
(අංජුල මහික වීරරත්න)
ආර්ථික වශයෙන් පරිහානියට පත්වූ රටක් අදියරෙන් අදියර ගොඩනගමින් ආර්ථික වර්ධනයක් උදාකර ගනු ලබන අවස්ථාවක සියලු අඩුපාඩු එක් පෑන් පහරකින් සම්පුර්ණ කර ගත නොහැකි බව සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඉදිරියේ දී සියල්ල යථා තත්වයට පත් කර ගැනීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.
අමාත්‍යවරයා මේ බව කීවේ ජාතික ඖෂධ ප්‍රතිපත්තියේ නිර්මාතෘ මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ 48වන ගුණ සමරුමට සහභාගී වෙමිනි.
කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී මෙය පැවැත්විණි.
සේනක බිබිලේ අනුස්මරණ සංවිධානය විසින් සංවිධානය කරනු ලැබූ මෙම ගුණ සමරුමේ සමරු දෙසුම පැවැත්වූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති සම්මානිත මහාචාර්ය නාරද වර්ණසූරිය මහතායි.
මහාචාර්ය සේනක බිබිලේ මහතා 1977 වර්ෂයේ සැප්තැම්බර් 29 දින ගයනාවේ දී අභාවප්‍රාප්ත වූ අතර එම දිනය සමරමින් සෑම වර්ෂයකම සැප්තැම්බර් මස 29 දින අඛණ්ඩව මෙම සැමරුම් උත්සවය පවත්වනු ලබයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ගිය අවුරුද්දේ ජනාධිපති මැතිවරණය කාලේ මාලිමා වේදිකාවේ බොරු කිවුවද ඡන්ද ගන්න විතරක්. කැතයි හොඳේ.
පත්වෙන්න කලින් මේ අය කිව්වේ එක පෑන් පාරකින් සියල්ලම නවත්වනවා කියලානේ. මොවුන්ට දැන් කලින් කියපුවා මතක නැහැනේ. ඩිමෙන්ෂියා වෙන්න ඇති...
අඩේ ! මං හිතන්නේ එක්කෝ මට වැරැදිලා. නැත්තන් මගේ මොලේ මංඥං. අවුරුදු 48 කට ඉස්සරත් හොඳ දේවල් සිද්ද වුණාද? මං හිතාගෙන උන්නේ ඒ කාලේ සිද්ද වෙච්චි දේවල් ඔක්කෝම රට කාබාසිනියා කරපු දේවල් කියලනේ! එහෙම නැත්තං සේනක බිබිලේ මැතිතුමා මේවා කලේ 2024 සැප්තැම්බරේට පස්සේ පුනරුද යුගයේ වෙන්න ඇති. අර පිටිපස්සෙන් තියන බැනර් එක කියෝලා බලන්නකෝ. අර අපූරුවට ලියලා තියෙන්නේ මේකත් පුනරුදයේ වැඩක් කියලා...!!! කොහොමද අලින්නේ අපේ වැඩකිඩ...!
ඡන්දය ඉල්ලන කාලේ නම් කියුවේ වෙනත් සිංදුවක්. පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු එළිකරන්න, අර්ජුන් මහේන්ද්‍ර කුදලාගෙන එන්න, හොරු අල්ලන්න එහෙම හරි සුළු දේවල් කියා කියුවා. කොටින්ම කියුවොත් ලංකාවේ සම්පූර්ණ ණය මුදල ගෙවීම පවා සුළු දෙයක් කියල ප්‍රසිද්ධ වේදිකාවේ කියුවා. මිනිස්සු ඒ පච විශ්වාස කරලා තමයි ඡන්දය දුන්නෙත්. දැන් කෙරෙන නඩු පැවරීම් පවා පසුගිය ආණ්ඩු කාලයේ කරපු පරීක්ෂණ ඉදිරියට යාමක් මිස වෙන මොකක්වත් නෙවෙයි, කොටින්ම කිව්වොත් ප්‍රතිසංස්කරණ පවා පසුගිය ආණ්ඩු කරපු දේවල්.