(පාලිත ආරියවංශ)
ඌව පළාතේ උසස් තාක්ෂණ ඩිප්ලෝමාධාරීහු පිරිසක් අද(19) බදුල්ල ආණ්ඩුකාර කාර්යාල පරිශ්‍රයට ඇතුල්වී විරෝධතාවයක නිරතවෙමින් සිටිති.
ඌව පළාත් සභාව මගින් ඉංග්‍රීසි ගුරුපත්වීම් ලබාදීමේදි තමන්ට අසාධාරණයක් සිදුව ඇතැයි පවසමින් රැකියා ලබාදෙන ලෙසට බල කරමින් ඔවුහු විරෝධයේ යෙදී සිටිති.
ආණ්ඩුකාර කාර්යාලයට පොලිස් ආරක්ෂාව යොදවා තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පුදුම වැඩක්නේ. නොමිලයේ බාලාංශයේ ඉඳන් උගන්නලා ඊට පස්සේ ජොබ් එකකුත් හොයලා දෙන්න ඕනි. දුන්නේ නැතිනම් උද්ඝෝෂණයේ. මේ අයට නොමිලයේ දෙන අධ්‍යාපනයේ වටිනා කමක් නැති එක. උගන්නන්න මුල ඉඳන් මුදල් අය කළා නම් හරි. මොකද මේ අයට කිසිම වටිනාකමක් නැහැ නිකන් ඉගෙන ගන්න එකේ.
උපාධි, ඩිප්ලෝමාධාරින් ඔක්කොමලට රජයේ රැකියා. එතකොට පුද්ගලික අංශයේ රැකියාවලට ඉන්දියාවෙන් ගෙන්න ගන්න වේවි. පින් පඩි ගන්න අය බෝ කරන්න මොකටද රටේ මිනිසුන්ගේ බදු මුදල් වලින් මේ ළමයින්ට උගන්නන්නේ ? ඉස්සෙල්ලම උගන්නන්න ඕනේ රජය කියන්නේ රැකියා සිල්ලරට විකුණන කඩයක් නොවෙයි කියලා.