IMG-LOGO

එජාප කෘත්‍යාධිකාරියෙන් ෆොන්සේකා අජිත් ඉවතට

( +++ අංජුල මහික වීරරත්න)

කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සහ පත්කළ මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි එජාප අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ දෙදෙනා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂයේ සාමූහික විනය කඩ කිරීමේ චෝදනාව මත යැයි දැනගන්නට තිබේ.

එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නිල කාලය පසුගිය දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ අතර අලුත් සාමාජිකයින් පත් කිරීමෙන් පසු අද (30) පස්වරු 3ට සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී නව කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමට නියමිතව ඇත.

එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට නව පත්කිරීම් සිදු කළාදැයි පිටකෝට්ටේ සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (29) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පක්‍ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසුවේ ‘එක්කෙනෙක් දෙන්නෙක් ඇරුනම පරණ අයම පත් කළා” යනුවෙනි.



අදහස් (33)

එජාප කෘත්‍යාධිකාරියෙන් ෆොන්සේකා අජිත් ඉවතට

Mahee Thursday, 30 January 2020 04:51 AM

ඔතන එක්කෙනෙක් විගනකාධිපතිටත් බැනලා ෆුට් නෝට් දාපු එකටවත් සැලකුවේ නෑ නේද? දුකද? ඔහොම තමයි ලෝකේ හැටි.

:       192       229

Akila Thursday, 30 January 2020 04:52 AM

දාල යන්න කැමති නැති නායකයාව විවේචනය කරපු දෙන්නව අයින් කරලා

:       107       414

RANIL Thursday, 30 January 2020 05:16 AM

මට අකිල, රවී වාගේ අය හිටපුවාම හොඳයි.

:       77       105

Buddika Thursday, 30 January 2020 05:27 AM

ඔව් ඔව් පක්‍ෂය තවත් වලපල්ලට දාන්න පුළුවන් ඔක්කොම ටික කරන්න.

:       70       411

ඒකනායක Thursday, 30 January 2020 11:03 AM

ප්‍රතිපත්තියක් නොමැති සියලු දෙනා පක්ෂයෙන් ඉවත් කොට එක්සත් ජාතික පක්‍ෂය වැදගත් මහත්වරුන්ගේ පක්ෂයක් කළ හැකිවන්නේ මහත්වරුන්ටම පමණකි. අද කටමැත දොඩවන නායකයා විවේචනය කළ පක්ෂයේ විනය කඩ කළ අාසන පරාදවුණු සියලු දෙනාට ඉදිරි පාර්ලිමේන්තුවේ අවස්ථාවක් නොමැති බවත් කිව යුතුය.

:       52       126

kap Thursday, 30 January 2020 05:40 AM

තමන්ට තර්ජනයක් වෙන හැමෝටම මේ ආනිසන්සේ තමයි.

:       513       420

ලක්ෂිත Thursday, 30 January 2020 05:54 AM

පක්ෂයට තියෙන ලොකුම කොඩිවිනය රනිල් වික්‍රමසිංහ. මෙතුමා පක්ෂයට, පාක්ෂිකයාට, රටට කළ දෙයක් සාපේක්ෂව ඇත්තෙම නැත. පක්ෂය ගොඩගත හැකි අනාගත නායකත්වයක් පේනතෙක් මානයක නැත. දෙවෙනි පෙළ නායකත්වයක් බිහිකිරීම පසෙකලා පක්ෂ නායකත්වයට කුලල් කාගෙන පක්ෂය විනාශ මුඛයට රැගෙන ගිය පුද්ගලයින් පක්ෂයෙන් නෙරපා හැරිය යුතුය. දැන් නම් ගොඩගන්නට බැරි තරමටම අවුල්ය. බලාපොරොත්තු කඩවූ එජාප පාක්ෂිකයා දැන් දැන් ගෝඨාභය වටා එක් රැස් විය යුතුය. වෙනත් විකල්පයක් නැත.

:       308       1094

සුරංග Thursday, 30 January 2020 08:00 AM

ලක්ෂිත ඔබ කියන්නේ ඇත්තයි. රනිල් වික්‍රමසිංහ , මහින්ද රාජපක්ෂ නඩය හොඳට රැකබලාගත්තා මිසක් රටට කරපු දෙයක් නැත...

:       3       316

ලැවොයිසියර් Thursday, 30 January 2020 06:21 AM

එජාපෙ රනිල්ට හැරමිටියක් වෙලා.

:       2       143

wicky Thursday, 30 January 2020 06:30 AM

දැන් සිරිකොතේ කයිවාරුව විතරයි. ඒ නිසා හොඳම දේ ඔය ටික සිරිකොතේම තියලා රටට වැඩක් කරන්න පුළුවන් පිරිස අලුත් ගමනක් ආරම්භ කරන එකයි. මොකද ඔය පක්ෂය රනිල්ගේ බුදලයක්නේ .එයාගේ උගත් කමින් රටට වැඩක් උනේ නැ. ඒක පාවිච්චි කළේ තමන්ගේ වාසියට බලය රඳා පවත්වා ගන්න පමණයි. අපිත් හැමදාම උගතා උගතා කියල බලන් ඉන්නවා. මෙලෝ රහක් නෑ. අවුරුදු කීයක්ද ? බල තණ්හාව විතරයි.

:       15       320

Bernard Thursday, 30 January 2020 06:42 AM

රනිල් නායකත්වයේ ඉන්න තුරු එක්සත් ජාතික පක්ෂයට අපි ඡන්දෙ දෙන්නේ නැහැ. දැන් ඔබතුමා නම්බු පිටින් ගෙදර යන්න. බල කෑදරකම නිසා හැමදාම පරදිනවා.

:       65       270

Raveendra Thursday, 30 January 2020 06:57 AM

උද්දච්ච ෆුට් නෝට් ඔස්තාර්ට මේ මොකද වුනේ හැබෑට?

:       202       248

BamunuarachchiThursday, 30 January 2020 11:14 AM

උද්දච්ච ඔස්තාර්ට වුනදේම තමා වුනේ හමුදාවෙන් එළියට ආපු දවසේ ඉදලා විනය අමතක වුනා. එයා හිතුවා විනය තිබෙන්නේ හමුදාවේ පමණයි කියලා. ඕනවට වඩා සද්ද බද්ද දාන්න ගියහම ඔහොම වෙනවා.

:       0       1

Hafeel Thursday, 30 January 2020 07:04 AM

පාක්ෂිකයන් දැන් කරන්න තියන්නේ රනිල්ව එළවන එක මිස ඡන්ද දිනන්න නොවේ. මේ වැඩේ සාර්ථක කළා නම්, ඉදිරි කටයුතු සේරම සාර්ථක වේවි... ඔහුව එළවන්න තිබුණු හොඳම අවස්ථාවක් ඔබලා මගහැරියා. රනිල්ට එරෙහිව විශ්වාසභංගයේදී ඔහුව පරද්දලා, සජිත් හෝ සුදුස්සෙක් අගමැති කළා නම්, අද තත්වය වෙනස් වෙන්න තිබුණා. එහෙම වුණා නම් අද රනිල් වටේ ඉන්න ඔහුගේ ගොලොයෝත් වෙනස් වෙලා, ඔහුව පහසුවෙන් පක්ෂ නායකත්වයෙනුත් පන්නන්න තිබුණා. මේ රටේ මිනිස්සු අද රනිල්ව විශ්වාස කරන්න නැහැ. නමුත් ඔබලා ඔහුව අර විශ්වාස භංගයේදී විශ්වාස කළා නේ. අවසානයේ මොකද්ද වුණේ..?

:       97       315

BamunuarachchiThursday, 30 January 2020 11:57 AM

හෆීල්, මොනවද ඔබලා කියන සජිත්ගේ තිබෙන සුදුසුකම් පක්ෂ නායකයකු වන්න.

:       1       218

Hafeel Thursday, 30 January 2020 01:42 PM

එ්ක සජිත්ගෙන් තමයි අහන්න ඕනේ.

:       0       1

වන්සවීරThursday, 30 January 2020 04:43 PM

අපේ රටේ දේශපාලුවන්ට මොනවද තියෙන සුදුසුකම් ? හොරට ලියලා විභාග පාස්වීම, බල තණ්හාව ,බොරුව,හොරකම ,කපටිකම මිස වෙන මොනවද ?

:       0       0

BamunuarachchiFriday, 31 January 2020 07:10 AM

සුදුසුකමක්වත් දන්නේ නැතිනම් මොකටද ? "සජිත් හෝ සුදුස්සෙක් අගමැති කළානම්, අද තත්වය වෙනස් වෙන්න තිබුණා." කියලා කියන්නේ? එහෙම උනානම් මුඛවාඩම් වලට සනීපාරක්ෂක තුවා දෙවි.

:       0       90

gamekolla Thursday, 30 January 2020 07:14 AM

අනේ අනේ යූඑන්පී එකට ගිය කලක්... සදාකාලික විපක්ෂනායක තුමා ඩීල් මෑන් අපි හිතුවේ ක්ලීන් මෑන් කියලා යන්න බැරි නම් අපවත් වෙන්න පක්ෂේ කන්නේ නැතුව...

:       20       138

Crishan Thursday, 30 January 2020 07:40 AM

ෆෝන්සේකා තරම් චොර උන හමුදාපති කෙනෙක් තවත් නැහැ. ලංකාවේ කිසිම හමුදාපතිවරයෙකුට නොලැබුණ ගෞරවයක් ජනතාවගෙන් ලැබුණා. ඒත් ඒ ඔක්කොම ෆෝන්සේකා විසින්ම නැති කරගත්තා. ලැජ්යි ෆෝන්සේකා මහත්තයා.

:       501       574

කටුකන්න තිස්සThursday, 30 January 2020 08:22 AM

බලු කුක්කන්ට එහෙම පෙනුණාට අපිට පේන්නේ ෆොන්සේකා රට, ජාතිය වෙනුවෙන් තමන්ගේ පුද්ගලික දේවල් අතහැරලා දාපු වීරයෙක් කියලා...! ෆොන්සේකා කියන්නෙ අපේ සම්පතක්.. !

:       1160       1195

aselaThursday, 30 January 2020 01:08 PM

මල්ලි අන්තිම වරට තිබ්බ ඡන්දෙදි මේ මාමාගේ ඡන්ද ගණන කීයද?

:       0       0

eresh S kumara Thursday, 30 January 2020 08:40 AM

ලැබූ ජය සාමකාමිව සමරන්න...

:       47       216

ravi Thursday, 30 January 2020 10:07 AM

එ.ජා.ප. ය මැරිලා.. හුඟාක් කල්.., ඒ නිසා කවුරු එළියට දැම්මත්.. කවුරු ඇතුලේ හිටියත් කිසිම තේරුමක් නැහැ. ඉතින් මේ දෙන්නටයි අනිත් අයටයි එකතුවෙලා අලුත් පක්ෂයක් බිහි කරගන්නයි තියෙන්නේ.. හැබැයි "රනිල්ට මෙතනට පැමිණීමට ඉඩ නොතැබිය යුතුයි ".

:       2       7

ලුම්බිණි Thursday, 30 January 2020 10:22 AM

රනිල් වික්‍රමසිංහට වඩා සේවයක් ෆොන්සේකා රටට කරලා තියෙන බව හැමෝම මතක තබා ගත යුතුයි.

:       3       64

karolis Thursday, 30 January 2020 10:59 AM

මේ දෙන්නට නව කොරෝනා වෛරස් එක බෝවෙලා ද දන්නේ නෑනේ ?

:       1       3

කපුරුහාමි Thursday, 30 January 2020 11:53 AM

ඔය කවුරුවත් සරත් ෆොන්සේකා මහතාගේ වටිනාකමට සම කරන්න පුළුවන්ද? එතුමාට අපි ගරු කරනවා.

:       1       38

Rata Perata Thursday, 30 January 2020 11:54 AM

ෆොන්සේකා ඔය පක්ෂයේ නායකයා කළා නම් මිනිස්සුන්ට සෙතක් වෙනවා. නැත්නම් රනිලුත් එකයි, සජිතුත් එකයි. කාගේ හරි වලිගේ එල්ලෙන්න බලන්නේ...

:       1       19

raviThursday, 30 January 2020 12:29 PM

ඔව් ඒක හරි, අද හුඟක් දෙනෙකුගේ මතය නම්.. රනිල් එජාපයේ ඉන්නකම් අලියට ඡන්දය නොදෙන්නයි...

:       0       1

පිටිගල මිලානෝ Thursday, 30 January 2020 12:39 PM

නොපෙනෙන හස්තයක් මඟින් ෆොන්සේකාට පාඩමක් උගන්වන්න යනවා කියලයි මට පෙනෙන්නේ. බින්දුවටම බස්සලා විධායක බලතල පාවිච්චි කරලා ෆීල්ඩ් මාර්ෂල්කමත් ගලවලා දායි වගේ.

:       0       1

tony silva Thursday, 30 January 2020 02:07 PM

ඇයි ෆොන්සේකා රට බේර ගත්තට, කෙනෙක් ඇයි එයාට කෙනෙහෙලිකම් කරන්නේ? එකක් තේරෙනවා... එකාට එකෙක් සමගියක් නැහැ. ඉතින් මේ අය කොහොමද රට හදන්නේ..?

:       0       0

SamanThursday, 30 January 2020 10:59 PM

ඡන්ද 4000 ක් විතරක් අරන් පැරදිලා හිටපු ෆොන්සේකාව ජාතික ලැයිස්තුව කියන පස්ස දොරෙන් පාර්ලිමේන්තුවට අරන් ඇමතිකමකුත් දුන්නේ රනිල්. ඒ වෙලාවෙත් ගොඩක් කට්ටිය කිව්වා ෆොන්සේකා කන්න දීපු අත හපාකාවී කියල. දැන් කරේ ඒකම තමයි. චන්ද්‍රිකා පෙන්ෂන් අරින්න ලැස්ති කරපු ෆොන්සේකාව උඩට ගත්ත ගෝඨාට කරපු දේ රනිල්ටත් කරන්න ඇති.

:       0       0

chandima Thursday, 30 January 2020 02:28 PM

අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති බව රටේ බුද්ධිමතුන්ට හෝ නීති විශාරදයින්ටවත්, පුවත්පත් වලටවත්, නැතිනම් අධිකරණයටවත් තේරෙන්නේ නැතිද? අපට මැතිවරණයට පක්ෂ සාමාජිකත්වයකින් තොරව ඉදිරිපත් වීමේ අයිතිය නැතිකරලා. පක්ෂ නායකයා තේරීමට හෝ කෘත්‍යාධිකාරි මණ්ඩලය වැනි විධායක සභාව තේරීමට හෝ පක්ෂ මහලේකම්වරයා තේරීමට හෝ පක්ෂයෙන් මැතිවරණවලට ඉදිරිපත්කරන තරඟකරුවන් තේරීමට හෝ පක්ෂ සාමාජිකයින් හවුල්කර නොගන්න පක්ෂ වලට මැතිවරණවලට ඉදිරිපත්වීමට අවස්ථාව දීලා, රටට සේවයක් කරන රාජ්‍ය පාලනයේ පළපුරුද්දක් ඇති නායකයෙකුට මහජනයා සියයට සියයක්ම කැමැත්ත පලකළත් රටේ දිගින් දිගටම ජනාධිපතිවරයා වීමේ අයිතිය නැති කරලා, එහෙත් දිගින් දිගටම මැතිවරණ වලින් ප්‍රතික්ෂේප වන පක්ෂ නායකයින්ට හෝ අයදුම්කරුවන්ට යලි යලිත් මැතිවරණවලට ඉදිරිපත්වීමේ අයිතිය තහවුරු කරලා, රටේ උත්තරීතර විධායක බලය හිමි නායකයා කෙලින්ම ජනතා ඡන්දයෙන් තොරා පත්කර ගැනීමේ අයිතිය නැතිකරලා එය මුදලට ගත හැකි එමෙන්ම පක්ෂ නායකයා විසින්ම නම්කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කැමැත්තෙන් පත්කරගන්න අගමැතිවරයෙකුට පවරලා, රටේ මහජනයා කෙළින්ම පත්කරගන්න ජනාධිපතිවරයා රූකඩයක් කරලා, මොකක්ද මේ වෙන්නේ..?

:       0       44

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 80 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 230 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 575 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site