(අංජුල මහික වීරරත්න)
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස පත් කිරීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (24) ඒකමතිකව තීරණය කළේය.
ඊට අමතරව වරාය හා නාවික කටයුතු දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පක්ෂයේ අභ්‍යන්තර කටයුතු ලේකම් ලෙස පත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ පැවැත්විණි.
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ශක්තිමත් ලෙස මුහුණ දීමට වැඩපිළිවෙළක් සකස් කිරීමේ වගකීම පක්ෂ සභාපති කබීර් හෂීම් මහතා වෙත මෙහිදී පවරා ඇති අතර එම වැඩපිළිවෙළ පක්ෂයේ නිලධාරී මණ්ඩලයට ඉදිරිපත් කර පසුව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට යෝජනා වී තිබේ.
ගම්පෙරළිය වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳවද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.
රජයේ සංවර්ධන වැඩකටයුතු සම්බන්ධයෙන් රජයේ මාධ්‍ය වලින් ලැබෙන ප්‍රචාරය ප්‍රමාණවත් නැති බවද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සාකච්ඡා වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවීන්ට සජිත්ට ලා ලා ලා රෝස පාට එළියක්
නිවැරැදි තෙරීමක් තව වසර කිහිපයකින් එ.ජා.ප. යෙ නායකත්වයට ඩනතාවට පිළිගත හැකි නිහඩ ජනතාව කැමති නායකත්වයක් ලැබීමට පෙරමග සලකුණ මෙතුමයි .අනාගත දවසකම රටෙ නායකත්වට පත්වන බව නමි කිව හැක.එ ඔහුගෙ අැති නිහතමානී නායකත්වයයි.
මෙතුමා තමයි එජාපෙ ඊළඟ නායකයා හෙවත් ඔටුන්න හිමි කුමාරයා.. ඔය අනෙක් අය හීනමවන් හිටියට හරියන්නේ නැහැ.
මේ මහත්තුරු දෙන්නා ඔක්තොම්බර් 26 දිනෙන් පසු අරලියගහ මන්දිරයේ සිදුවුණු අරගලයේදී පැවැති දිනපතා මාධ්‍ය හමුවකට සහභාගී වූවාද කියා අප නම් දුටුවේ නැත. ඒ වගේම ඔවුන් කිසිදු සටන් ක්‍රියාමාර්ගයක් සංවිධානය කළා ද කියා කිසිවෙකු නොදනී. නිලමේ බේරා ගැනීම සඳහා පොලිස්පතිවරයාට දුන් කුප්‍රකට දුරකථන ඇමතුම" වැනි සිදුවීම් නිසා මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාව සිටි ගාමිණී සෙනරත් අත් අඩංගුවට ගැනීමට යද්දී ඔහුට රැකවරණය ලබාදුන් බවට චෝදනා එල්ලවී ඇති සාගල රත්නායක වැන්නවුන් සමඟ රටේ සියයට පනහකට වඩා ඡන්ද ලබා ගත යුතු සටනක් මෙහෙයැවීමට ගියොත් රනිල් වික්‍රමසිංහ යලිත් අති සාර්ථක පරාජයක් උරුම කර ගන්නා බව ලොකු පොඩි සෙසු පාක්ෂිකයෝ පවසති.