IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


උසස් පෙළ විභාගයට විශේෂ ආරක්ෂාවක්

(ඉන්දිකා රාමනායක)

අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ දිවයින පුරා මධ්‍යස්ථානවලට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.

විභාග දෙපාර්තමේන්තුවේ හා සම්බන්ධීකරණයෙන් මෙම ආරක්ෂාව ක්‍රියාත්මක කරන බවත්, කොළඹ පිහිටි මධ්‍යම එකතු කිරීමේ මධ්‍යස්ථාන වලට, සම්බන්ධීකරණ කාර්යාල වලට, ප්‍රාදේශිය  එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන වලට, උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ මධ්‍යස්ථාන වලට, හා රහස්‍ය ලේඛය ප්‍රවාහන කිරීමේදී  අවි  සහිත පොලිස් නිලධාරිගේ ආරක්ෂා ලබා දී ඇති බවද හෙතෙම කීය.

විභාග පැවැත්වෙන මධ්‍යස්ථාන අවට  ජංගම සංචාර, යතුරුපැදි සංචාර, රාත්‍රි ජංගම සංචාර යොදවා  අවශ්‍ය ආරක්ෂාව  තහවරු කිරීම සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

සෑම කොට්ඨාස බාර පොලිස් නිලධාරියකුටම, මුලස්ථාන  පොලිස් පරීක්ෂකවරුන්ට හා පොලිස් ස්ථානාධිපතිවරුන්ට, පොලිස්පතිවරයා විසින් මේ සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

සෑම කොට්ඨාස බාර නිලධාරියෙක්ම මේ ආරක්ෂක වැඩපිළිවෙල සම්බන්ධයෙන් අධීක්ෂණ සදහා සහකාර පොලිස් අධිකාරිවරයකු පත්කර ඇති බවත්  ප්‍රදේශයේ කලාප   අධ්‍යක්ෂවරයා සමග  සම්බන්ධීකරණය වෙමින්  අවශ්‍යතාව අනුව මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල  ක්‍රියාත්මක වන බවද වැඩිදුරත් කීය.



අදහස් (0)

උසස් පෙළ විභාගයට විශේෂ ආරක්ෂාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 877 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site