තරිඳු ජයවර්ධන
සෑම වසරකම උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිශ්චිත දිනයකදී නිකුත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය 2017 වසරේ දී උපදෙස් දී තිබුණත් මෙවර උසස් පෙළ ප්‍රතිඵල එම දිනයේදී ලබා දීමට නොහැකි වී ඇතැයි විභාග දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි.
උසස් පෙල ප්‍රතිඵල දෙසැම්බර් 28 වැනි දාත්, සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මාර්තු 28 වැනි දාත්, ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඔක්තෝබර 05 වැනි දාත් ලබා දෙන ලෙස මීට පෙර අධ්‍යාපන අමාත්‍යංශය උපදෙස් ලබා දී තිබිණි.
මේ නිසා අද මධ්‍යම රාත්‍රී උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වනු ඇතැයි පසුගිය අගෝස්තු මාසයේ උසස් පෙළ විභාගයට මුහුණ දුන් අපේක්ෂකයෝ බලාපොරොත්තුවෙන් සිටියහ.
කෙසේ වෙතත් අද මධ්‍යම රාත්‍රී (28 අලුයම) උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ලංකාදීපයට පැවසීය.
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට තවත් දින දෙකතුනක් යනු ඇතැයි ද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියන්ගේ නාමයෙන් අර විභාගේ කරපු ළමයින්ගේ නෑදැයෝ ටික ගේ නොඉවසිල්ල දුරු කරන්න ඕක අදම දෙන්න.
කවද්ද විභාගේ ලිව්වේ මාස 4ක් බලාගෙන උන්නා. ඒකත් එන දවසක් නෑ. පුදුම අධ්‍යාපන ක්‍රමයක් ලංකාවේ තියෙන්නේ.
ඕක එවන්න ඉක්මනට, තවත් බලාගෙන ඉන්න බෑ දෙයියනේ.
අැති යන්තං තව දවස් දෙක තුනක් ගෙදරින් කන්න පුළුවං...
මොකද්ද මේ කරන්නේ. ළමයින්ව සෙල්ලමකට අරන්ද තියෙන්නෙ. මේ සම්බන්ධයෙන් ගන්න පුලවන් නීතිමය ක්‍රියාමාර්ග ගන්ඩ ඕනේ
මෙතරම් දයුණු තාක්ෂණ ක්‍රම තිබියදී ලංකාව දවසින් දවස පස්සටමයි යන්නේ ප්‍රතිපල නිකුත්කරන්න මාස හතරකට වැඩිකාලයක් ,විශ්ව විදියාලයට ඇතුලත් කරන්න වසරක කාලයක්. පළමු වසර දෙකතුල සතපහකට වැඩක් නැති බොහොමයක් විෂය පඨමාලා නිකන්ම ළමයින්ගේ කාලය කනවා.
අපි පිච්චි පිච්චි ඉන්නේ ප්‍රතිඵල ඉක්මනට එවන්නකො.
අනේ මොනවා කරනවද දන්නේ නෑ... මාස 4ක් ගිහිල්ලත් මේක එවන්න බැරිනම් කොමසාරිස්තුමනි ඔය පුටුව ළමයෙකුට දෙන්න.....
කොමසාරිස් ඔබට ජය වේවා!!!!!!!!!!!!!!!!
අනේ ඕක එවන්නකෝ බලන් ඉදලා ඉලන් ඉදලා ඇති වෙලා තියෙන්නේ.... ගෙදරට කෝල් එකක් එන හැම වෙලාවෙම බය වෙනවා....
ඔන්න ලංකාවේ තත්ත්වය. උසස් පල ළමයි ටිකගේ විභාගේ ප්‍රතිඵල දෙන්න මාස තුනකටවත් බෑ. තමන්ගේ පඩිය හරියටම වෙලාවට ගන්න, ඕටි ෆෝම්, ක්ලෙම් ෆෝම් වෙලාවට දාල දිනේටම සල්ලි ගන්න රාජ්‍ය සේවකයෝ තමන්ගේ රාජකාරිය විතරක් හරියට කරන එක ප්‍රමාද කරනවා. ඔන්න ඇමතිතුමනි පහුගිය දවස් වල හැමෝම කිව්වනේ තමුන් හරියට රාජකාරිය හරියට කරනවා කියල. දැන් මේ ප්‍රමාදයට හේතුව හොයල වැරදි කරුවන්ට දඩුවම් කරන්න. නැත්නම් මේ රට හදන්න බෑ.
මේක ඇත්තමද? අනේ කියන්නකෝ...
ලංකාවේ එහෙම වෙන්නේ ඇයි?
ලංකාවේ මොකක්ද පරක්කු නොවුණේ?
දෙක තුනකින් එවන්න ඕනත් නැහැ ..
වෙලාවක් දීලා ඒකට ප්‍රතිඵල දාන්න බැරි අය... හැබැයි වෙලාවට පේපරේ නම් ගන්නවා...
අනේ මන්දා අපි ආසාවෙන් හිටියේ.. ප්‍රතිඵල ඇවිත් විශ්වවිද්‍යාලයට යන්න ලැබෙයි කියලා. දැන් ඒකත් හීනයක් වගේ...
විභාගය පවත්වන්ඩ නම් කෝමද සූදානමම...සිංහල පේපරේ වෙලාව වෙනස් කරලා අච්චාරුවක් කලා..ඇයි රටේ ළමයින් ව මෙහෙම පාගන්නේ.. ඔයාලා ඔය ඉදන් ඉන්න පුටු රටේ අනාගතයට දෙන්න ඇයි ඔච්චර කුහක...
මොන මගුලක්ද මේක? පේපර් මාකින් ඉවර වෙලා මාස 3ක් වෙනවා. පොල් ගානවද මෙච්චරකල්..? එක්කෝ එන දවසක්, වෙලාවක් හරියට කියපන් ඒකත් නැහැ. දවස් දෙක තුනක්ලු...
මේ රට නම් දියුණු වෙන එකක් නෑ...
විභාගය තිබ්බේ 2018 අගෝස්තු මාසයේදී, මාස 2 කට ආසන්න කාලයක් විභාග ප්‍රශ්න පත්‍ර පරීක්ෂණ කටයුතු සිද්ධ වුනා. ඉතිරි කාලය හරිහැටි ප්‍රයෝජනයට අරගෙන ප්‍රතිඵල නිකුත් කරන්න බැරි ඇයි? ගන්න වැටුප ගෙවන්නේ රටේ ජනතාවගේ බදුමුදල් වලින්... අඩුම තරමේ ප්‍රතිඵල ගින්නෙන් පිච්චෙන ළමයි ගැන හිතලාවත් නියමිත දිනයට ප්‍රතිඵල නිකුත් කරන්න. එහෙම නැත්නම් බොරු දිනවකවානු තීරණය නොකර ඉන්න.
ඇයි අපිට මෙහෙම කරන්නේ? එන්න එන්නම වයසට යනවා... අපි අපේ කාලේ අපතේ යනවා මේ කරන මෝඩ වැඩ වලින්... රටටයි පාඩුව අපෙන් ගන්න තියෙන ශ්‍රමය අපතේ යනවා. කල් නොයවා ටග්ගාලා රිසල්ට් දෙන්න.
ඕකට අපි නීතිමය පියවර ගන්න ඕන සහෝදරවරුනි !!!
ප්‍රතිඵල ඉක්මනට එවන්නකෝ?
බලාගෙන ඉඳලම රිසල්ට් එකත් එපාවෙලා තියෙන්නේ.. අප්පා. කිසිම වැඩකට නෑ මේ රජයේ වැඩ...
මොක්කුන්ද යකෝ මේ?
එවන්න දෙයියෝ... ඕක බලන් ඉඳලා රහත් වෙන්න වගේ...
සුපිරියි...
හරියටම එන දවසක් නැද්ද? ඇයි ස්ථිරවම කියන්න බැරි?
ඉක්මණට ප්‍රතිඵල එවන්න. බලන් ඉඳලා ඇති වෙලා දැන් හොඳටම... අපිට මොකක් හරි කරන්න ඉක්මනට ප්‍රතිඵල එවන්න...
කියන්න දෙයක් නෑ බං... දැං එයි... දැං එයි කියලා බයෙන් ඉන්නේ...
ඇයි මෙහෙම කරන්නේ අපිට?
දැන් දවස් 2ක් තිස්සේ නිදි මරාගෙන ඉන්නවා. අද නෙමෙයි හෙට කියනවා. මොකක්ද මේ විභාග දෙපාර්තමේන්තුවට වෙලා තියෙන්නේ?
අරයට යන්න කලින් අනුමත කරලා යන්න අමතක වෙලා.. ළමයි පොඩ්ඩක් ඉන්න එතුමා ලංකාවට සම්ප්‍රාප්ත වෙනකල්... දරුවන්ගේ ප්‍රතිඵල වගේද එතුමාගේ වසරාවසාන සංචාරය..
කවද්ද බන් එතකොට රිසාල්ට් එන්නේ කියහල්ලකෝ...?
නියමයි..නයනී
ඊයේ දවසෙම නින්දක් නැහැ. රිසල්ට් ඒවි කියලා බලන් හිටියේ... ඇයි මෙහෙම ළමයින්ට කරන්නේ? ඔයාලා ඔහොම කරන්නේ ඇයි? ළමයින්ගේ පැත්තෙන් මානුෂිකව හිතන්න.
දැන් කී දවසක් බලන් හිටියද? ඇයි ඕක දෙන්නේ නැත්තේ එළියට... නියමිත දිනයට නිකුත් කරන්න ඕනෑ නේද? සිසුන්ගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන්න එපා ඔහොම...
ඇයි ඔය විදිහට අපට ඉගෙන ගන්න තියෙන කාලය සමග සෙල්ලම් කරන්නේ? ළමයින්ගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන්න එපා..
මේක එවන්නේ නැද්ද අනේ? ඉක්මණට එවලා ඉවර කරන්නකෝ දෙයියනේ....
අකිල ඇමතිතුමනි, ඉලක්කයට වැඩ කරන්න බැරි හේතුව සොයා විභාග කොමසාරිස් ජනරාල් වැරදිනම් ඔහුට විරුද්ධව ක්‍රියා මාර්ග ගන්න. මේවගේ කිසි වගකීමක් ගන්නේ නැති අය නිසා තමයි අපේ රට හදන්න බැරි. ඔබතුමා යම්කිසි ක්‍රියා මාර්ගයක් ගත්තොත් තමයි මීළඟ විභාගවල ප්‍රතිඵල නියමිත දිනයට දෙන්නේ.. එහෙම නැතිවුනොත් එ්කත් ඉතින් නිකම්ම නිකන් දිනයක් විතරක් වේවි..!!!
ගියපාරට වඩා ඉක්මණට විභාගෙත් ඉවර වුණානේ.. මේ පාර... ප්‍රායෝගික පරීක්ෂණ පවා මාසෙකට කලින් ඉවර වුනා.. ඒත් ප්‍රතිඵල ඇයි ප්‍රමාද...?
මෙච්චර දියුණු තාක්ෂණයක් තියෙන කාලයක මෙහෙම දේවල් වෙන එක ලැජ්ජ වෙන්න ඕනි. ඇයි ළමයින්ගේ මානසික තත්වය සෙල්ලමකට ගන්නේ? විභාගය ලියපු දවසෙ ඉඳලා බලන් ඉන්නෙ රිසල්ට් එනකන්. ඊයෙ රෑ එයි කියලා බලන් හිටියා. මේක ළමයෙක්ගේ ජීවිතේ කඩයිමක්.. හැකි ඉක්මණින් ප්‍රතිඵල නිකුත් කරන්න උත්සාහ කරන්න. පේපර් මාර්කින් ඉවර වුනේ කොයි කාලෙද..? අනික නීතියක් ගෙනාවනේ මේ දවසට ප්‍රතිඵල දෙන්න ඕනි කියලා. එහෙම නොවෙනවා නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්න. විභාග කොමසාරිස් පුටුවේ වාඩි වුනේ වගකීමක් කියලා දැනගෙනනේ. ඒ වගකීම ගන්න තරම් කොන්දක් නැත්තන් ඕක අතඇරලා දානවා. ඇයි යකෝ !!!
ලංකාව ඉස්සරත් දියුණු වෙමින් පවතින රටක්, දැනටත් එහෙමයි, ඉස්සරහටත් එහෙම තමයි. මේකෙ දියුණුව අඩුවක් වුනොත් මිසක් වැඩියක් නම් වෙන්නේ නෑ.
ඇත්තටම ලංකාවේ ක්‍රියාත්මක වන අධ්‍යාපන ක්‍රමය නිසා විශ්ව විද්‍යාල අපේක්ෂාවෙන් සිටින ශිෂ්‍යයින්ට කණගාටුවට කරුණකි. කවදා මේවා විසඳෙන ගැටලුද?
කවදා රිසල්ට් එයිද?
රිසල්ට් එනවා කියලා මහලොකුවට දින නියම කරනවා. ඒත් දිනේට වෙලාවට වැඩ කරන්න කවුරුත් හොයා ගන්න නෑනේ...
31 හවස 5.00 වෙනකොට ජනාධිපති උතුමා මෙරටට සම්ප්‍රාප්ත වෙනවා. සවස 7.00 වෙනකොට ප්‍රතිඵල මුදාහරිනවා බලන්න බොරුද කියලා?
ලංකාවේ ආයතන වලට භෞතික සම්පත්, තාක්ෂණය උපරිම සපයලා තියෙනවා. ඒත් ඒවගෙන් උපරිමය ගන්නවද කියන එක ප්‍රශ්නයක්... ආයතනයකම පෝලිම්... නිලධාරීනුත් තාක්ෂණය දීලා තියෙන තාක්ෂණයෙන් උපරිම වැඩ ගන්නවද කියන එක ප්‍රශ්නයක්. තමන්ට නියමිත කාර්යය වගකීමක් සහිතව කරනවා නම් ප්‍රශ්නය ඉවරයි..
අනේ ඔව්, ඉක්මණටම එවන්නකෝ. අපි බයෙන් බලාගෙන ඉන්නේ..
29වත්... ඒ කියන්නේ අදවත් එවන්නකෝ?
මට නම් දැන් එපා වෙලා තියෙන්නේ බලන් ඉඳලම.. අර තිබ්බ නොඉවසිල්ලත් නැතිවෙලා ගිහින්. ඉක්මනට එව්වා නම් ඉවරයි නෙ.. එපා වෙනවා..