IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


උසස් අධ්‍යාපනයට බෙලරූස් සමග එකඟතාවකට

(රංජන් කස්තුරි)

මෙරට සිසුන්ට උසස් අධ්‍යාපන අවස්ථා ලබා ගැනීමේ අරමුණින් බෙලරූස් රාජ්‍ය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට අධ්‍යාප අමාත්‍යංශය එකඟවී ඇත.

මේ දිනවල බෙලරූස් රාජ්‍යයේ නිල සංචාරයක නිරතව සිටින අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එරට අධ්‍යාපන අමාත්‍ය ඇනඩ්‍රියි අයි.ඉවැන්ට්ස් මහතා සමඟ සාකච්ඡා කර තිබෙන අතර එරට උසස් අධ්‍යාපනය හදාරන ශ්‍රී ලංකික සිසුන්ගේ සුබසාධන කටයුතු පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.



අදහස් (8)

උසස් අධ්‍යාපනයට බෙලරූස් සමග එකඟතාවකට

chandima Monday, 17 October 2022 06:35 PM

මොනවා අත්සන් කළත් දොස්තරවරු, හෙද නිලධාරින් නැතුව... ඒ ගොල්ලන්ට රට ගිහින් ඉගෙන ගත්තොත් මෙහෙට අරහන්...

:       1       4

chandima Monday, 17 October 2022 06:37 PM

බෙලරුස් කියන්නේ අර යුක්රේනයට ගහන්න රුසියාවත් එක්කලා එකතු වෙන්න යන රට නේද? කවුද මේ දවස්වල එහෙට යන්නේ...?

:       8       13

surasena Tuesday, 18 October 2022 10:33 AM

එහෙට වෙලා යුද්ධ කරන්න හරි ඉගෙනගනිනේ.

:       0       1

Kumar (Gulf) Tuesday, 18 October 2022 12:42 AM

ඒකාධිපතියෙකු සහ දූෂිත ජුන්ටාවකින් පාලනය වන රටක් නිසා බටහිර රටවල් සියලු උපාධි ලෝකයේ කිසිදු වටිනාකමක් ලබා නොදේ.

:       1       0

Perera Tuesday, 18 October 2022 06:37 AM

එතකොට නොමිලේද අධ්‍යාපනය.? ලංකාවේ ඩොලර් නැහැනේ පිට රට අරින්න.

:       0       0

මහජනයා Tuesday, 18 October 2022 07:55 AM

ඉගෙනගන්න හරි මොන දෙයකට හරි මේ රටින් නික්මයන කෙනෙක් නැවත මෙරටට පැමිණීම ඉතා විරල වෙමින් පවතී. ඒ නිසා මෙය කිසිසේත් අප රටට වාසිදායක ගිවිසුමක් නොවේ. මේ තත්වයට රටවැසියන්ගේ මානසිකත්වය පත්කිරීමට සම්පුර්ණයෙන් වගකිව යුත්තේ දේශපාලන හා තීන්දු තීරණ ගන්නා බලධාරීනුයි. නමුත් සත්‍ය නම් කිසිදා ඔවුන් රටේ නීතිය හමුවේ වරද කරුවන් නොවනු ඇති.

:       0       2

ලුම්බිණි Tuesday, 18 October 2022 08:53 AM

කල යුත්තේ බෙලරුස් එක්ක ගිවිසුම් ගහන එක නොවෙයි. පිටරට ඉගෙන ගන්න යන ළමයින්ට මේ රටේදීම ඉගෙන ගන්න අවස්තා ලබා දීමයි.

:       0       3

chandima Tuesday, 18 October 2022 09:33 AM

බෙලරුස් යන්නේ ණය ඉල්ලන්න වෙන්න ඇති. ළඟදීම ඒ රටටත් ආර්ථික සම්බාධක දාපුවාම එව්වා ඉබේම බෝල් ණය වෙනවානේ.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site