ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පෙරමුණ අතර පැවැති සාකච්ඡා විසදුමකින් තොරව අවසන් වී තිබේ.
ඊයේ පැවැත්වීමට තිබූ මෙම සාකච්ඡාව අදට කල් තැබුණු අතර අද (3) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්විණි.
එක්සත් ජාතික පෙරමුණු නායක රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිධුරය ලබා දීමට ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී එකඟ නොවූ බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපිරියි! මේක විසඳන්න පුළුවන් මහමැතිවරණයකින් පමණයි!
රටේ අනාගතය කෙසේවෙතත් මේක දැන් පුද්ගල ආරෝවක් බවට පත් කරගෙන ඇති බවයි පෙනෙන්නේ.
ජනාධිපතිතුමනී ඔබේ ස්ථාවරයේ ඉන්න. රනිල් අගමැති කමට නුසුදුස්සෙක් බව ඔප්පු කලේ 2001 දී.
ඇයි ඉතින් වීරයෙක් වගේ කීවනේ රනිල් අගමැති වුනොත් පැයක්වත් ඉන්නේ නැහැ කියලා .. දැන් වෙන්නේ රනිල් අගමැති වෙන එක තමයි නමුත් එයා අහයි මම එහෙම දෙයක් කීවද කියලා ?
ඇයි මේ අයත් එක්ක කතා ?
225 ගෙදරම යවන්න රාජ්‍ය නිලධාරින්ට රටේ පරිපාලනය බාරදෙන්න.............
පාර්ලිමේන්තුවේ බහුතරයක ඉල්ලීම ජනාධිපති නොසලකා හරිනවානම් එයට එරෙහිව ක්‍රියාකිරීමට නීතිමය ප්‍රතිපාදන නැතිද?
දැන් රටයන හැටියට ඔබතුමා විතරක් හිටියත් ඇති වගේ පේනවා.
වෙන ඕන කෙනෙක් අගමැති කරන්න ......
කොහොමද මගෙ පුංචි මොලේ? මං තමයි දැන් එකම ලොක්කා
ඉස්සෙල්ලාම කව්රුහරි මේ රටේ ව්‍යවස්ථාව උල්ලංඝණය කළහොත් නීතිය අනුව කටයුතු කිරීමට හැකියාව ඇතියි කියලා මම හිතනවා. එය එසේ මෙසේ වරදක් නෙමෙයි කියලත් හිතන්න පුළුවන්....