
(සුජිත් හේවාජුලිගේ)
ලක්විජය බලාගාරයට ගෙන ආ ගල් අඟුරු තොගයේ තාප ශක්ති අගයේ අඩුවක් ඇති බව හඳුනාගැනීම හේතුවෙන් සැපයුම්කරැගෙන් දඩයක් අය කර ගැනීමට රජය තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෙෘඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරන්නේ ගල් අඟුරු තොගයට අදාලව ඉන්දියාවට යැවූ සාම්පලවල අවශ්‍ය කරන තාප ශක්ති අගයේ අඩුවක් ඇතැයි තහවුරු වූ බවයි.
ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කිසි ප්‍රශ්නයක් වී නැති බවත් පළමු මෙතෙක් ටොන් 60000 මෙරටට ගෙන්වූ පසු ගල් අඟුරු සමාගම ඉන්දියාවට යවා කළ සාම්පල පරික්ෂාවේදී එහි අවශ්‍ය කරන තාප ශක්ති අගයේ අඩුවක් හඳුනාගත් බවත් අමාත්‍යවරයා කීවේය.
එම නිසා සැපයුම්කරැගෙන් දඩ අය කරන බවත් දෙගුණයක දඩ නියම වන බවත් ඔහු කීවේය.
ලංකාවට ගොඩ බෑමට පස්සේ කරන සාම්පල් පරීක්ෂාවේදී ප්‍රමිතියක් නැත්නම් අනිවාර්යයෙන්ම අදාළ කොටසට දඩ ගෙවීමට සිදුවන බව ජයතිස්ස මහතා පැවසීය.
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වීමෙන් කෝටි දහසකට ආසන්න පාඩුවක් සිදුව ඇතැයි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩීවී චානක මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා අ නාවරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට විපක්ෂයේ උන්දැලා කියන්නෙ අමූලික බොරුද
සැපයුම්කරුගෙන් දඩ අය කරනවා නම්, හොඳයි. එහෙම වියයුතුයි. නමුත් මෙතැන මහා ලොකුවට පම්බෝරි ගහන චානකලා එදා චීන අසූචි පොහොරට නිකම් මහජන මුදල් නාස්තිකලා.
දැන් විපක්ෂෙට බනින ටික දවසකට කලින් ආණ්ඩුව මේ ප්‍රශ්නෙන් ගැලවිලා යන්න නොදී හිර කරලා වග උත්තරකරුවන්ගෙන් දඩ අය කරගන්න තත්වයට පෙළඹවූයේ විපක්ෂය කියලා මතක නෑ... කොටින්ම කිව්වොත් බලශක්ති ඇමැති ඔය වාර්තා ප්‍රතික්ෂේප කළා. එහෙම තියෙද්දීත් විපක්ෂේටම බනින්නේ අමු වහල්ලු...