අංජුල මහික වීරරත්න
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීමත් සමඟ ව්‍යවස්ථානුකූලව ඔවුන්ගේ මන්ත්‍රී ධුර අහෝසි වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා මාධ්‍ය හමුවකදී අද (13) පැවසීය.
මෙම ව්‍යවස්ථානුකූල කාරණය ගැන කතානායකවරයා දැනුම්වත් කර අදාළ පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා කීය.
කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මෙම මාධ්‍ය හමුවේදී මයන්ත දිසානායක මහතා මෙසේ පැවසීය.
ඡායාරූප - ශාන්ත රත්නායක


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් රටේ අවශ්‍යම තීන්ඩුවක්. කරුණාකර මෙම කරුණ සලකා බලා එසේ කළ සියලුම පක්ෂ, විපක්ෂ සියලු දෙනාගේ ධුර අහෝසි කර නියමකර ප්‍රජාතන්ත්‍රික රටක් නිර්මාණය කරමු...
(ඒ) යන පක්ෂයෙන් මන්ත්‍රී වෙච්ච පුද්ගලයා (බී) යන පක්ෂයේ සාමාජිකත්වය ගත්පසු (ඒ) යන පක්ෂයේ සාමජිකත්වය අහෝසි වේ. එවිට (ඒ) යන පක්ෂයේ මහලේකම් වරයා මැතිවරණ කොමසාරිස්වරයාට ඒ බව ලිඛිතව දැනුම්දේ. එවිට එම පක්ෂ මාරුකළ (ඒ) යන පක්ෂයේ මන්ත්‍රී ධුරයද අහෝසිවේ. එවිට ඡන්ද කොමසාරිස්වරයා මනාප ලැයිස්තුවේ ඊළඟ පුද්ගලයා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට ලිඛිතව නම් කරවනු ලබයි...
පොහොට්ටුව ලකුණ පාර්ලිමේන්තු මහා මැතිවරණයකට ඉදිරිපත් වුනේ නැති නව පක්ෂයක් වන අතර එය පළාත් සභා ප්‍රාදේශීය සභා යන ඡන්දවලට පමණක් තරග කළ පක්ෂයක් බැවින් රටේ පවත්වනු ලැබූ මහමැතිවරණයට ඉදිරිපත්ව පාර්ලිමේන්තුවට පත් වූ කෙනෙක් තමන් තරගකළ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂය අතහැර පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් ඔහුගේ හෝ ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රී භාවය අනිවාර්යෙන්ම අහෝසි විය යුතුය. පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂයකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස සභාගැබේ සිටීමට අවසර නැත. එමනිසා එක්සත් ජනතා සංධානයේ සිට පොහොට්ටුවේ සාමාජිකතාවයට මාරු වූ සියලු දෙනාටම පාර්ලිමේන්තු මන්ත්‍රීකම අහෝසි වනුඇත. මෙය හැකි ඉක්මනින් අධිකරණය හරහා සනාථ කල යුතුයි.
ඉල්ලන් කනවා කියන්නේ ඕකටනේ..
යාන්තම් පැන්ෂන් එක ශේප් නේද?
"පනින්න පෙර සිතා බලන්න" කියන කියමන ඉතා ප්‍රචලිත දෙයක්. එය අප ඉගෙන ගත්තේ පාසල් යන කුඩා අවධියේමයි. ඒ වුනත් පාර්ලිමේන්තුවට යන වැඩිහිටියන් ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය තුලම එහාට මෙහාට පනින්න පුරුදු වෙලා හිටියා. පක්ෂය මාරු කිරීම සදාචාර විරෝධී වෙනවා පමණක් නොවෙයි නීති විරෝධීත් වෙනවා. නමුත් මේ දක්වාම ඒ නීතිය සක්රවී නොතිබීමේ විපාක පසුගිය දිනවල ලක් වැසියනට අත්විඳින්න සිද්ධ වුනා, ආණ්ඩු හදන්න මන්ත්‍රී වරුන් මිලදී ගැනීමේ ලන්සුව රුපි. මිලියන් 500 දක්වා ඉහල ගියා. පාර්ලිමේන්තුව ජනතාව වෙනුවෙන් ප්රජාතන්ත්ර වාදය නිවැරදි කරන්න කලින් කළයුතුව තිබුනේ මෙවන් සදාචාර විරෝධී ක්‍රියාවන්. එය නොකරන්නේ මේ හැම කණ්ඩායමක්ම ඒ හිඩැසින් ප්‍රයෝජන ගන්න බලා සිටින නිසයි . අවස්ථාවාදී දේශපාලනයට සදාචාරයක් තිබිය හැකිද?