(අංජුල මහික වීරරත්න)
ප්රජාතන්ත්රවාදය අගයන ශ්‍රී ලාංකිකයන් මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව අපේක්ෂා කරන ආකාරයට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ක්‍රියා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවමත් සූදානම් නැති බව පෙන්නුම් කර ඇතැයි එක්සත් ජාතික පෙරමුණ, කොළඹ සිටින තානාපති ප්‍රජාවට ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ වැඩි පිරිසක් තමා සමඟ සිටියද ජනාධිපතිවරයා ඒ තත්ත්වයට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතැයි ද එක්සත් ජාතික පෙරමුණ ජාත්‍යන්තරයට දැනුම් දුන්නේය.
එක්සත් ජාතික පෙරමුණ මේ අදහස් පළ කළේ කොළඹ අරලියගහ මැදුරේ පැවැති විශේෂ සාකච්ඡාවේදීය.
ව්‍යවස්ථානුකූල අගමැති ඉවත් කර ප්රජාතන්ත්රවිරෝධී අයුරින් රටේ ඇති වී තිබෙන තත්ත්වය දැනුම්දීම සඳහා මෙම තානාපති හමුව කැඳවා තිබිණි.
එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ සාකච්ඡාවට ලොව ප්‍රමුඛතම රටවල මෙරට සිටින සියලුම තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු සහභාගී වූහ.
තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් නියෝජනය නොකළ රටවල තානාපති කාර්යාල වෙනුවෙන් ප්‍රධාන ලේකම්වරුන් සහභාගී වී සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ගේ අදහස් දැක්වීමෙන් පසු අදහස් දැක්වූ ප්‍රධාන තානාපතිවරුන් කියා ඇත්තේ ජනපති විසින් අවසානයේදී හෝ හරි දේ කරනු ඇතැයි තම රටවල් අපේක්ෂා කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිවරයා මුල සිටම කල දේ ව්‍යවස්තානුකුලව වැරදියි කියලයි අපි හිතනවා. කීර්තිමත් නාමයක් ගොඩ නගාගෙන සිටි මහින්ද රාජපක්ෂ බලයට එන්න තිබෙන කෑදරකම නිසා කොලේ ඉරා ගත්ත මදිවට ගෝල බාලයො ටිකත් එක්ක එකතු වෙලා හත් පොලේ ගා ගන්නවා කියලත් අපි හිතනවා. හැබැයි, රනිල් ලෝකෙ ඉස්සරහට ගිහින් අපේ රට කන්න හදන වැඩෙත් ඉතාම කැතයි කියලත් අපි හිතනවා.
ජාත්‍යන්තර ප්රජාවගෙන්ම ඡන්දෙත් ඉල්ලගත්ත නම් හරිනෙ.
හයියෝ මේ අය රට පාලනය කලේ ජාත්‍යන්තරේට ඕන විදියට බව දැන් පැහැදිලියි
ජනපති අවසානයට හරි දේ කරයි වැරදි විධියට වැරදි වෙලාවට
රටට හෙන හත වැදුණත් කමක් නැහැ අගමැති කම ලැබෙනවනම්. අනේ මෙහෙමත් නායකයෝ.........
ඉස්සෙල්ලම ඔබතුමා පැහැදිලි කරලා ඉන්නකෝ, උතුරට ෆෙඩරල් සමග නව ව්‍යවස්තාවක් යන දෙමල සන්ධානයත් සමග තිබෙන එකගතාවය මොකද්ද කියලා.
මෙච්චර තමා දන්නෙ. හැම වෙලේම ජාත්‍යන්තරය. පිස්සුද මන්ද? ජාත්‍යන්තරේට නැතුව අපේ රටේ ජනතාව අතරට ගිහිල්ල දැන ගන්න රටට කුමක්ද අවශ්‍ය කියල!. පාර්ලිමෙන්තුවට යැව්වෙ ජනතාව, ජාත්‍යන්තරය නොවෙයි.
ඡන්දය ඉල්ලන්න එපා අපෙන් විදෙස් තානාපතිවරුන්ගෙන් ඡන්දය ඉල්ලගන්න
ජයතිලක මහත්තයා ඔබ ඔය ව්‍යවස්ථාව දැක තිබේද? මං දන්නා අඳුනන අය නම් කියන්නේ නෑ කියලා. පුලුවන් නම් කරුණාකර මේ ගැන තවත් විස්තර කරන්න. මාත් ආසයි කියවන්න.
වැරදි අර්ථ කතන දෙන්න එපා. ගැටලුවක් ඇතුලෙන් නොවිසදෙනකොටනේ පිටට යන්නනේ.
පරගැති භාවයෙන් මිදෙන්න තම බැරි එක ගැන නම් ගොඩක් කණගාටුවෙනවා. අනේ මන්ද රට පාලනය කරනවා කියන්නේ එක එකාට අවශ්‍ය ආකාරයට පාලනය කරන එකද කියලා හන්නේ දන්නේ නැති නිසා.
අපිත් පොඩි කාලෙ කාලෙ කවුරුහරි ටොක්කක් ඇන්නොත් අඩාගෙන දූවල ගිහින් ලොකු සර්ට කියනවා නෙ
මේ කට්ටිය යවන්න ඕන නැහැ .. බිමනේ ඉන්නේ....
ඡන්දයකට යන්නේ නැතුව ජාත්‍යන්තරේ පස්සේ යනවා . රටට හෙන හත වැදුණත් කමක් නැහැ බලය හම්බවෙනවානම්. රට පාලනය කලේ ජාත්‍යන්තරේට ඕන විදියට බව දැන් පැහැදිලියි
තානාපතිවරුනි, මෙරට යායුතු අත නැතිනම් පැවතිය යුතු ක්‍රමය තීරණය කරන්නේ රටේ ජනතාව මිස විවිධ දේශපාලන අදහස් ඇතිව මෙරටට පැමිණි ඔබලා නොවෙයි. ඔබලා මෙහි පැමිණියේ ඔබ රට හා අපරට අතර රාජ්‍ය සම්බන්ධතා තියාගැනීමට මිස අපේ රට පාලනය කරන හැටි කියාදීමට නොවේ. 2015 දී අලුත් බාසෙකුට මේ රට බාර දුන්නේ මේ රට හොඳට හදන්නයි. නමුත් කලේ අවුරුදු 4ටම කිසිම හැදිල්ලක් නොකර පරණ බාස් බැන්ද ගල්ටිකත් ගලවා විකිණීමයි. එසේනම් කවුරුත් කරන්නේ බාස් සමග මොන ගිවිසුම් තිබුනත් ඌ එලවා දැමීමයි. බාසා උසාවි ගියාදෙන්...