එක්සත් රාජධානියේ අගමැතිනි තෙරේසා මේ මහත්මියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට නියමිත යැයි වාර්තා වේ.
විශ්වාසභංග යෝජනාව පක්ෂ අභ්‍යන්තරයෙන් ඉදිරිපත් කෙරුණු එකක් වන අතර අගමැතිනිය නියෝජනය කරන කන්සර්වේටිව් පක්ෂ මන්ත්‍රීවරුන් අද (12) පස්වරුවේ ඒ වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.
මේ අනුව කන්සර්වේටිව් පක්ෂයේ නායිකාව වන තෙරේසා මේ මහත්මියගේ නායකත්වය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි පැවසේ.
විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ විශ්වාසභංග යෝජනාවකට සහ ඡන්ද විමසීමකට අවශ්‍ය ඉල්ලීම් (ලිපි) 48 යොමු වීමෙන් පසුවය.
අගමැතිනි තෙරේසේ මේ මහත්මිය එම ධුරයට පත්වූයේ 2016 වසරේදීය. යුරෝපා සංගමයෙන් ඉවත් වීම සඳහා එම වසරේ පැවැති ජනමත විමසුමෙන් පසුව ඇය එම ධුරයට පත්විය. යුරෝපා සංගමයෙන් ඉවත් වීම සඳහා ඇය එම සංගමය සමඟ සාකච්ඡා කළ ගිවිසුමට කන්සර්වේටිව් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන්ම විරෝධය සහ විවේචන එල්ල විය.
ඡන්ද විමසීමේ ප්‍රතිඵල කොතරම් ඉක්මනින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇත්දැයි නිශ්චිත නැති නමුත් තෙරේසා මේ මහත්මියට විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීමට පක්ෂයේ බහුතරයේ කැමැත්ත අවශ්‍ය වේ. තෙරේසා මේ මහත්මිය විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කරමින් පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය දිනාගැනීමට සමත් වුවහොත් වසරක් යනතුරු ඇය අභියෝගයට ලක් කළ නොහැක.
විශ්වාසභංග යෝජනාවෙන් තෙරේසා මේ මහත්මිය පරාජයට පත්වුවහොත් කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය වෙනුවෙන් ඡන්ද විමසීමක් පැවැත්වෙන අතර ඇයට ඊට තරග කළ නොහැක.
මෙහිදි තවත් විකල්පයක් ඇති අතර තෙරේසා මේ මහත්මිය ඡන්ද විමසීමෙන් ජයගත්තද, එම ජයග්‍රහණය ප්‍රබල ජයග්‍රහණය එකක් නොවූහොත් ඇයට පක්ෂ නායකත්වයෙන් ඉවත් විය හැකිය.
බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේ බහුතරය හිමි පක්ෂය කන්සර්වේටිව් පක්ෂය වන බැවින් එම පක්ෂයේ නායකත්වයට පත්වන කාට වුවද අග්‍රාමාත්‍ය ධුරය හිමි වේ.
ඒ.එෆ්.පී සහ රොයිටර් ඇසුරිනි
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන පොරොන්දු දීලා බලයට ඇවිත් ඒවා ඉෂ්ට කරන්න බැරි වෙනකොට ලංකාවේ වගේ නොවේ, එංගලන්තේදී... රාජ්‍ය නායකයාට වුණත් ඉතා ඉක්මණින් තනතුර අහිමි වෙන්න පුළුවන්.., මෙහෙ රනිල් කරනවා වගේ ඡන්ද පැරදුණත් කූඩැල්ලෝ වගේ පක්ෂ නායකකමේ එල්ලිලා ඉන්න එහෙ ඉඩක් නැහැ. මෙහෙ වගේ පියාගෙන් හෝ මවගෙන් පුතාට, දුවට පක්ෂනායකකම දෙන සිරිතක් එහෙ නැහැ. එමනිසා එම රටවල් දියුණුවෙලා තිබෙන්නේ.
අද රාත්‍රියේ තෙරේසා මේ විශ්වාස භංගයෙන් පරාජය වුවහොත් බ්‍රිතාන්‍යයේ පළමුවෙනි වතාවට ඉස්ලාම් භක්තික අගමැතිවරයෙකු පත්වෙන්නටද බොහෝවිට ඉඩ ඇති බව වාර්තා වෙනවා. දැනට අගමැති තනතුර සඳහා වැඩි අවස්ථාවක් ඇත්තේ දැනට තෙරේසා මේ රජයේ ස්වදේශ කටයුතු බාර රාජ්‍ය ලේකම් තනතුර හොබවන සජිඩ් ජාවිඩ්ට බවත් ඩොමිනික් රාබ්, බෝරිස් ජොන්සන් සහ මයිකල් ගෝව් යන අයටද කොන්සර්වේටිව් පක්ෂයේ බොහෝ දෙනෙකුගේ කැමැත්ත ඇති බවත් වාර්තා වී තිබෙනවා.
එහේ මිරිස් කුඩු ප්රහාරවල් එල්ලවුනත්, අපේ පාර්ලිමේන්තුවේ එහම නැහැ. අපේ මන්ත්‍රීලා ඉතා විනයගරුකයි.
අපේ ජනාධිපති වගේ තෙරේසා මහත්මිය පසුව කියාවිද, අර කෑල්ල අයින්කරලා, මේ කෑල්ල අයින්කරලා ආයිත් සම්මත කරන්නයි කියලා...