(අංජුල මහික වීරරත්න)
එකම විෂය පථයකට අයත් ආයතන ඒකාබද්ධ කර පවත්වනවා ගෙන යාම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙි.
රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් පරිදි මෙම පියවර ගෙන ඇත.
ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින මිල්කෝ සහ එන්.එල්.ඩී.බී ආයතන ඉදියේ දී එකතු කර එක ආයතනයක් ලෙස පවත්වා ගෙන යාමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ලංකා හද බිම අධිකාරිය සහ ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය ද මෙලෙස ඒකාබද්ධ කිරීමට නියමිතය.
මෙලෙස ආයතන ඒකාබද්ධ කිරීමෙන් ආයතන සභාපතිවරුන් ,ඉහල නිලධාරීන් සහ සේවක මණ්ඩලය සඳහා යන වියදම් කළමනාකරණය රජයේ අපේක්ෂාව වී තිබෙි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්. ගෙදර වතුර මිටරේ බලන්න එක්කෙනයි, විදුලි මීටර් බලන්න එක්කෙනයි. මේවගේ බිල්පත් පාරිභෝගික සේවා එක වගේම වැඩ. බොරුවට ආයතන දෙකක් නඩත්තු කරනවා. එක්කෙනෙක් ඇවිත් බලලා එක බිලක් දුන්නා නම් අපිටත් ලේසියි. යටිතල පහසුකම් මණ්ඩලය වගේ නමක් දාලා.. මේ වගේ නාස්ති අවම කරන්න පුළුවන් තැන් එමටයි ලංකාවේ...
1977 පමණ වෙනතුරු සෑම ගමකටම සිටියේ එකම රාජ්‍ය නිළධාරියෙක් පමණයි ඒ ග්‍රාම සේවා නිළධාරි ඒ කාලයේ එක වසමක් දැන් වසම් පහක් හෝ හයක් වෙනවා. ඒ අතර 1977 න් පසුව විශේෂ සේවා නිලධාරින් හා වගා නිලධාරින් කියලා දෙපිරිසක් පත්කිරීම කළා.. පසුව කාගෙද කොමිසමක් නිසා ගමකට එක් නිලධාරියෙක් කියලා ග්‍රාම සේවා නිලධාරින්, විශේෂ සේවා නිලධාරින් හා වගා නිලධාරින් සහ ඉතාමත් වටිනා සේවයක් කළ කෘෂිකර්ම ව්‍යාපෘති සේවා නිලධාරින් සියලු දෙනා ග්‍රාම නිලධාරින් කළා. කෘෂිකර්මය කඩාවැටීම වුණා. ග්‍රාම නිලධාරි වසම් එක්එක් අයට හිතුමනාපයට වෙන්කළා. නැවතත් ග්‍රාම නිලධාරි වසමට ග්‍රාම නිලධාරින්, සමෘධි නිලධාරින්, සංවර්ධන නිලධාරින්, පරිවාස නිලධාරින්, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරින්, සමාජ සේවා නිලධාරින් ආදී නොයෙක් නම් වලින් විශාල පිරිසක් නිලධාරි තනතුරු දරණවා. ඒ අස්සෙ තවත් පිරිසක් දෙතුන් දෙනෙක් එකතුවෙලා ගම වටේ රවුම් ගහනවා. ඒ කට්ටිය ඉන්නේ අමාත්‍යාංශ ලේකම්ලා වගෙයි.. නමුත් ජනතාවට ප්‍රශ්නයක් කියන්න කිසිවෙක් නැහැ. එන්න එන්නම රට නිලධාරි තනතුරු ඇතිවෙමින් ඉදිරියට යනවා... ජයවේවා...!
වැඩේ නම් හොඳයි... හැබැයි ඇමැති මණ්ඩලේ නම් එක දෙක වෙනවනේ...!
සාදු..! සාදු..! මෙහෙම එක්කවත් කරනවානම් හොඳයි...!