
(සිතුම් චතුරංග)
වවුනියාව මහමයිලන්කුලම වැවේ දියනෑමට ගිය තරුණයකු ඉකුත් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි වවුනියාව පොලිසිය කියයි.
මිතුරන් පස්දෙනකු සමඟ දියනෑම සඳහා මයිලන්කුලම වැව වෙත ගොස් ඇත.
තරුණයන් පිරිසෙන් එක් අයකු වැවට බසින අවස්ථාවේ දියේ ගිලී අතුරුදහන්ව ඇති බව පොලිසිය සඳහන් කළේය.
එලෙස මියගොස් ඇත්තේවවුනියාව , කෝවිල් පුදුකුලම පදිංචි සිවලිංගම් ධනුෂියන් නැමති 19 හැවිරිදි තරුණයකු වේ.
පොලිසිය පැවසූයේ තරුණයා දියේ ගිලී සිටියදී ප්රදේශවාසීන් වවුනියාව රෝහල වෙත ඇතුලත් කොට ඇති අතර ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදෙ පාසල් සිසුන් ඇතුළු බොහෝ දෙනෙක් හරියට පීනන්න බැරිව දියේ ගිලිලා මැරිලා යනවා. පිහිනීම සහ ජීවිත ආරක්ෂාව විෂයක් හැටියට ළමයින්ට උගන්වන්න බැරිද?