එෆ්.අස්ලම්
උතුරු නැගෙනහිර පළාත්වල කිසිදු කටයුත්තක් දෙමළ ජාතික සන්ධානයේ අනුදැනුමකින් තොරව සිදුනොකරන බවට එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ වූ පොරොන්දුව මත තම සන්ධානයේ සහාය හිටපු අගමැතිවරයාට ලබා දුන් බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
එක්සත් ජාතික පෙරමුණට සහාය දීම වැදගත් ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කළ බවත් සිය ඉල්ලීම් කෙරෙහි රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ එකඟතාව පළවූ බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පැවසීය.
එක්සත් ජාතික පෙරමුණට සහය පළකිරීමේ ලිපිය ලබාදීමෙන් පසු තම ඉල්ලීම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආර්.සම්බන්ධන් ප්රමුඛ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලීමේන්තු කණ්ඩායම 29 දා සවස 4.30 ට පමණ අරලියගහ මන්දිරයේදි රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කර තිබේ.
එම හමුවේදි දෙමළ ජාතික සන්ධානය ලබාදෙන සහය වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමින් ජාතික ගැටළුවට විසඳුම් ගෙන ඒම,ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම,දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, උතුරේ ආරක්ෂක හමුදාව බාරයේ ඇති ඉඩම් නිදහස් කිරීම වශයෙන් ඉල්ලීම් ගණනාවක් ඇතුළත් ලැයිස්තුවක් ඉදිරිපත් කළ අතර ඒ සියලු ඉල්ලීම් ඉටුකරන බවට රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වූ බව දෙමළ ජාතික සන්ධානය කියා සිටියි.
මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා කිරීමටත් එකඟවී ඇති අතර තම පක්ෂයේ සහය ඇතිව පිහිටුවනු ලබන නව ආණ්ඩුවේ තනතුරු ලබා නොගත්තද උතුරු නැගෙනහිර කිසිදු ක්‍රියාවක් දෙමළ ජාතික සන්ධානයේ අවසරයකින් තොරව සිදුනොකළ යුතු බවට කරන ලද ඉල්ලීම එලෙසින්ම ඉටුකරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.
මෙම හමුවට සිවඥානම් සිරිධරන් හා එස්.සිවමෝහන් යන පාර්ලිමේන්තු මන්ත්රීවරන් දෙදෙනා හැර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙකු සහභාගී වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, උතුරේ ආරක්ෂක හමුදාව බාරයේ ඇති ඉඩම් නිදහස් කිරීම, මේ ටික කළාම වෙනම රජයක් දුන්නා වගේ තමයි.. වෙනසක් නෑ.. කොහොමද රනිල්ගේ ටිකිරි මොලේ?
යස අගෙයි... රටට දෙවියන්ගේම පිහිටයි...
මෙයා හදන්නේ දෙමළට රටත් ලියල දෙන්න. ඒකයි මෙයාට සම්බන්ධන් මේ තරම් දරදිය අදින්නේ... අපේ රටේ කාලකන්නිත් ඉතිං ඕනෙ දෙයක් වෙද්දෙන් කියලා ඔහේ බලාගෙන ඉන්නවා. බල තණ්හාවට කාටවත් පක්ෂෙ දෙන්නෙත් නෑ... රටත් කනවා. මේ ලියලා තියන ඒවා කළොත් රනිල්ට හෙන හතම ගහයි. වලේ ඉන්න අපේ අහිංසක කොල්ලො බොලේ බොටුව මිරිකයි. බල තණ්හාවට මේ රට විකුණන්නේ මේක තමුන්ගේ බූදලේද?
තමුන්නාන්සේලා රටේ සිංහල ජාතින්ගෙන් ඡන්දය අරගෙන බලයට ඇවිල්ලා, දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය විදියටද උතුරු, නැගෙනහිර පාලනය කරන්න හදන්නේ... යන්න ඉන්න යකා රටේ සියලුම දෙවල් නැත්තටම නැති කරලා යන්නද හදන්නේ? රටේ පුරවැසියන් හැටියට දෙසැරයක් නෙමෙයි සියදහස් වාරයක් හිතන්න ඕනෑ.. ඊළඟ ජනතා අධිකරණයේදී මේ වගේ පුද්ගලයින්ට අපේ රටේ අනාගතය බාර දෙනවද කියලා තීරණය කරන්න. නැති බලයක් රැකගන්න රටත් විකුණාගෙන කන මිනිස්සු... රටේ නායකත්වයට සුදුසුද කියලා හිතන්න වෙනවා.
දෙමළ සන්ධානයේ එස්. විලෙන්තිරයන් මන්ත්‍රීවරයා මහින්ද රාජපක්ෂ කණ්ඩායමට එකතුවී ඇමැති තනතුරක් ලබා ගැනීම "රට බේරාගැනීමට ගන්නා ලද කාලෝචිත ක්‍රියාවක් " ලෙසට දකින සමහරු දෙමළ සන්ධානයේ සහයෝගය රනිල් වික්‍රමසිංහට ලබාදීම දකින්නේ රට බෙදීමේ කුමන්ත්‍රණයක් ලෙසයි. සයිටම් අර්බුධය, සිංගප්පුරු ගිවිසුම, හම්බන්තොට වරාය, රුපියල බාල්දු වීම දැන් සමහරු දකින්නේ "නොවැළැක්විය හැකි කාරණා" ලෙසටයි. මේ රට නම් කවදාවත් හදන්න පුළුවන් එකක් නම් නෙවේ...
දෙමළ මිනිස්සුනේ මේ මිනිස්සු විශ්වාස කරන්නට එපා. ඔය කියන දේවල් දෙන්ට දකුණේ මිනිස්සු ඉඩදෙන්නේ නැහැ. රනිල් හදන්නේ බලය අරගෙන ආණ්ඩුබලය එක්ක ඡන්දෙකට යන්ට. බලය ගන්ට තමා මේ ඔබතුමාලට බොරු පොරොන්දු දෙන්නේ... යම්කිසි විදියකින් මහින්ද ආවොත් ඔය දෙන පොරොන්දුවලට මොකද වෙන්නේ? මේ හිටිය වගේ පැත්තකට වෙලා බලාගෙන ඉන්ට මොකද වෙන්නේ කියලා.
ප්රභාකරන්ට යුද්ධයෙන් කර ගන්න බැරි වූ දේ කරලා දෙන්න රනිල්... ඒක තමා ඔබට පුළුවන්. රටත් කන්න ආපු අයනේ...
අපොයි...?
දැන් එතකොට රනිල් දමිළ සංධානය සමග එකතුවුණාම වැරදියි. මහින්ද දමිළ සංධානයේ මන්ත්රීලාට ඇමැතිකම් දිම, නාමල් කොටි සිරකරුවන් නිදහස් කරන්න යන එක හරි...
එජාපය එකට කඩේ ගිය අයට දැන් සනීපද?
දෙමළ සන්ධානයේ එස්. විලෙන්තිරයන් මන්ත්‍රීවරයා මහින්ද රාජපක්ෂ කණ්ඩායමට එකතුවී ඇමැති තනතුරක් ලබා ගැනීම "රට බේරාගැනීමට ගන්නා ලද කාලෝචිත ක්‍රියාවක්" ලෙසට දකින සමහරු දෙමළ සන්ධානයේ සහයෝගය රනිල් වික්‍රමසිංහට ලබාදීම දකින්නේ රට බෙදීමේ කුමන්ත්‍රණයක් ලෙසයි.
මේවා වගකීමෙන්ද කියන්නේ? අපිට මේවා සහතිකද කියල බලන්න ඕනේ...
දෙමළ අයත් එක්ක ගිවිසුම් ගහලා එන්නකෝ... සිංහල අපේ ඡන්ද ගන්න.
රට බෙදන ඉල්ලීම් කරන්නේ කව්ද කියලා බලන්න. එ්කයි වැදගත්...
මෙච්චර ආදරෙන් ළං වුනේ ඕකට කියලා මේ මුළුරටම දන්නවා. සාධාරණ ඉල්ලීම් දුන්නට කමක් නැහැ. එ්ත් මේ හදන්නේ නැවතත් ත්‍රස්තවාදය වපුරන්න. අහිංසක මිනිසුන්ට කොටවන්න ඩොලර් වලට කරන ඒ හැමෝටම සාපවෙවා...!!!
මෙයාට කඩේ යන මෝඩ එහෙයියන්ට දැන්වත් තේරෙන්නේ නැද්ද මන්දා මේ මිනිහා රටට කරන විනාශය. එහෙම නැත්නම් මෙයාට වගේම එයාගේ එහෙයියන්ටත්, රටට කෙලවුනත් කමක්නැද්ද දන්නෑ මිනිහා අගමැති වෙලා ඉන්නවා නම්.. ලක්ෂ ගාණක් දිවිපුදලා රැකගත්තු රට, බන්දේසියක තියලා පාවලා දෙනවා බලය රැකගන්න.. අන්තිමට බලය යොදලා පාලනය කරන්න රටක් එයාටත් ඉතුරු වෙන්නෑ කියලා නොතේරෙන හැටි...
බලය ගන්න රට පාවාදෙනවා..
බලය වෙනුවෙන් ඕනෑම ජරා වැඩක් කරන කෙනෙක්..
විශිෂ්ට තීරණයක් මැතිතුමනි, ජයවේවා !!!
මේවා පොහොට්ටුවේ ජනමාධ්‍ය ප්‍රචාරණ...
දැන් එළියට ආවාට ඕවා පොරොන්දු වුනේ 2014 දී. අපි ඕවා දැනගෙන හිටියා.... එ්කනේ අපිට රනිල් සමග තිබෙන වෛරය...
අපේ රට මේ අය විනාශ කරනවා.