( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාව තීරණාත්මක ආර්ථික අභියෝගයකට මුහුණ දෙමින් සිටින බැවින් චීනයේ සහය අඛණ්ඩව ලබා දෙන බව චීන රජය සඳහන් කළ බව එරට ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා පැවසීය.
චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ,චීනයේ විදේශ කටයුතු උප අමාත්‍ය ලූවෝ ජාවෝහුයි මහතා හමු වූ අවස්ථාවේ මේ බව සඳහන් කර තිබේ.
විශේෂයෙන්ම ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට චීනයේ සහය ලබා දෙන බවද උප අමාත්‍ය ලුවෝ මහතා මෙහිදී සහතික වී තිබේ.
දෙපාර්ශවය අතර පැවති මෙම දීර්ඝ සාකච්ඡාවට ජාත්‍යන්තර සංසදවල දී සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය සහය, කොවිඩ්-19 වසංගතයෙන් පසු ප්‍රකෘතිමත් වීම හා සම්බන්ධ ආර්ථික කරුණු, කොවිඩ්-19 වසංගතය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සහ අනාගත ඉහළ මට්ටමේ සංචාර පිළිබදව ද සාකච්ඡාව බඳුන් වූ බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
ශ්‍රී ලංකාව වෙත චීන සංචාරකයන්ගේ පැමිණීම ඉහළ නැංවීම සඳහා සහ රජය සතු ව්‍යවසාය ඇතුළුව වැඩි ව්‍යාපාර සංඛ්‍යාවක් කොළඹ වරාය නගරයේ සහ හම්බන්තොට කර්මාන්ත කලාපයේ ආයෝජනය කරවීම සඳහා දරන ප්‍රයත්නවලට චීන විදේශ කටයුතු අමාත්‍යාංශය කාර්යශීලී ලෙස සහය දක්වන බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
චීනයේ ආධාර ලද මෙම ව්‍යාපෘති දෙක බිම් මට්ටමෙන් ඉහළ නැංවීම සඳහා සුදුසු කාලය එළඹ ඇති බව ලුවෝ මහතා පිළිගත්තේය. දෙරට අතර ද්විපාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුමට කඩිනමින් එළඹීමේ අරමුණින් යුතුව ඒ පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීම, ශ්‍රී ලංකාවට වාසිදායක වනු ඇති බවට දෙපාර්ශ්වයම එකඟ විය.
මෙහිදී ආචාර්ය කොහොන මහතා, ශ්‍රී ලංකාවේ ස්වාභාවික, කෘෂිකාර්මික හා කාර්මික නිෂ්පාදන රැසකට චීනයේ ලාභදායී වෙළඳපොළ වෙත පිවිසීම සඳහා බාධා පමුණුවන තීරුබදු නොවන බාධක පිළිබඳ ගැටළුව ද මතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉන්දියාව බෑ කියයි වගේ ...
අපි චීනයත් සමග ආසියාවේ ශක්තිමත්, බලවත් රටක් විය යුතුයි.
නැතුව නැතුව. බටහිර රටවල් එකක්වත් නැති වුණාට ඇබිසීනියාව වගේ රටවල්වල සහයෝගයත් අපටමනේ. ඉතින් අපි කාටද බය..? අපිට කවුද බය..?
මේවා බයියන්ට නම් නියම සතුටු පුවත්.. චීනෙටත් සතුටු ඇති. මොකද ගිනි පොළියට චීනෙන් ණය ගන්න ඉන්න මෝඩ රටක් නේ... අනිත් එක තව ටික කාලෙකින් චීන කොළණියක්නේ. ඉතින් සහයෝගය දෙන්නම වෙනවා.
නැතුව, නැතුව ... එයාලගේ ඉඩම් බේරගන්න ඕනෑ තමයි.
ඉතින් චීන්නු තමන්ගේ යටත් විජිත කොළනියකට පක්ෂව ඡන්දෙ නොදුන්නා නම්නේ අපි පුදුම වෙන්න ඕනෑ. අනික, අර අපිව උල තියන්න බලාගෙන ඉන්න බටහිර රටවල් වලිනුත් අපිව ගලවා ගත්තා. මම නම් කෝකටත් කියලා දැම්මම චීන භාෂාව ඉගෙන ගනිමිනුයි ඉන්නේ. අපේ රටට ආදරය, සෙනෙහස, කරුණාව මෛත්‍රිය දක්වමින් ඉතාම සාධාරණ පොලියකට ණය ලබා දෙන අතිගරු, චීන අගමැතිතුමාට මාගේ ගෞරවාන්විත ප්‍රණාමය..!!
එහෙම නොකර පුළුවන්ද? දීලා තියන ණය කන්දරාව දිහා බලපුවාම...
ශ්‍රී ලංකාවේ බලවත්ම සතුරා වන්නේ චීනය බව අනාගතයේදී තහවුරු වනු ඇත...