(අංජුල මහික වීරරත්න)
නිදහස් සටනේ පුරෝගාමියකු වූ එෆ්. ආර් සේනානායක මහතාගේ 96 වන ගුණ සමරු උත්සවය කොළඹ එෆ්.ආර් සේනානායක පිළිරුව අසලදී පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්රමුඛ සේනානායක පවුලේ ඥාතීහු මෙම අවස්ථාවට සහභාගි වූහ.
ෆෙඩ්රික් රිචඩ් සේනානායක මහතා උපත ලැබුවේ 1882 දීය. මීරිගම බෝතලේ නම් ගමෙහි විසූ ස්ටේපර් සේනානායක මුදලිතුමා ඔහුගේ පියාය.
වැඩිදුර අධ්‍යාපනය සදහා එංගලන්තයට ගිය ඔහු නීතීඥයෙකු වශයෙන් නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ ද නීතීඥ වෘත්තියට වඩා පොදු ජන සේවය කෙරෙහි සිත යොමු කළේය. 1912 බ්‍රිතාන්‍ය පාලකයන් දිවයින පුරාම සුරා සැල් පිහිටුවීම ආරම්භ කළ අතර ජනතාව එයින් මුදාගැනීම සදහා එෆ් ආර් සේනානායක මහතා ලංකා අමද්‍යප ව්‍යාපාරය ආරම්භ කළේය.
ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීම වෙනුවෙන් මහාමාන්‍ය ඩී .එස් සේනානායක මහතා සමඟ උරෙනුර ගැටී කටයුතු කළ එෆ්.ආර් සේනානායක මහතා අවුරුදු 44 දී අභාවප්‍රාප්ත විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd