( තිළිණි ද සිල්වා , රංජන් කටුගම්පොළ සහ තරිදු ජයවර්ධන)
මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය අවට ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙන අයුරු දක්නට ලැබේ.
ඒ අනුව කැරලි මර්දන ඒකකය , විශේෂ කාර්ය බළකාය ඇතුළු පොලිස් නිලධාරීන් 300 කට ආසන්න පිරිසක් ආරක්ෂාව සඳහා යොදවා තිබෙන අයුරු දක්නට ලැබේ.
මේ අතර උපරිමාධිකරණයට පිවිසෙන ප්‍රධාන දොරටු දෙකම ආරක්ෂක වැටවල් වලින් ආවරණය කර තිබේ.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී බවට ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම පිළිබඳ තීන්දුව අද (13) තව පැයකින් එනම් පස්වරු 4 ට ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.
අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නොවැම්බර් මස 09 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවන බවට නිකුත් කළ ගැසට් නිවේදනය මගින් සිය මූලික අයිතිවාසිකම් කඩ වූ බව පවසමින් එක්සත් ජාතික පක්ෂය , දෙමළ ජාතික සන්ධානය , ජනතා විමුක්ති පෙරමුණ,සමස්ත ලංකා මහජන කොංග්‍රසය , මනෝ ගනේෂන් , ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන රත්නජීවන් හූල් ඇතුළු පාර්ශව 13ක් නොවැම්බර් මස 12 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළේය.
ඡායාරූප - චතුර එස් කොඩිකාර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳයි. නුගත් පිරිසක් දේශපාලනය කරන රටක් නිසා හා ගොත්‍රික මිනිසුන් මන්ත්රීන්ද ශ්‍රී ලංකාව තුල සිටින බැවීන් කලහාකාරී ලෙස හැසිරිය හැකි බැවිනි .
දැන් පාර්ලිමේන්තුව විසුරුවම කාගේ මුලික අතිවාසිකමද නැති වෙන්නේ?