(තිලකරත්න දිසානායක,හේමලතා ඩි හේවගේ සහ චාන්දනී දිනායක)
2024 උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවියත් ගණිත අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාර නායක විද්‍යාලයේ රන්සර කුමාරගේ සිසුවා සමත් වූහ.
රාගම , බටුවත්ත ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති සෙනලි සිසුවිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 164 ලබා ගනිමින් රත්නාවලී බාලිකාවට ඇතුලත්ව ඇත.
අ.පො.ස (උසස් පෙළ ) විභාගයේ ගණිත අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථමයා වීමට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ලෙසදු රන්සර කුමාරගේ සිසුවා සමත්ව ඇත.
රන්සර කුමාරගේ සිසුවා වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා 5 වසර සමත්ව බණ්ඩාරනායක විද්‍යාලයට ඇතුලත්ව මෙම ජයග්‍රහණය හිමිකරගෙන ඇත.
මෙවර පැවැති අපොස උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට සඳලංකා මධ්‍ය විද්‍යාලයේ නෙත්ම නවෝද්‍යා මාරසිංහ සිසුවිය සමත් වූවාය.
පන්නල ජාතික පාසලෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඒ සාමාර්ථ 09 ක් ලබා ගනිමින් එම විභාගය විශිෂ්ට ලෙස සමත් වී ජෛව පද්ධති තාක්ෂණවේදය හැදෑරීම සඳහා සඳලංකා මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වී ඇත.
පන්නල ගලයාය ප්‍රදේශයේ පදිංචි සරත් මාරසිංහ හා හෙන්ඩියගල රතන ජෝති මහා විද්‍යාලයේ ආචාර්යවරියක් වන පී ශාමා මල්කාන්ති මහත්මියගේ එකම දියණිය වන නෙත්මිට එක් සොහොයුරෙකු සිටි. ඔහු පන්නල ජාතික පාසලේ 10 වන වසරෙහි අධ්‍යාපනය හදාරයි.
තම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ නෙත්මි නවෝද්‍යා
මට ශිෂ්‍යත්ව විභාගය සමත් වෙන්න එක් ලකුණයි මදි වුණේ. අධ්‍යාපන කටයුතුවල වගේම විෂය බාහිර කටයුතුවලත් නිරත වුනා. විද්‍යාලයේ නෙටබෝල් කණ්ඩායම නියෝජනය කළා. කථික තරඟ වලට සහභාගි වුණා. ඒ මොන දේ කළත් අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ නමයක් අරගෙන විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබුවා. මම තාක්ෂණවේදයට හරි කැමතියි. ඒ නිසා එම විෂය ධාරාව හදාරන්න සඳලංකා මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වුණා. අද මට මේ ජයග්‍රහණය ලබා ගන්න පාසලෙන් විශාල සහයෝගයක් ලැබුණා. මම දිනපතා පාසල් ගියා. සියලුම වාර විභාග වලදී ලකුණු 80 ට වැඩියෙන් ගත්තා.
ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ පළමු තැන කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ හෑගොඩ ආරච්චිගේ සඳිති නිම්හාරා සිසුවිය විසින් හිමිකරගෙන තිබේ.
කුරුණෑගල මාවතගම ප්‍රදේශයේ පදිංචිකාරියක වන නිම්හාරා සහෝදර සහෝදරියන් තිදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමලාය.
විදුලිබල මංඩලයේ මහනුවර සංකීර්ණයේ විධායක ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කරන එච්.ඒ.එස්.ඒ. ප්‍රියංකර හා කුරුණෑගල ලක්දාස් ද මෙල් විද්‍යාලයේ ගුරුවරියක වන ගයානී දීපිකා ගුණතිලක සඳිතිගේ මව්පියන් වේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලක්ෂපාන මධ්‍ය විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හදාරා ඇති නිම්හාරා පහවසර ශිෂ්‍යත්වය විභාගයෙන් දිස්ත්‍රික් ප්‍රථමයා ලෙස සමත්ව කුරුණෑගල මලියදේව බාලිකාවට ඇතුළත්ව ඇත.
2024 උසස් පෙළ තාක්ෂණ වෙිදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථමයා බවට නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලයේ කාව්‍ය රවිහංස රොසයිරෝ (20) ශිෂ්‍යයා දිනාගත්තේය.
නාරම්මල මයුරපාද විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවදියේ දීප්තිමත් ශිෂ්‍යයකු ලෙස අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් උසස් පෙළ තාක්ෂණ වෙිදය විෂය ( 2024 ) ධාරාවට ඇතුළත් තාක්ෂණ වෙිදය , තොරතුරු තාක්ෂණය , ඉංජිනේරු තාක්ෂණ වෙිදය යන විෂයයන් තුනට " ඒ " සාමාර්ථ විශිෂ්ඨ ලෙස ලබා ගනිමින් දිස්ත්‍රික්කයෙන් හා සමස්ත දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය හිමි කර ගෙන තිබෙි.
කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයට ඇතුලත්ව ප්‍රාථමික අධ්‍යාපනයේ නිරත වූ කාව්‍ය පළමු ශ්‍රේණියේ සිට ශිෂ්‍යත්ව විභාගය දක්වාද ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්ව අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපන කටයුතු වල නිරතව සාමාන්‍ය පෙළ විභාගයෙන් " ඒ " සාමාර්ථ 09 ක් ලබා ගනිමින් ඉහළින් සමත්ව තාක්ෂණ වෙිදය හැදෑරීමට ඇති කැමැත්ත හා ඇල්ම නිසා ශාන්ත ආනා විදුහලින් එල්ල වූ විරෝධය හා මාපියන්ගේ අකමැත්තද සම සිතින් ඉවසමින් නාරම්මල මයුරපාද විද්‍යාලයට 2023 වසරේ තාක්ෂණ විෂය ධාරාව හැදෑරීමට ඇතුළත්ව තිබිණි.
වාණිජ අංශය දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ලබා ගැනීමට කොළඹ විශාඛා විද්‍යාලය අමාෂා දුලාරි පෙරේරා සමත් වූවාය.
තලවගුගොඩ විදුර කෝලේජ් මූලික අධ්‍යාපනය අමාෂා දුලරි සාමාන්‍ය පෙළ විශිෂ්ට සාමාර්ථ 9 ක් දිනා කොළඹ විශාඛා විද්‍යාලටය ඇතුළත් විය.
බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි අමාෂාගේ පියා ප්‍රසන්න කිත්සිරි පෙරේරා ඔහු ව්‍යාපාරිකයෙකි.
මව රසිකා වසන්ති පෙරේරා ගණකාධිකාරියරියකි.
රන්නාවලී බාලිකාවේ සෙනලි චමත්කා රණසිංහ
බණ්ඩාරනායක විදුහලේ ලෙසඳු රන්සර කුමාරගේ
ජෛන පද්ධති තාක්ෂණ වේදය ප්‍රථමයා සඳලංකාව මැදි විදුහලේ නෙතම නවෝද්‍යා
---------------------------------------------------
ජීව විද්‍යා අංශයෙන් ප්‍රථම ස්ථාන දිනාගත් කුරුණෑග මලියදේව විදුහලේ සඳිති නිම්හාරා
---------------------------------------------------------
වානිජ අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය දිනාගත් කොළඹ විශාඛා බාලිකා විද්‍යාලයේ අමාෂා දුලාරි පෙරේරා
තාක්ෂණ වෙිදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථමයා වූ නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලයේ කාව්‍ය රවිහංස රොසයිරෝ
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
උසස් පෙළ හපන්නු
LGP. JATHUNARACHCHI. Sunday, 27 April 2025 06:38 AM
ඔබ දෙදෙනාටම මගේ හෘදයාංගම සුභ පැතුම්. !!!
ගුණරත්න Sunday, 27 April 2025 07:00 AM
ඔබ සැමට සුබ අනාගතයක් වේවා දරුවනි!
Sarath Sunday, 27 April 2025 11:25 AM
නියමයි... ගම්පහින් ආපු එක ගැන ආඩම්බරයි.
fairoos Sunday, 27 April 2025 11:33 AM
සුබ පැතුම්...!