(රංජන් කස්තුරි)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ - 2018 විභාගයේ විභාග සහතික හෙට (1) සිට නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.
දේශීය හා විදේශීය උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඉදිරිපත් කිරීම සඳහා මෙවර විභාගයේ ප්‍රතිඵල අඩංගු සහතික පත්‍ර අද සිට ලබාගත හැකි බවද සනත් පූජිත මහතා කීය.
විභාග සහතික සාමාන්‍ය සේවය යටතේ හෝ එක්දින සේවය යටතේ ලබාගත හැකි බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවැසීය.
ඕනෑම වර්ෂයක විභාග ප්‍රතිඵල සහතිකයක් එක්දින සේවය යටතේ ලබාදීම සඳහා රුපියල් 600 මුදලක් අයකරන අතර එහි පිටපතක් ලබාදීම සඳහා තවත් රුපියල් 350ක අමතර මුදලක් ගෙවිය යුතුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මගේ 1986 සාමාන්‍ය පෙළ හා 1988 උසස්පෙළ ප්‍රතිඵල ඇතුළත් සහතික ලබාගත හැක්කේ කොහොමද කියලා දන්නා කෙනෙක් කියනවද?