
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරය සඳහා හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා පත් කර තිබේ.
පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉහත පත්කිරීම සිදු කර ඇති අතර පක්ෂයේ කළමනාකරණ කමිටුව අදාල පත්කිරීම සඳහා අනුමැතිය දුන් බව එජාප මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා කීය.
පක්ෂයේ ජාතික සංවිධායක ධුරය සඳහා නවීන් දිසානායක මහතා පත් කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය මීට පෙර තීරණය කළ ද තනතුර බාර ගැනීම දිසානායක මහතා ප්‍රතික්ෂේප කිරීම නිසා වසරක පමණ කාලයක් තිස්සේ එම තනතුර පුරප්පාඩු වී පැවැතිණි.
සාගල රත්නායක මහතා ජාතික සංවිධායක ධුරයට පත් කිරීමේ තීරණය පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර අනුමත කරගන්නා බව පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කීය.
සාගල රත්නායක මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ලෙස කටයුතු කළ අතර පුරප්පාඩු වූ එම තනතුර සඳහා පුද්ගලයන් දෙදෙනකු පත් කිරීමට නියමිත බවත් දෙමළ සහ මුස්ලිම් නියොජනයක් ලැබෙන පරිදි ඉදිරියේදී එම පුරප්පාඩු පුරවන බවත් එජාප මහලේකම්වරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරි මැතිවරණයෙන් පිනට ලැබුණු ආසනයත් පක්ෂය නැතිවෙන වැඩක් කවුද අප්පා සාගතට මනාප දෙන්නෙ
අලියා මැරුවා . ආයේ පණ එන්නේ නැහැ . ගහේ මලට ඉස්සෙල්ලා එන එකටත් කවදා හරි වෙන්නෙත් ඒකමයි .
මේ මනුෂ්‍යයා එන එක ගැන සංතෝසයි... පක්ෂය නැත්තටම නැතිව යන්න ගත්තු යහපත් පත්කිරීමක්... හොරුන්ටම ගැලපෙන හිටපු පොලිසිය බාර මැතිතුමාට ජය...!
හරියට ලැබුණු එකම එක ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරය පත් කළා වගේ මෙම පුරප්පාඩුවත් පත් කරලා තියන්නේ. ඉතින් කොහොමද රට හදන්නේ?
අනේ අම්මපා රනිල් ඇම්ඩ නොදුරේදී තරුණ ජවය රටට හදුන්වා දෙනවා කියල. කිව්වා නේද....? හරිම තරුණ හාදයෙක්නේ මේ හැබෑට....
එකම කොලු රෑන
මොන දේකරත් යූ.එන්.පී එකට නැගිටීමක් නැහැ
පොහොට්ටුවටම බනින්න බෑ. දැන් මේකත් පවුලේ පක්ෂයක් වෙලා..!
වැඩේ හරි. වැඩේ හරි. දිනලා තියෙයි...
පක්ෂ නායකත්වයට සුදුස්සා ජාතික සංවිධායක තනතුර කෙසේවත් ගන්නේ නැහැ. සිටින නායකයාට ඕනෑ කරන්නේ පක්ෂලා වගේ පවුලේ පක්ෂයක් කරන්න. ඒකනේ මාමගේ පුතාට අනාගත නායකත්වය ලැබීමට නියෝජ්‍ය නායක තනතුර දුන්නේ... ඒ නිසා ඔවුන්ගේ පවුලටම කරගන්න දීලා අනෙක් අය අයින් වෙමුකෝ...!!!
පරණ තැටියම තමයි...