( නාලක සංජීව දහනායක)
මහජනතාව තමන් සමඟ සිටින බවට මාධ්‍ය හමුවලදී පම්පොරි ගැසුවද එක්සත් ජාතික පක්ෂය මැතිවරණයකට ඉදිරිපත්වීමට බියක් දක්වනවා යැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු දිලුම් අමුණුගම මහතා අද (21) පැවැසීය.
ඉක්මනින් මහා මැතිවරණයක් පැවැත්වීම සඳහා එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන්නේනම් එය සම්මත කර ගැනීම සඳහා විපක්ෂයේ පූර්ණ සහය ලබාදෙන බවද ඔහු කීය.
මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළාය.
මැතිවරණ එපා කියල නඩු තීන්දුවක් ලැබීමේ ප්‍රීතිය නිමිත්තෙන් රතිඤ්ඤා පත්තුකරන එකම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. යම් හෙයකින් මැතිවරණයක් පැවැත්තුවහොත් තමන්ට ලැබෙන ප්රථිඵලය කුමක්දැයි කියන්න දන්නා නිසා ඔවුන් එලෙස හැසිරෙනවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ මේ හැසිරීම පිළිබඳව අපිට පුදුමයක් නැහැ.
පසුගිය අවුරුදු තුනේදි මහජනතාවට සේවයක් කළානම් මැතිවරණයකට මුහුණ දෙන්න බය වෙන්න දෙයක් නැහැ.
මාධ්‍ය හමුවල පම්පෝරි ගහනව වගේ එන්න මැතිවරණයකට. අපි මැතිවරණයකට ගිහිල්ලා ජනතාවගේ කැමැත්ත කාටදැයි කියල බලාගමු. ඒ නිසා මහා මැතිවරණයක් පවත්වන්න එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවොත් එය සම්මත කරගන්න අපි සම්පූර්ණ සහයෝගය ලබාදෙනවා.
පසුගිය මැයි දිනයදා මහජනතාවගෙන් අපි ගාලූමුවදොර පිටිය පිරෙවුවා. මැතිවරණ කල්යෑමේ ප්‍රීතිය සමරන්න එක්සත් ජාතික පක්ෂයත් ළඟදි ගාලූමුවදොර පිටියේ රැළියක් පැවැත්තුවා. ඒ රැළියට මහජන සහභාගීත්ව කොහොමදැයි අපි දැක්කා.
ඒ වගේම නව රජය විසින් ලබාදුන් ඉන්ධන සහනය ගැන අපි සතුටට පත්වෙනවා.ඉදිරියේදී අත්‍යාවශ්‍ය දේවල්වල මිළ තවත් අඩුවේයැයි විශ්වාස කරනවා යැයිද ඔහු සඳහන් කළේය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී අද (21) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා තාම පාර්ලිමේන්තුවේ ඉන්නවනේ....
ආ... මේ අර මයික්වල වයර් කඩන ඩයල් එකනේ...
දැන් අත හොඳයිද?
නඩු තීන්දුවත් කියවන්නේ නැතිව කියන්නන් වාලේ මහජනයා නොමග යවන කෙනෙක්..
ඔබ මයික් කඩන්නත් බය නැහැ නේද? අනික නඩු තීන්දු මැතිවරණ එපා කියමින් නොවේ. ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී බව. මේක ඔබත් දන්නවා. නිකම් ජනතාව මුලා කරන්න එපා.
රටේ නීතියේ හැටියට එක එක්කෙනාට ඕනෑ ඕනෑ වෙලාවට මැතිවරණ තියන්න බැහැ නේද? ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියක් අවශ්‍ය බවයි කියන්නේ.
රාජ්‍ය දේපොළ විනාශ කල කෙනෙකුට මෙවැනි ප්‍රකාශ නිකුත් කළ හැකිද?
ඔබතුමාලා ඉල්ලගෙන කෑවට, ඇදගෙන නෑවට රටේ මිනිස්සුන්ට කරන්න දෙයක් නැත.
මැතිවරණ තියන්න මේ අයට තියන පිස්සුව මොකක්ද? අනික කෝටි 650 ක් යනවා ඡන්දයකට. මේවා මහජන මුදල්. මේ අයගේ සාක්කුවෙන් දෙනවද? බලයට එන්න තියෙන කෑදරකම මිසක් වෙන දෙයක් නැහැ.
දැන් බයවෙලා තියෙන්නේ මන්ත්‍රීකම නැතිවෙයි කියලා. ඒකයි මේ මහජන මුදල් කාබසිනියා කරන්න ඡන්ද ඉල්ලන්නේ... ඔච්චරටම ඕනෑනම් මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියන්න අපි ඡන්දයට යන වියදම මුලින්ම එකතුකරලා දෙනවා... (ගෙවල් දොරවල් ටික වික්කා නම් පුලුවන් ලේසියෙන්ම හොයා ගන්න පුලුවන්නේ...) කියලා. එහෙමනම් ඉතින් හෙටම වුණත් තියන්න පුලුවන්නේ ඡන්දයක්...
මැතිවරණයක් එනතුරු තමයි, අපිත් බලාගෙන ඉන්නේ. ඔහෙලා වගේ අය එලෝලම දාන්න. අපිට ඕන නැහැ, ගණන්කාරයන්ව, මිනීමරුවන්ව, මිරිස්කුඩුකාරයින්ව පාර්ලිමේන්තු යවන්න!
මෝඩ මහතාණෙනි, ලෝක කුසලාන පාපන්දු තරග ක්‍රිකට් තරග තබන්නේ නියමිත කාලයට පමණි. දිනූ අය පසුව පැරදුණු නැවතත් නියමිත කාලයට මිස නැවතත් ලෝක කුසලාන තරග නොතබයි... මේවාට යන මුදල් මැදමූලන සල්ලි නොවේ. අැරත් තමුන්ට වැනි පුද්ගලයන් මිස හොඳ මිනිසුන් ඔබගේ පක්ෂයෙන් ඉදිරිපත් නොකරනු අැත.
බයද, නැද්ද කියලා පහුගිය දේවල්වල ප්‍රතිඵල වලින් දකින්න ඇතිනේ. ගෝල් ෆේස් එකේ රැස්වීම එක උදාහරණයක් විතරයි. එ්කේ ලොකු බව හෝ පොඩි බව තමන්ගේ ප්‍රමාණයට තීරණය කරගත්තට කමක් නැහැ. එ්ත් ශ්‍රී.ල.නි.ප. පස්සේ එල්ලිලා ඇවිත්, දැන් පොහොට්ටු අටවාගෙන දේශපාලනය කරන්න එන අයට කියන්න තියෙන්නේ එක දෙයයි. ව්‍යවස්ථාව අඩුම වශයෙන් එක සැරයක්වත් කියවා ගෙන පාර්ලිමේන්තුවට එන්න කියලා විතරයි. මොකද ව්‍යවස්ථාවට අනුව නැතුව, වෙනම ක්‍රමවලින් මැතිවරණයක් ගැන කතා කරන එකත්, මිනිසුන් උසිගන්වන එකත්, රටේ ව්‍යවස්ථාවට අනුවත්, නීතියට අනුවත් දඬුවම් ලැබිය යුතු වරදක් බව දැනගත්තොත් හොඳයි.
ඇතිද අහගත්ත ටික. මේකේ දලා තියන අදහස ටික කියවල දැන්වත් වැඩක් බලාගෙන ගෙදරට වෙලා ඉන්න. නිකන් පව් නොදී.
බය වෙන මොකටවත් නෙමේ. ඔයා ආයේ අත කපාගනී කියලා
මෙයා මයික් කඩාපු ඒවායේ සල්ලි ගන්න කියන්න ප්‍රකාශ නිකුත් කරන්න කලින්.
අපිට නීතිය සුරකින පුද්ගලයන්ගේ දැනගන්න ඕනේ පොදු දේපොළ වලට ප්‍රසිද්ධියේ අලාභ හානි කරනවා දකිනවා නම් ඔවුන්ව අත්අඩංගුවට නොගන්නා විශේෂ හේතුව ?දේශපාලකයන්ට හා ඔවුන්ගේ අනුගාමිකයන්ට රටේ ඕනෙම දෙයක් කිරීමටත් ඒ වෙනුවෙන් ඔවුන් නිදහස් කර ඇති බවත් නීතියේ කොහේ හරි සඳහන්ව තිබේද ?
මතිවරයට යන්න කලින් පාර්ලිමේන්තුවේ කඩපු මයික් එකේ අලාබය ගෙවලා එන්න මහත්තයෝ ....
මැතිවරණ භයනැද්ද? 30 වතාවක් පරාදවෙලා 31වෙනි වතාවේ ෆොන්සේකා මුට්ටිය දාලා බැලුවා. වැදුනා මුට්ටිය කුඩුවෙන්න. ඊට පස්සේ සිරිසේනව දාලා රටේම බොරුකියලා සුළු ජාතික දෙලක්ෂ 50 දාහක් ලබාගෙන සිරිසේන පස්සෙන් ඇවිත් එල්ලෙන්න වැල් නැතිව සිටි ශ්‍රී ලංකා ගොයියෝයි එකතු කොරගෙන රජයක් පිහිටෙව්වා. එජාපයිනී ටිකක් හිතපල්ලා ඔය සුළු ජාතීන් නැතිව නුඹලාට ඡන්දයක් දිනන්න පුලුවන්ද කියලා. පෙබරවාරි ඡන්දෙන් දැක්කා නේද නුඹලාට අත්වෙන ඉරණම. ඒ ප්‍රතිපලය ආපසු හැරෙන්න දෙයක් නුඹලාගෙන් රටට ජනතාවට සිදුවූනේ නැත.
මෙයා දේශපාලනයට නොමේරු කලලයක්... ජනතාව කලබල වියුතු නෑ.
පාර්ලිමේන්තුවේ ඉන්න දෙයියෝ මයික් එක ඇදලා කඩනකොටම දඬුවම් දුන්නා දැන් පොහොට්ටුවේ අධිකරණ ශාලාවේ ඉඳගෙන පට්ට පල් බොරු ඇද බානවා කෝ SB ?
බයවෙන්න ඕන ඔයගොල්ලන් වගේ ප්‍රවේනි උරුමයෙන් දේශපාලනයට පැමිණි ඇත්තෝ ! තමන් රට වෙනුවෙන් කල එකම දෙයක් කියනවාද? මහජන මුදලින් නඩත්තු වෙන රාජ්‍ය දේපල කඩපු උදවිය හිරේ දාන්නේ නැති එකම රට මේක !
ශ්‍රී ලංකා පක්ෂය දෙකට කැඩිලත් එජාපෙ පරාද වුනානේ...
මෙයාගේ මොලේ තරම පේනවා.
ත්‍රස්තවාදී නායකයන් විපක්ෂ නායකයන් විදියට ඉන්නවාට වඩා දැන් ක්‍රමය හොඳයි.
ඡන්දෙ එනකම් තමා අපි බලාගෙන ඉන්නේ ඔයාලා වගේ අය ගෙදර යවන්න ....
මේ නුවර රස්තියාදු කාරයෙක්.
මෙම පක්ෂය අතීතයේ සිටම මැතිවරණ නොතියා සිටීමට නොයෙක් උපක්‍රම භාවිතා කළා. අපිට මතකයි ලාම්පු කළගෙඩි සෙල්ලම. එදා එයට විරුද්ධ වූ වාමාංශික පක්ෂය අද ඔවුන් සමග නොපෙනෙන විදිහට සන්ධානගතව සිටිනවා.
භය නැතිව ජනාධිපතිවරණයකට යමු