්ගේ මෙඩිකල් රිපොර්ට්ස් එහෙමත් පිළිගන්නේ නැතුව ඇතිනේ...
ඉතා හොඳය..ඔබගේ ආණ්ඩුවෙන් පාර්ලිමේන්තුවෙන් අයවැය සම්මත කර ගන්න.
ආයෙත් මොන හවුල් ආණ්ඩුද? ඡන්දයක් ඉවර වෙනකල්. අවබෝධතා ගිවිසුමේ කාලේ ඉවරයි. ඉතින් අයින්වුණා. අයෙත් හවුල් වෙන්නේ ඡන්දෙන් පස්සේ.
සුබ ගමන් !
ඔබගේ තීරණය අගයකරමි
ඉතා හොද තීරණයක්
ශ්‍රී ලංකා එකත් එක්ක හවුල් ආණ්ඩු අපිට ඕනෙත් නෑ අපිට ඕන තනි එජාප ආණ්ඩුවක්
ජනාධිපතිතුමාට ජයවේවා.! නැවත ආන්ඞු නොකිරීමට ඔබතුමාගත් තීරණයට රටේ බහුතර ජනතාවගේ කැමැත්ත අනිවාර්යෙන්ම. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට වඩා බලවත් ජනතා අධිකරණය.
ඔබතුමා රටට ආදරය කරන නායකයෙක්. වංචාකාරී, බටහිර ගැති අයට බලය නොදී අප රැක ගන්නට ඔබට ශක්තිය දිරිය ලැබේවා.!
ඔව් කොහොමත් වැඩක් වෙන්නේ නැ ඒක
නඩු තීන්දුවෙන් ඉතා පැහැදිලියි පරණ ආණ්ඩුව නැවත බලයට එන එක. නීතිගරුකව වැඩකිරීමට අපි කවුරුත් බැදී සිටිනවා.
හොද එඩිතර තීන්දුවක්.
දේශපාලනයේදී පුද්ගලයින් වැදගත් වෙන්නේ නැහැ. වැදගත් වෙන්නේ ප්‍රතිපත්තියි. ඒ වගේම දේශපාලනයේ සදාකාලික සතුරන් හෝ මිතුරන් ඇත්තෙත් නැහැ . ආඬි හත්දෙනා කැඳ හැදුවා වාගේ, එකිනෙකා රවටා සිදුකල ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයේ ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතිනවා.
අපේ ජීවිත කාලයේදී අපි කැමති කැමති දේවල් විතරක්ම අපිට කරන්න පිළිවනි නම් මේක ස්වර්ග රාජ්‍යයක්. එත් බොහෝවිට අපිට කරන්න වෙන්නේ අපි අකමැති දේවල්. එක තමා ජීවිතයේ යතාර්ථය. ජනාධිපති තුමාටත් ඒ සත්‍යයට මුහුණ දෙන්න වෙනවා.
එක්සත් ජනතා නිදහස් සන්ධානය එපා. එ.ජා.පෙ. ට 117 තියෙනවා මාසයක් ඇතුලත 151 පෙන්නන් නම් එතකොට බලමු ...!!!
සේරෝටම කලින් හිතන්න කාගේ ඡන්දයෙන්ද ජනාධිපති වුනේ කියලා... 117 තියෙන්නේ.. ඒ ඇති.
එක්සත් ජාතික පක්ෂයට පින්සිද්ද වෙන්න ජනාධිපතිවෙලා දැන් එක්සත් ජාතික පක්ෂයත් එක්ක වැඩ කරන්න බැලූ මහින්දව ඕනෙලු.. හොරු මංකොල්ල කාරයින් අල්ලන්න ආපු මිනිහට ගිය කලක්...
ඔබේ මැතිවරණ පොරොන්දු නැවත කියවා බලන්න. එවිට ජනතාව ඔබට බලය දුන්නේ කුමකට දැයි නැවත මතක් වේවි.
ජනාධිපතිතුමනි, නම්බු පිටින් ගෙදර යන්න. රට විනාශ නොකර.
මෙයි කොහෙන් ආවද කියන එකත් අමතක වෙලා මෝඩකමට...
සැබෑ තත්වය ... ඔන්න ඔබ හරියට හරි...
රනිල් නම් ලංකාවෙන්ම පන්නලා දාන්න ඕනෑ...
විකාර කාරයෙක්...
කොහොමහරි ලබන අවුරුද්දේ විශ්‍රාමිකයන්ගෙයි, රජයේ සේවකයින්ගෙයි සමෘද්ධි ලාභින්ගෙයි දීමනා හා වැටුප් ලැබෙන විදියකට ප්‍රතිපත්ති, තීරණ ගත්තොත් හොඳයි. නැතිනම් රටේ බලවත් නොසන්සුන් තත්වයක් අනිවාර්යෙන්ම ඇතිවෙනවා.
මෛත්‍රිපාල ඔබ පොළොන්නරුවේ වාරිමාර්ග නිලනිවාස වලට අහින්ංසක ගැහැණු ළමයි ගෙනවිත් රජයේ තනතුරු දුන්නු ආකාරයත්, බාල දියණියගේ මුලින්ම යාළුවෙච්ච කෙනාට සිදුවූ දෙයත් ලියන්නද?
ඉස්සෙල්ලා බුදුදහමේ සත්සතිය පිළිපදින්න වෙනවා.
අඩෝ සිරා, පව් නොදී ගෙදර යන්න. අපේ රටට අපි ආදරෙයි... පොළොන්නරුවේ ගොයම් පැහෙන කාලෙට කුඹුරේ හිටවන්න පඹය්න් හොයනවා.
නව අග්‍රාමාත්‍ය කෙනෙකුයි, ඇමතිවරු 5 ක් පමණකුයි පත් කරකර ලබන අවුරුද්දම අදින්න. උන්ට නඩු දමදමා ඉන්න කියන්න. නිකම්ම අවුරුද්ද ගෙවෙයි. ඒ අයට දෙන්නම එපා. නැත්නම් මොනවත් ඕනේ නැහැ. හමුදාවට බාරදෙන්න ඊළඟ අවුරුද්ද අරන් යන්න.
නැවතත් රටේ ව්‍යවස්ථාවට අනුව 2020 හි පවත්වන මැතිවරණයකින් නව රජයක් පිලිබඳ මහජනතාවගේ කැමැත්ත ප්‍රකාශ වෙනතුරු 2015 හි ජනතාව පත් කළ රජය සමග ජනාධිපති කටයුතු කළයුතු වෙනවා. මම කැමති අකමැති කතාවක් මෙහි නැහැ. රට පාලනය රජය කාගේවත් පුද්ගලික දේපලක් නොවේ...
ලංකාවේ නූගත් සාමාන්‍ය ජනතාව විතරක් නොවෙයි, නායකයිනුත් දේශපාලනයෙන් තවත් දියුණු විය යුතුයි.
ඒක තමන්ගේ කැමැත්ත... ඒත් එකක් මතක තියාගන්න. රටේ ව්‍යවස්ථාව කියන්නේ කාගෙවත් අම්මගේ, අප්පගේ බූදලයක් නෙවෙයි.
ඔය ජනාධිපතිකම ළමයෙකුට දෙන්න.
අයියෝ රනිල්... කොහෙන් ගියත් ඔයාට හුළං තමයි. දැන් ඉතින් ඔය නායකකම ළමයෙකුටවත් දීලා ගෙදර යන්නකෝ රටට පව් නොදී...
මේ මනුස්සයව පත් කර ගත්තු අපිටයි ගහන්න ඕනේ. මෙයා හිතාගෙන ඉන්නේ එයා ජනාධිපති වූ පලියට රට එයාගේ කියලයි. මොලේ නැතිකම මිසක් වෙන මොකක්ද?
ජනාධිපතිත් දැන් අවලංගු කාසියක් වගේ. අදින අදින තුරුම්පු පරාදයි. 2020 ජනාදිපති සිහිනය අත් හැරගන්න. ගෙදර යවන්නම වැඩේ දෙන්නම්.
මෙයාට වෙන මොනවත් නෙමෙයි, මහන්තත්වේ ඔලුවටම ගහලා. නැහැ... නැහැ... මුළු ඇඟටම ගහලා.
හෙන හත ගහන්න ඕනේ රටට කරපු විනාසෙට!!
කියන විදිහටම කරනවානම් එය ඉතා අගයකොට සලකමි. ආණ්ඩුව කරන්න ඉඩ දෙන්නම එපා.
ඕව ඔක්කොම බොරු. ඔය සැලැස්ම ඉදිරියේදී ජනපති සිහිනය සැබෑ කර ගැනීම.
මගේ හිතට එකඟව කියනවනම්.... සිරිසේන ගෙදර යැවිය යුතුමයි .