(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
එක්සත් ජාතික පක්ෂය මෙන්ම සමගි ජන බලවේගය ජාත්‍යන්තරය සමඟ වැඩ කරන පක්ෂ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (15) පැවසීය.
2015 වසරේ දී යහපාලනය පැමිණ මාසයක් ඇතුලත යුරෝපා සංගමයෙන් ජී එස් පී ප්ලස් ඇඟලුම් තීරුබදු සහනය ලබා ගත් බව කී කිරිඇල්ල මහතා වත්මන් ආණ්ඩුව පැමිණ පළමු අවුරුද්දේ ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ද තරහ කර ගත් බව සඳහන් කළේය .
"අප ආණ්ඩුව නම් මේ ණය පසුව ගෙවීමට පසුබිම හදාගන්නවා.ගෝඨාභයත් යන්නේ මහින්ද රාජපක්ෂ ගිය පාරේ .පළමු අවුරුද්දෙම එක්සත් ජාතීන්ගේ සංවිධානය තරහ කරගත්තා.ජීඑස්පී ප්ලස් සහනය ගැන යළි සළකා බලන බව යුරෝපා හවුල කිව්වා. ලබන මාසය මොනවා වෙයිද දන්නේ නැහැ "යනුවෙන් ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අයවැය දෙවන වර කියවීමේ විවාදය ට එක්වෙමින් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනතරම් ජාත්‍යන්තර සහයෝග තිබුණත් වැඩක් නැහැ... තාම රට ණය කන්දරාවෙන් ඉන්නේ...
හන්තාන පාලු කරන්නත් දන්නවා.
ජාත්‍යන්තරයත් සමග වාද කරලා තමයි බින්දුවටම පල්ලම් බැස්සේ .දැන් මරු කියවනවා ,අනේද කියන්නේ
‘‘ජාත්‍යන්තරය සමග වැඩකරන්න දන්නවා.‘‘ කියන්නේ එයාලා කියන විදිහට වැඩකරන එක වෙන්නැති.. යුද්ධය දිනාගෙන එනකොට, ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කිව්වෙත් ඒකනේ..
යුද්ධය දිනපු අපට ජාත්‍යන්තරය මට්ටු කරන එක වැඩක්ද?
දන්නවා දන්නවා එහෙම වැඩකරලා තමයි අපි යුද්දකාලේ යුද්ධ අපරාදකලයි කියලා මානව හිමිකමත් එක්ක සම අනුග්‍රහය අත්සන්කලේ.