(සුජිත් හේවාජුලිගේ )

එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිල කාලය තවත් මාස තුනකින් දීර්ඝ කරනු ලැබ ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් මෙයට අදාළ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කරනු ලැබීය.

එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිල කාලය ඊයේ අවසන් වීමට නියමිතව තිබිණ.

මුළු දිවයිනම ආවරණය වන පරිදි   ජනතාවගෙන් පුළුල් ආකාරයෙන්  අදහස් ලබා ගැනීමට ඇති හෙයින් එම බලකායේ  කාලය මෙසේ දීර්ඝ කෙරුණු බව ජනාධිපති කාර්යාලය පවසයි.