
(යොහාන් භාසුර)
වර්තමානයෙ බොහෝමයක් උසස් අධ්‍යාපන පාඨමාලා ඉංග්‍රීසි භාෂාවට පමණක් සීමාවීම සහ විශේෂවේදී උපාධි සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ක්‍රියාත්මකවීම ශ්‍රී ලංකාවේ උරුමයට සහ රටේ අනන්‍යතාවය ආරක්ෂා කරන ජාතික භාෂාවට බරපතළ තර්ජනයක් බවත් උසස් අධ්‍යාපනය ඉංග්‍රීසියට පමණක් සීමා නොකළ යුතු බවත් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
ජාත්‍යන්තරයට පිවිසීමට ඉංග්‍රීසි භාෂාව අවශ්‍ය යැයි අනිවාර්යෙන්ම පිළිගැනීම වුවත් ඒ සෑම දෙයක් තුළින් අපේ භාෂාවට හානියක් නොවී අපගේ භාෂාව ජීව භාෂාවක් වශයෙන් රැකගත යුතු බව කී අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා එසේ නොමැතිව අපේ සිංහල සහ දෙමළ භාෂාවන් නොසලකා හැරලා වෙනත් ආදේශක භාෂා මතම පමණක් පිහිටා කටයුතු කිරීම තුළින් අපගේ භාෂාව පරිහානියට පත්වන බව ද සඳහන් කළේය.
අප්‍රිකාවේ ඇතැම් ප්‍රධාන භාෂාවන්ට අත්වූ ඉරණම සිංහල භාෂාවටත් අත්විඳින්න සිදුවනු ඇති බවත් ලෝකයේ බොහෝ රටවල් උසස් අධ්‍යාපනය ලබාදීමේදී තම රටේ භාෂාවේ අනන්‍යතාවයට ප්‍රමුඛතාව දෙමින් කටයුතු කරගෙන යන්නාක් මෙන් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය සකස් විය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
වාසුදේව නානායක්කාර මහතා ජාතික භාෂා අමාත්‍යවරයාව සිටි අවධියේ ඔහු ලද අත්දැකීම් සහ සිංහල භාෂාවේ ඇති වැදගත්කම මෙන්ම අනන්‍යතාවය පිළිබඳව ඒ මහතාගේ සංකල්පයක් මුල් කරගනිමින් ආචාර්ය ඊ.එම්. රත්නපාල මහතා රචනා කළ ‘සිංහල බස් විමසුම’ ග්‍රන්තය එළිදැක්වීමේ උත්සවයේදී ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසස් අද්‍යාපනයට අවශ්‍ය පතපොත සිංහල භාෂාවෙන් නැහැ. තිබෙන ප්‍රමාණය සීමා සහිතයි. එසේම සිංහල භාෂාවෙන් උසස් අධ්‍යාපනය කළොත් විශ්ව දැනුමක් ලබා ගන්න බැහැ. ක්වොන්ටම් භෞතික විද්‍යාව කරන්න සිංහල පොත් තිබෙනවද?
අපිට කිව්වට වැඩක් නැහැ. ඔයගොල්ලො ඔතන ඉන්නේ ඒවා එහෙම කරන්න තමයි...
ඒ කතාව නම් සත්‍යයක්... ඉංගිරිසි බසින් ඉගෙන ගන්න සියලුම දරුවන් තම මව් බස හොඳින් පවත්වාගෙන යා යුතුයි. බසත්, ජාතියත් ගසට පොත්ත වගේ. ජාතියක් නැතිවුණු කළ රටද විනාශ වී යාවි. බස රැකගැනීම, රට රැකගැනීම හා සමානයි...
උසස් අධ්‍යාපනයේදී පමණක් නොවෙයි ජනමාධ්‍යවලින් වලින් පවා සිදුවන්නේ සිංහල භාෂාවට හානියක් ඒ වගේම හඬ කවා විකාශය කරන විදෙස් ටෙලිනාට්‍ය නිසාද එවැනි දේවල් අනන්ත වෙනවා. අපි කුඩා කාලයේ අපේ ගුරුවරු නිතරම පුවත්පත් කියවා දැනුම වැඩිකර ගන්න කිව්වාට දැන් එහෙම කළොත් වෙන්නේ මහ විනාශයක්. උදාහරණයකට ගත්තොත් සිංහලයේ අඹ බයන්න කියලා අකුරක් තිබුණත් එය ඉංග්‍රීසියට ගන්න වෙන්නේ එම් අකුර යොදාගෙන. බලමු බෝඹුවල කියන ගමේ නම ලියනවිට සමහරක් ඈයෝ ලියන්නෙ බෝම්බුවල කියලා (බෝඹු කියන්නෙ ගස් වර්ගයක් වල කියන්නේ කැලයට තේරුමක් තියෙනවා. නමුත් බෝම්බුවල කියන්නේ තේරුමක් නැති දෙයක්) තව නමකුත් කියන්නම්කෝ පැරණි වාසගමක් තිබුණා සුවඳ ආරච්චි කියලා... රටගිය කාන්තාවක් ඒ රටේ මිනිස්සු කිව්වලු සුවඳආරච්චි කියලා උන්දැ කලේ මෙරටට ආපු ගමන් තමන්ගේ නම සුවන්ද ආරච්චි ලෙසට වෙනස් කළා. ඒ ගැන කිව්වාම උන්දැ කිව්වේ අනේ ඔයා දන්න සිංහල කියලා.. මෙහෙමයි සිංහල විනාශ වෙන්නේ. තවත් කිව්වොත් රුවන්පුර විද්‍යාපීඨය තියෙන්නේ වැල්ලදුර කියන ගමේ.. නමුත් ඒ අසලින් ඇති වතුපාරක නම තියෙන්නෙ වැල්ලන්දුර කියලයි ...
අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී. තව අවුරුදු 30-40කින් මළභාෂාවක් වෙන්න තියෙන එකක් මොන සක්කරයාටවත් බලෙන් ගොඩගන්න බෑ. සිංහලෙන් ඉගෙන ගත්තු අපේ උසස් අධ්‍යාපන ලාභීන්ට මොකුත් කියවලා තේරුම් ගන්න බැහැ. අලුතින් දෙයක් එකතු කරන්නත් බෑ...
මේ මනුස්සයා කියනනේ මොන තරම් තකතීරු අදහසක්ද? උසස් අධ්‍යාපනය යනු සිංහල ඉගෙන ගැනීමට නොව තමන් උගත් දේ වැඩි දියුණු කරගැනීමට අවශ්‍ය මාර්ගයක්, ඒ සඳහා ඉංග්‍රීසි යනු අත්‍යාවශ්‍ය දෙයක්. බොහෝ පොත් පත්, අන්තර්ජාල පරිශීලන සිංහලෙන් නොමැති බව මෙම බූරු දේශපාලයකට නොතෙරේද? තමන්ගේ පන්ති රැකගැනීමට අනිත් අය පහළින් තැබීමට කියන මෙවන් ප්‍රකාශ බුද්ධිමත් ජනතාව බැහැර කළ යුතුයි...
වැදගත් කතාවක් කියලා තියෙනවා. රිචඩ් පතිරණ ඇමතිගේ කාලේ ශිෂ්‍යත්ව විභාගයෙන් මව්බස අයින් කරපු එකේ විපාක තමයි අද විඳින්නේ...
සිංහල වලින් කරන්න පුළුවන් මොනවද? අඩුගානේ රස්සාවක්වත් ගන්න පුලුවන්ද?
උසස් අධ්‍යාපනය සිංහලට හරවන්න කලින් ඒ දැනුම පොතපත සිංහලට හරවන්න. උසස් ගණිතය, විද්‍යාව, තාක්ෂණය මේ සේරම තියෙන්නේ ඉංග්‍රීසියෙන්. ගොඩක් ළමයි පළවෙනි අවුරුද්ද බොහොම අමාරුවෙන් කර ගන්නේ. පස්සේ සිංහලෙන් තාක්ෂණික හා විෂය දැනුම හිතන්න බැරි ගාණටම වැඩ පුළුවන් වෙනවා. ඒක භාෂාවේ වැරැද්දක් නෙවෙයි. ඒ සම්බන්ධ තියෙන පතපොත දැනුම සේරම ඉංග්‍රීසි. ජපානය වගේ රටවල නම් එයාලාගේ භාෂාවෙන් වැඩ කරන්න පුළුවන් තත්වෙට ඇවිත් තියෙනවා... හැබැයි ඉංග්‍රීසී භාෂා දැනුමත් අනිවාර්යයි. එහෙම වෙලා තියෙන්නේ එයාලා දීර්ඝ කාලයක් අත්පත් කරගත් කාර්මික තාක්ෂණික පසුබිම හින්දා.. කාලෙකට කලින් අයි.ටී. කීවාම හපෝ ඉංග්‍රීසී කියලා බයවුණු කාලයක් තිබ්බා. දැන් සාමාන්‍ය පරිගණක දැනුමේ ඉඳන් ප්‍රෝග්‍රැමීන් යම්තාක් දුරකට සිංහලෙන්ම ඉගෙනගෙන දියුණු වෙන්න පුළුවන් තත්වෙකට ඇවිත් තියෙනවා. එහෙම වුනේ ඒ සම්බන්ධ තියෙන දැනුම ගොඩක් සිංහලට හැරවුණු නිසා...
ඔහුගේ දරුවන් හා මුනුපුරා අධ්‍යාපන, උසස් අධ්‍යාපන ලබන මාධ්‍ය සොයා බැලුවොත් ඔබට ඇත්ත තේරුම් ගන්න පුළුවන්. රට ගැන කතාකරන දේවල් පවුලට අදාල නෑ. මේ වගේ දෙබඩි සීයලා සමාජයට කරදරයක්...
හැම ශිෂයෙකුටම සිංහල හෝ දෙමළ භාෂාව අනිවාර්යෙන්ම ඉගෙන ගත යුතුයි කියලා කොන්දේසියක් දාන්න. අනිවාර්ය විෂයයක් කරන්න. උපාධිය සම්පූර්ණ කරන්න නම් සිංහල හෝ දෙමළ භාෂාවන්ගෙන් එකකට අනිවාර්ය ක්‍රෙඩිට් ප්‍රමාණයක් දක්වන්න. ඒතරම් අමාරු වැඩක් නෙවෙයිනේ...
මොකද බෑනලා, මුණුබුරාලාට ඉංග්‍රීසි බැරිද?
හැමදෙයක්ම වෙනස් කරලා.. ඒ වුණාට ලංකාව තියෙන්නේ ඇෆ්ඝනිස්ථානය ළඟට... මේ රට කෑවේ කෝට් කාරයින්...
භාෂාව ඉගෙනීම වෙනම කතාවක්. භාෂා මාධ්‍යයකින් ඉගෙන ගන්නවා කියන්නේ රටේ මව්බස වලපල්ලට යාමක් නොවෙයි. උසස් අධ්‍යාපනයේදී සිංහල භාෂාවෙන්ම ඉගෙන ගැනීමේ සීමාකම් තියෙනවා. ඒ නිසයි කවුරුත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් උසස් අධ්‍යාපනය ලබන්නේ. වරද ඇත්තේ ඉංග්‍රීසි බසේ නොවෙයි. ඉංග්‍රීසි සංස්කෘතියට ආවැඩීමයි. තමන්ගේ මව්බස අමතක කර ඉංග්‍රීසි භාෂාව සංස්කෘතියට ගරුකිරීමයි. බොහෝ සිංහල, දෙමළ වියතුන්ටද ඉතා හොඳින් ඉංග්‍රීසි බස දැනගැනීම අත්‍යාවශ්‍ය වන්නේද හෙළබස පිළිබඳ පරිපූර්න දැනුමක් ලබාගැනීම සදහායි.
කොමියුනිස්ට් වාදියකු වුණත් වාසුදේව මහතාට හොඳ අදහස් තියෙනවා. රට, දැය, සමය වෙනුවෙන් වචනයක් හෝ කතාකළාට ස්තුතියි...!
ඒකට වෙන්න ඇති පාසල්වල ඉංග්‍රීසි ඉගැන්වීම හරියටම නොකරන්නේ...! උසස් පෙළ පංති වලනම් ඉංග්‍රීසි උගන්නන්නේ නැහැ.. මම අත්දැකීම් නිසා කියන්නේ මගේ දරුවා ගියේ ජාතික පාසැලකට.. එයාගේ උසස් පෙළ පන්තියට කිසිම දිනක ඉංග්‍රීසි ගුරුභවතා පාසලේ සිටියත් එකම පීරියඩ් එකකවත් පැමිණ නැහැ..
සිංහල බස් විමසුම’ ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේදීද ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මේ ගැන මතක් වුණේ?
අමාත්‍යවරයාගේ අදහස ඉතා නිවැරදියි. ඉංග්‍රීසි යනු ජාත්‍යන්තර භාෂාවක් පමණි. අද චීනය, ජපානය වැනි රටවල් තමන්ගේ භාෂාවටයි මුල් තැන දෙන්නේ... මහාචාර්යවරුන් පවා ඉන්නවා ඒ රටවල ඉංග්‍රීසි නොදන්නා. අපේ සිංහල භාෂාව කතා කරන්නේ 0.02%ක් පමණ. අනිවාර්යයෙන්ම උසස් අධ්‍යයනය තුළින් අපේ භාෂාවට මුල් තැනක් දිය යුතුයි...
මුලින්ම ඉහළට ඉගෙන ගන්න අවශ්‍ය පොතපත ඉහළින් මුද්‍රණය කරලා ඉන්න..
සිංහල භාෂාවට ඔයතරම් කැක්කුමක් තියේනම් අපේ ජනමාධ්‍යවල සිංහල කන එක නතර කරන්න වැඩපිළිවෙලක් හදන්න බැරිද. හැමතැනම සිංහල වැරදියට භාවිත කරන්නේ. ඉංග්‍රීසියෙන් තමයි උසස් අධ්‍යාපනය සිදුවිය යුතු. එමගින් තමයි ජාත්‍යන්තරයට දොර විවරවෙන්නේ. ඉංග්‍රීසි භාෂාවට වහල් නොවී එය අපේ වහලෙකු කරගත යුතුයි. ඒ නිසා, නිවරදි සිංහල භාවිතය පිළිබඳ වැඩපිළිවෙලක් හදනව නම් ඒක සිංහල භාෂාවට ආදරය කරන හැමෝට ම වැදගත්.