
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂය නව වසරේ වැඩ ඇරැඹීම පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (3) සිදු කෙරිණි.
නිරෝධායන නීති රීති වලට අනුකූලව ඉතා චාම් අයුරින් පැවැති මෙම වැඩ ඇරඹීමේ අවස්ථාවට එජාප ක්‍රියාකාරීන් පිරිසක් ද සහභාගී වී සිටි අතර කැවුම් කිරිබත් සංග්‍රහයක් ද පැවැත්විණි.
පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන ,මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහත්ම මහත්මීන් ප්රමුඛ පක්ෂ නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ අල්ලන්නේ කා සමගද? මෙයාලට කවුද ඉන්නේ... මෙයාලගෙ හැටි දන්න නිසා කැලේ ඉන්න අලිවත් එන්නේ නැහැ...
අල්ල අල්ල ඉන්නවා හැරෙන්න වෙන මොනවා කරන්නද?
පරණ කට්ටියම පුරුදු ප්‍රතිපත්ති සමඟ වැඩ ඇල්ලුවාට වැඩක් නෑ. රටට, දැයට, සමයට සැබෑ ආදරයකින්, නව දැක්මකින් පටන් අරන් සැබෑ සේවයක් කරන්න ඉදිරියට ආ යුතුයි. නැත්නම් ඉතින් කැපුවත් කොළපාට අය මේ පැත්තේ, කැපුවත් නිල් පාට, රතු පාට අය අනිත් පැතිවල... ඒ පටු ජනතාව හරි වැරැද්ද දකින්නේ නෑ. රටට හානිවුණේ ඒකයි.
මෙතෙක් කල් ඇල්ලුවේ අත්වැඩ ද නැත්නම් මොන වැඩද ...? සියලුම රූපකායන්ගෙන් නම් ඉතාමත්ම පැහැදිලි වෙන්නේ ආහාර දුර්භික්ෂයකට මැදිවෙලා වගේ... අප රටේ දේශපාලුවන් වැඩිම වැඩි පිරිසක් ගොන් පාර්ට් ඔස්තාර්ලායි. මෙයත් එයට හොඳම උදාහරණයකි..
මේ අවුරුද්දත් හබත් තමයි. මරු සිටින දවස බලාගෙන නේද කිරිබත් කන්නේ..?