බිමල් ශ්‍යාමන් ජයසිංහ
උයන ලද ඌරු මස් ව්‍යාංජනය ප්‍රමාණවත් නොමැති යැයි උරණව නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී නිවස්නය තුළ දී එය බාරව සිටි පොලිස් පරීක්ෂකවරයාට ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකවරයකු පහරදුන් බව මුලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
පොලිස් මුලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය බාර නියෝජ්‍ය පොලිස්පති මෙවන් ද සිල්වා මහතාගේ නියමයෙන් සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් නුවරඑළිය බලා පිටත්ව ගොස් සිදුකළ විමර්ශන වලදී ඒ බව හෙළි වී ඇත.
වලදී පහර කෑමට ලක්වූ පොලිස් පරීක්ෂක දයානන්ද අලහප්පෙරුම මහතාගෙන් මෙන්ම, අරක්කැමියාගේ එහි වේටර්වරයාගෙන් මෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිවස්නය බාර සහකාර පොලිස් අධිකාරවරයාගෙන් ද ප්‍රකාශ ලබා ගත් බව විශේෂ විමර්ශන ඒකකය බාර නියෝජ්‍ය පොලිස්පති මෙවන් ද සිල්වා මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ හැම උසස් නිල දරන හැම කෙනාම තම තමන්ගේ වටිනාකම දන්නේ නැහැ. මොකද මේ බඩගෝස්තරය නිසා. හැමතැනම අපරදයක් සිදුවුනොත් වෙන්නේ මේ ගිජු උදරය නිසා. කවදාවත් අහලලා නැහැ පලා මිටියකට රණ්ඩු වෙනවා මහා තැන ඉඳලා පොඩි තැනට යනකම් සේරම එකයි. මෙවැනි අය කොහොමද ජනතාවට හරිමග පෙන්වන්නේ. ජනතාවට මේ අයට කියලා සාධාරණයක් ඉටුකර ගන්න මස් රාත්තලක්, අරක්කු බෝතලයක් දෙන්නම ඕන. හොඳ මිනිස්සුත් ඉන්නවා. ඒ කට්ටියව පාලුවට ගිය ප්‍රදේශ වලට මාරු කරනවා. රටේ ජනතාවට කවදාවත් සතුටින් ජිවත් වෙන්න බැහැ. මේ අය පැරදුනත් එකයි. දිනුවත් එකයි.
ලැජ්ජ නැද්ද ඒ මිනිහට? මම හිතන්නේ මිට කලින් කාලා පුරුද්දක් නැ
මාංශ භංශකයෙක් වූ මෙමා හට... ඌරු මාංශ මදි බව පෙනුණු නිසාවට... පැන්නා නේද මල් පොකුරම නහුතෙටම.. නෙළුවා නේද අඩි හත අටක් අනිකාට...
මේ .. උෟරු මස්ද? හොර උෟරු මස්ද?
උෟරු මස් ග්‍රෑම් 500 තම සහෝදර නිලධාරියෙකුට පහරදෙන්න තරම් පහත් මිනිහෙක්...
පෙරේතකම
මොහුව ගෙදර යවමු
ජීවිතේ පලමු සැරේට ඌරු මස් කාපු කෙනෙක්.
පහරකෑ නිලධාරියා අත වරදක් තිබෙන්නටම බැරිද?
කවුද දන්නේ , මෙයාගේ බිරිඳ සහ දරුවන් ඔක්කොටම වගකියලද කියලා. මේවා අහන කොටත් ලැජ්ජයි..මෙයාගේ ගෙදර වැඩට කවුරුහරි ඉන්නවානම් එයාට දෙවියන්ගේම පිහිටයි.!
සමහරුන්ගේ ජන්ම ගති, උණ පුරුකේ දමාවත් හොඳ අතට හැරවිය නොහැකිය.
මේවගේ ප්‍රේතයන් අප සමාජයේ බහුලය
උරා කියන්නේ බුද්ධිමත් සත්වයෙක්. ඌ මරාගෙන කන කෙනා තිරිසනෙක් , තිරිසනුන්ගෙන් මීට වැඩිය දෙයක් බලපොරෝත්තු වෙන්න පුලුවන්ද ?
පොලිස් රාළහාමිලා මසට තියෙන්නේ පුදුම කෑදරකමක්.
පොලිස් කොත්තු, පොලිස් ප්ලේන් ටී අස්සේ පොලිස් උෟරෙක් !
ඌරු ජුවල් ගියා වෙන්න ඇති. අනෙක උෟරුමස්වලට ජලභීතිකාව ඇවිස්සෙනවා.
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ කියලා කතාවක් තියනවනේ...
මේ වගේ මස් පෙරේතයෝ...
ඕක සිම්පල් කේස් එකක්....මිනිස්සු අරන් ගිහින් මරලා පුච්චන රට.. ඕක මහින්ද ලොක්කගේ කුමන්ත්‍රණයක්...
මේ ගහපු නිලධාරියාත් තනි උෟරෙක්ම තමයි.
මස් නිසා අර ව්‍යාපාරිකයන් දෙන්නෙකුත් පරලොව යැව්වේ ළඟදී...
මේවගේ අවස්ථා වලදී උසස් නිලධාරිකම් අමතක කරලා අායේ දත්වලින් බත්කන්න බැරිවෙන්න සලකන්න ඕනෑ. මේ වගේ අධමයෝ හැදෙන්නේ එතකොටයි. රටේ හැම ආයතනයකම මේ වගේ සක්කිලි වැඩ කරන උසස් නිලධාරීන්ට පහළ නිලධාරී ඒ වෙලේම දතකට හැලෙන්න සලකනවා නම් මාස 3ක් ඇතුළත හැමෝම හැදෙයි. මේවාට උසාවි ගියා කියලා මුකුත් වෙන්නේ නැති කාලයක් මේ...
යුනිෆෝර්ම් ඇන්ද උෟරන්ට උෟරු මස් කමින් සැපගන්න අපේ බදුමුදලින් සර්කිට් බැන්ගලෝ අපි නඩත්තු කරමු.
නුවරඑලිය පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය තමයි ඉතාම අසාධාරණ ලෙස බොරු නඩු වලින් අහිංසක මිනිසුන්ගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉඩම් බලපත් මත ලබාදෙන ඉඩම් සැලසුම් සහගත ලෙස කොළඹ සිටින පුද්ගලයන් වෙනුවෙන් මුදලට මංකොල්ල කන්නේ බොරු අපරාද නඩු දාලා.
මෙයා මස් අරන් තියෙන්නේ මස් කඩේ මුදලාලිව බය කරලා කියලයි ආරංචිය.
හොඳ වෙලාවට මේකේ සේවයට යොදවලා සිටියේ පොලිසියේම මනුෂ්‍යයෙක්, වැරදිලාවත් සිවිල් මනුශ්‍යයෙක් මේකේ වැඩ කලානම්, ඔහුට මස් නොදුන්න රත්ගම ව්‍යාපාරිකයන්ට අත්වුණ ඉරණම අත්වෙන්න තිබුනා