IMG-LOGO

එක ගොවියෙක් වත් වී ගොවිතැනෙන් ඉවත් වී නැහැ

 

(අංජුල මහික වීරරත්න)

ගොවි ජනතාව වී වගාවෙන් ඉවත් වෙමින් සිටින බවට ඇතැම් පුද්ගලයින් හා පුද්ගල කණ්ඩායම්  කරන ප්‍රකාශ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ඇතුළත් වාර්තාවක්  වහාම ලබා දෙන ලෙස කෘෂිකර්ම වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

ඒ අනුව 2019 යල කන්නයේ සිට 2022 යල කන්නය දක්වා කාලයේ  වී වගා කළ කිසිදු ගොවියෙක් වී වගාවෙන් ඉවත් වී නොමැති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.

2019 යල කන්නයේ මෙරට හෙක්ටෙයාර්  308,028ක වී වගා කර ඇති අතර ගොවීන් සංඛ්‍යාව 470,286කි.

2019-2020 මහ කන්නයේ මෙරට හෙක්ටෙයාර් 673,928ක් වී වගා කර තිබු අතර  ගොවීන් ප්‍රමාණය 901,295කි.

2020 යල කන්නයේ දී හෙක්ටෙයාර් 513,755ක් වගා කර ඇති අතර ගොවීන් ප්‍රමාණය 840,487කි.

2020- 21 මහ කන්නයෙ තුළ හෙක්ටෙයාර් 777,915ක් වගා කර තිබෙන අතර ගොවීන්  11,52,503ක් වී වගාවෙහි නිරතව තිබේ.

එමෙන්ම 2021 යල කන්නයේ දී හෙක්ටෙයාර් 526,698ක වී වගා කර තිබිනි. ඒ සඳහා නිරත වූ ගොවීන් ප්‍රමාණය 833,892කි.

මේ වසරේ ආසන්නතම කන්නය වන  2022 යල කන්නයේ හෙක්ටෙයාර් 512,000ක වී වගා කර තිබු අතර රජය යුරියා පොහොර ලබා දීම ආරම්භ කළ පසු පමණක් ගොවීන් 490,515ක් වී වගාවේ නිරතව සිටි අතර ඔවුන් විසින් වගා කළ කුඹුරු හෙක්ටෙයාර් ප්‍රමාණය 304,734ක් බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි .



අදහස් (5)

එක ගොවියෙක් වත් වී ගොවිතැනෙන් ඉවත් වී නැහැ

fairoos Wednesday, 05 October 2022 04:36 PM

මෙයාගේ නිකන් කට විතරයි. එහෙනම් ඉතින් සහල් පිටරටින් ගේන්න අවශ්‍ය වෙන්නේ නැහැ..

:       0       11

ගමේ එකාලා Wednesday, 05 October 2022 07:25 PM

මෙයා කොහොමද එහෙම කියන්නේ... දිවැස් තියෙනවාද? ගොවියන්ගෙන් ඇහැව්වා නම් කනේ ඇඟිලි ගහගන්න උත්තර දෙයි...

:       0       8

Perera Thursday, 06 October 2022 02:32 AM

මේ අය පත් කරන නිලධාරීනුත් මේ අයට ඕන විදිහට වාර්තා සකස් කරලා දෙනවා.ඔන්න ප්‍රතිපල

:       0       0

ජයරත්න Thursday, 06 October 2022 10:04 AM

ගොවියෝ අසරණයි. ඔවුන්ට වෙනත් රැකියාවක් නැති නිසා දරුවන්ට කන්නවත් කියල කුඹුරු වැඩකරනව. ඒ බව කට්ට කෛරාටික දේශපාළුවො දන්නව.ඒකයි ඔවුන් කියන්නෙ ගොවියො ගොවිතැන අත් ඇරල නෑ කියල.

:       0       4

de silva Thursday, 06 October 2022 04:35 PM

ගොවියෝ සැදී පැහැදී ඉන්නේ ඡන්දයක් එනකම් ඔබතුමාට කළගුණ සලකන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 41 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 13 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 664 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site