(අංජුල මහික වීරරත්න)
ගොවි ජනතාව වී වගාවෙන් ඉවත් වෙමින් සිටින බවට ඇතැම් පුද්ගලයින් හා පුද්ගල කණ්ඩායම් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ඇතුළත් වාර්තාවක් වහාම ලබා දෙන ලෙස කෘෂිකර්ම වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
ඒ අනුව 2019 යල කන්නයේ සිට 2022 යල කන්නය දක්වා කාලයේ වී වගා කළ කිසිදු ගොවියෙක් වී වගාවෙන් ඉවත් වී නොමැති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.
2019 යල කන්නයේ මෙරට හෙක්ටෙයාර් 308,028ක වී වගා කර ඇති අතර ගොවීන් සංඛ්‍යාව 470,286කි.
2019-2020 මහ කන්නයේ මෙරට හෙක්ටෙයාර් 673,928ක් වී වගා කර තිබු අතර ගොවීන් ප්‍රමාණය 901,295කි.
2020 යල කන්නයේ දී හෙක්ටෙයාර් 513,755ක් වගා කර ඇති අතර ගොවීන් ප්‍රමාණය 840,487කි.
2020- 21 මහ කන්නයෙ තුළ හෙක්ටෙයාර් 777,915ක් වගා කර තිබෙන අතර ගොවීන් 11,52,503ක් වී වගාවෙහි නිරතව තිබේ.
එමෙන්ම 2021 යල කන්නයේ දී හෙක්ටෙයාර් 526,698ක වී වගා කර තිබිනි. ඒ සඳහා නිරත වූ ගොවීන් ප්‍රමාණය 833,892කි.
මේ වසරේ ආසන්නතම කන්නය වන 2022 යල කන්නයේ හෙක්ටෙයාර් 512,000ක වී වගා කර තිබු අතර රජය යුරියා පොහොර ලබා දීම ආරම්භ කළ පසු පමණක් ගොවීන් 490,515ක් වී වගාවේ නිරතව සිටි අතර ඔවුන් විසින් වගා කළ කුඹුරු හෙක්ටෙයාර් ප්‍රමාණය 304,734ක් බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ නිකන් කට විතරයි. එහෙනම් ඉතින් සහල් පිටරටින් ගේන්න අවශ්‍ය වෙන්නේ නැහැ..
මෙයා කොහොමද එහෙම කියන්නේ... දිවැස් තියෙනවාද? ගොවියන්ගෙන් ඇහැව්වා නම් කනේ ඇඟිලි ගහගන්න උත්තර දෙයි...
මේ අය පත් කරන නිලධාරීනුත් මේ අයට ඕන විදිහට වාර්තා සකස් කරලා දෙනවා.ඔන්න ප්‍රතිපල
ගොවියෝ අසරණයි. ඔවුන්ට වෙනත් රැකියාවක් නැති නිසා දරුවන්ට කන්නවත් කියල කුඹුරු වැඩකරනව. ඒ බව කට්ට කෛරාටික දේශපාළුවො දන්නව.ඒකයි ඔවුන් කියන්නෙ ගොවියො ගොවිතැන අත් ඇරල නෑ කියල.
ගොවියෝ සැදී පැහැදී ඉන්නේ ඡන්දයක් එනකම් ඔබතුමාට කළගුණ සලකන්න.