
(යොහාන් භාසුර)
කොළඹ වරාය ආසන්නයේදී ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වූ හානියට ඇමරිකානු ඩොලර් මිලියන ඇමරිකානු ඩොලර් මිලියන 4.75ක් හෙවත් රුපියල් කෝටි 100 කට ආසන්න වන්දියක් ලැබී ඇතැයි ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
මෙම සිද්ධියෙන් සිදුවූ පාරිසරික හානිය ඇතුළු සෙසු හානීන් සඳහා රක්‍ෂණ සමාගමක් හරහා ඩොලර් මිලියන 64 කට අධික වන්දියක් ඉල්ලා ඇති බවත් මේ දක්වා ලැබුණු වන්දි මුදල හදුනාගත් පාර්ශව 23 ක් සඳහා වන්දි ප්‍රදානය කළ බවත් රාජ්‍ය අමාත්‍යවරයාා කීය.
ඍජුව හානි වූ ධීවර පවුල් 15,032 ක් සදහා රුපියල් ලක්ෂ 7850 ක් වන්දි මුදල් ගෙවීමට නියමිත අතර ඉන් රුපියල් ලක්ෂ 4303 ක් මේ වනවිට ගෙවා අවසන් බවත් ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටි 100ට නැවකවත් ගන්න බැහැනේ... මේ අය කෝටි 10000ක් වත් හොරාකාලා ඇති මේකෙන්...
කොටසක් අර පවුලේ අයටත් දෙන්න...!
ඔය තියෙන්නේ ඩොලර්... මේ අයගේ කයිවාරු විතරයි. ඕක කියන්න කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට...!