
(රංජන් කස්තුරි)
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් විෂයන් තුනම අසමත් සහ උසස් පෙළ විභාගයට පෙනී නොසිටි කිසිවෙකුට වෛද්‍යවරයකු ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියා පදිංචි විය නොහැකියැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.
ඒ අනුව උසස් පෙළ විභාගයේ නියමිත සුදුසුකම් නොමැති සිසුන්ට විදේශ වෛද්‍ය උපාධිය ලබා ගත්ත ද මෙරට වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී වෛද්‍යවරයෙකු ලෙස සේවය කිරීමට හැකියාවක් නැතැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය සම්මත කරගෙන තිබෙන නව නීතියට අනුව මෙරට වෛද්‍ය වරයකු ලෙස කටයුතු කිරීමට නම් අවම වශයෙන් අධ්‍යය පොදු සහතික පත්‍ර උසස් පෙළ විද්‍යා විෂයධාරාවෙන් සම්මාන සාමාර්ථ (c) දෙකක් සහ සාමාන්‍ය සාමාර්ථයක් (s) තිබිය යුතු ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගතමනාවක් දුන්නම ඕනෑම දෙයක් කරගන්ඩ පුලුවන්... රටේ සහතිකේ මහ කජ්ජක්ද?. හොර වෙද්දු, හොර පෙර්කදෝරුවෝ එහෙම අයත් ඉන්නේ?
හොර සහතික වලින් කවුරු හරි ඉන්නවා නම් ඒ සම්බන්ධව පැමැණිලි කරන්න හදිසියේ කෙනෙක්, දෙන්නෙක් ඉන්නවා වෙන්න පුළුවන්. ඒත් ඔය කියන තරම් හොරාට යන්නේ කොහොමද? දිස්ත්‍රික්කයෙන් එන සෑම ළමයෙක් ගැනම කැම්පස් එකේදී අනෙක් අය ගැන දන්නවා. ඒ වගේම විභාග ප්‍රතිඵලත් දන්නවා. අනෙක් අතට වෛද්‍යවරු වෛද්‍ය සභාවේදී ලියාපදිංචි වෙනවා. කවුරු හරි ගැන සැක නම් හැමෝටම චෝදනා කරන්න එපා. නීති ක්ෂේත්‍රයේ ඔවැනි දෙයක් සිදුවීම කිසිසේත්ම සිදුවිය හැකි දෙයක් නොවේ. මොකද හැමෝම එදිනෙදා ගැටෙනවා. ලියාපදිංචියක් තියෙනවා.. හොරට කෙනෙක් ගියා වුණත් දැනගත්තොත් ලියාපදිංචිය අවලංගු කරනවා.
ඒ කියන්නේ පිටරටක ඉපදිලා, පිටරටක විශ්ව විද්‍යාලයකට ගිහින් වෛද්‍යාචාර්ය, විශේෂඥ, මහාචාර්ය සේරම පාස්වුණත් ලංකාවේ බෙහෙත් කරන්න තරම් සුදුසුකමක් නැතිද?
තරග විභාගයක ප්‍රතිඵලයකින් දොස්තර වෙනවද? නැද්ද? කියලා තීරණය කරන්න ඕනේ කියන දොස්තර මාෆියාවක්... නිදහස් අධ්‍යාපන ක්‍රමය තුළ නිදහස නැති කිරීමක්..
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ...
ඒක හොඳයි. එතකොට සුදුස්සාට සුදුසු තැන ලැබෙනවා. සල්ලි තියෙන මිනිස්සු සල්ලි නිසා ගොඩ එනවා. දුප්පත්ව ඉඳලා තමන්ගේ මහන්සියෙන් ජීවිතය ගොඩනගාගෙන ආපු වෛද්‍යවරයාගේ කිසිම වටිනාකමක් නැතිව යනවා. මම නම් කැමතියි මේ තීරණයට...