IMG-LOGO

එක වගේ ආයතන එකතු කරන්න යයි

 

(අංජුල මහික වීරරත්න)

එකම විෂය පථයකට අයත් ආයතන ඒකාබද්ධ කර පවත්වනවා ගෙන යාම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙි.

රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් පරිදි මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින මිල්කෝ සහ එන්.එල්.ඩී.බී ආයතන ඉදියේ දී එකතු කර එක ආයතනයක් ලෙස පවත්වා ගෙන යාමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ලංකා හද බිම අධිකාරිය සහ ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය ද මෙලෙස ඒකාබද්ධ කිරීමට නියමිතය.

මෙලෙස ආයතන ඒකාබද්ධ කිරීමෙන් ආයතන සභාපතිවරුන් ,ඉහල නිලධාරීන් සහ සේවක මණ්ඩලය සඳහා යන වියදම් කළමනාකරණය රජයේ අපේක්ෂාව වී තිබෙි.



අදහස් (5)

එක වගේ ආයතන එකතු කරන්න යයි

එරන්ද කරන්නාගොඩ Friday, 07 October 2022 04:49 PM

හොඳ වැඩක්. ගෙදර වතුර මිටරේ බලන්න එක්කෙනයි, විදුලි මීටර් බලන්න එක්කෙනයි. මේවගේ බිල්පත් පාරිභෝගික සේවා එක වගේම වැඩ. බොරුවට ආයතන දෙකක් නඩත්තු කරනවා. එක්කෙනෙක් ඇවිත් බලලා එක බිලක් දුන්නා නම් අපිටත් ලේසියි. යටිතල පහසුකම් මණ්ඩලය වගේ නමක් දාලා.. මේ වගේ නාස්ති අවම කරන්න පුළුවන් තැන් එමටයි ලංකාවේ...

:       1       12

සුරංග Saturday, 08 October 2022 06:10 AM

බිල්පත් බැලීමට නැත්නම් මීටර් රීඩර් තනතුරු ආයතන මට්ටමෙන් ඇතිකිරීම තමයි වරද... එනිසා එවැනි තනතුරු කොන්ත්‍රාත් පදනමෙන් කළොත් විශාල වශයෙන් මුදල් ඉතිරිවෙන්න පුළුවන්. එවිට එක් අයෙකුට ජලය හා විදුලිය බිල් බලා වාර්තා දෙන්න පුළුවන්... කොන්ත්‍රාත්කරුටත් වාසියි. බලන්න දැනට රාජ්‍ය අංශයේ මුරකරුවන් නැහැ. කොන්ත්‍රාත් ක්‍රමයට කරන්නේ. තවත් එකක් තමයි පළාත් පාලන ආයතනවල කුණු එකතු කිරීම ඒකත් කොන්ත්‍රාත් දෙන්න පුළුවන් රජයට බරක් නැහැ...

:       0       0

ඔල්මොරොන්දම් Friday, 07 October 2022 07:03 PM

1977 පමණ වෙනතුරු සෑම ගමකටම සිටියේ එකම රාජ්‍ය නිළධාරියෙක් පමණයි ඒ ග්‍රාම සේවා නිළධාරි ඒ කාලයේ එක වසමක් දැන් වසම් පහක් හෝ හයක් වෙනවා. ඒ අතර 1977 න් පසුව විශේෂ සේවා නිලධාරින් හා වගා නිලධාරින් කියලා දෙපිරිසක් පත්කිරීම කළා.. පසුව කාගෙද කොමිසමක් නිසා ගමකට එක් නිලධාරියෙක් කියලා ග්‍රාම සේවා නිලධාරින්, විශේෂ සේවා නිලධාරින් හා වගා නිලධාරින් සහ ඉතාමත් වටිනා සේවයක් කළ කෘෂිකර්ම ව්‍යාපෘති සේවා නිලධාරින් සියලු දෙනා ග්‍රාම නිලධාරින් කළා. කෘෂිකර්මය කඩාවැටීම වුණා. ග්‍රාම නිලධාරි වසම් එක්එක් අයට හිතුමනාපයට වෙන්කළා. නැවතත් ග්‍රාම නිලධාරි වසමට ග්‍රාම නිලධාරින්, සමෘධි නිලධාරින්, සංවර්ධන නිලධාරින්, පරිවාස නිලධාරින්, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරින්, සමාජ සේවා නිලධාරින් ආදී නොයෙක් නම් වලින් විශාල පිරිසක් නිලධාරි තනතුරු දරණවා. ඒ අස්සෙ තවත් පිරිසක් දෙතුන් දෙනෙක් එකතුවෙලා ගම වටේ රවුම් ගහනවා. ඒ කට්ටිය ඉන්නේ අමාත්‍යාංශ ලේකම්ලා වගෙයි.. නමුත් ජනතාවට ප්‍රශ්නයක් කියන්න කිසිවෙක් නැහැ. එන්න එන්නම රට නිලධාරි තනතුරු ඇතිවෙමින් ඉදිරියට යනවා... ජයවේවා...!

:       0       10

Nimal Friday, 07 October 2022 09:37 PM

වැඩේ නම් හොඳයි... හැබැයි ඇමැති මණ්ඩලේ නම් එක දෙක වෙනවනේ...!

:       0       0

gamarala Saturday, 08 October 2022 09:54 AM

සාදු..! සාදු..! මෙහෙම එක්කවත් කරනවානම් හොඳයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 96 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 675 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site