නාලක සංජීව දහනායක
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (7) පස්වරු 3.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාල අංක 1 දී පැවැත්වේ.
ජනතාව පීඩාවට පත්කරමින් රජය විසින් ක‍්‍රියාත්මක කිරීමට නියමිත වැඩ පිළිවෙළට එරෙහිව පාර්ලිමේන්තුවේ ක‍්‍රියාත්මකවීම සහ විපක්‍ෂයේ අයිතිවාසිකම් දිනාගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම විශේෂ සාකච්ඡාවට අනිවාර්යයෙන්ම සහභාගී වන ලෙසට විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක කාර්යාලය මඟින් විපක්‍ෂයේ සියලූම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට දන්වා තිබේ.
නව වසර සඳහා පළමු පාර්ලිමේන්තු සැසිය අනිද්දා (8) වැනිදා ආරම්භ වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය රැස්වීමට ඉල්ලුම් පත්තර දීලා උජාරුවට රූපවාහිනියේ කයිය ගැහුවට වැඩේ ගැස්සෙන්න එනකොට "අපොයි අපි නම් සාමාජිකත්වයක් ගත්තේ නැතැයි" කියන කණ්ඩායමත් සහභාගි වෙනවාද?
රජයේ ප්රධානියා මෛත්රිපාල නේද? ඇමතිකම් දෙකක් දරනවා. ඉතිං කෙහොමද රජය ජනතාව පීඩාවට පත් කරමින් කරන වැඩවලට පළමුව වගකිව යුත්තේ සිරිසේන ජනාධිපති නේද?
"ජනතාව පීඩාවට පත්කරමින් රජය විසින් ක‍්‍රියාත්මක කිරීමට නියමිත වැඩ පිළිවෙළට එරෙහිව''මොකක්ද ඔය වැඩ පිලිවල. මෙයාලට කියලද පටන්ගන්නෙ.