ඩයනා උදයංගනී
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (13) පස්වරුවේ පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා නිකුත් කළ පාර්ලිමේන්තුව විසුරුවීමේ ගැසට් නිවේදනය හා අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය සම්බන්ධයෙන් අද (13) හෙට (14) දිනවල ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන තීන්දු අනුව ගත යුතු ඉදිරි පියවර පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන බවද මන්ත්‍රීවරයා කීවේය.
ඔහු මේ බව පැවසුවේ පුංචි බොරැල්ලේ පිහිටි නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ දී පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි නම් ගත යුතු මාර්ගය ගෙදර යාම විතරයි මහත්තයෝ. විලිලැජ්ජයි මේ කරපු වැඩෙන් වුනේ මහින්ද මහත්තය නිකන් සවුත්තු වුන එක විතරයි. ඔයානම් කොහොමත් පිනට පත් වුන මන්ත්‍රී. දැන් ගෙදර යන්න කාලේ හරි.
තව දුරටත් රට අගාධයට දමන කට මැත දෙඩවීමට වඩා, ඇබ ගහගත්තා නම් රටටම යහපතක් සිදුවනවා ඇත.
බලමු... ඊළඟ කුමන්ත්රණයත් අපට නරඹන්න පුළුවන් තවත් නාඩගමක් වෙයිද කියලා!